ICC පූර්ණ සාමාජිකත්වය නොලද රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධන වෙනුවෙන් සහය ලබා දීමේ වැඩපිලිවලේ තවත් එක් කොටසක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ජපාන ක්‍රිකට් ක්‍රීඩාවට ද සිය සහයෝගය ලබා දෙමින් පවතිනවා.
මෙහි එක් පියවරක් ලෙසයි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත EAP (නැගෙනිහිර ආසියානු පැසිෆික්) ක්‍රිකට් තරගාවලිය මෙන්ම, ආසියානු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද ඉලක්ක කර ගනිමින් ජපාන ක්‍රිකට් කණ්ඩායම පෙර සූදානම් වීමේ කඳවුරකට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව පැමිණුණේ.
ඊයේ (31) රාත්‍රියේ දී ජපාන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙහි දී ඔවුන් පුහුණු තරග හතකින් සමන්විත පුහුණු කඳවුරකට සම්බන්ධ වීමට නියමිතයි.
මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඔවුන්ට වයස අවුරුදු 19න් පහළ පලාත් කණ්ඩායම් හතරක්, ක්‍රිකට් පන්දු, තරග නිලධාරීන්, ලකුණු සටහන් කරුවන් මෙන්ම ක්‍රීඩාංගණ පහසුකම් ලබා දීමට නියමිතයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
පැවැත්වීමට නියමිත තරග හතෙන් පහක් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, ඉතිරි තරග ද්විත්වය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.
ජපාන ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජපාන ක්‍රිකට් සංගමය අතර ඇති කර ගෙන ඇති අවබෝධතා ගිවිසුම අනුව මෙම කටයුතු සිදු කෙරෙන අතර, මෙහි දී ශ්‍රී ලංකාවෙන් පුහුණු කාර්ය මණ්ඩල, නැගී එන කණ්ඩායම් මෙන්ම අවශ්‍ය තාක්ෂණික සහය ද ජපානයට ලබා දීම සිදු කෙරෙනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<