ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති පුහුණු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
එම තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගත් අර්ධ ශතක තුනට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තේ දිමුත් කරුණාරත්න හා ඉසුරු උදාන පමණි.
කොදෙව්වෝ එකට එක කරති
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගයානා හිදී පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය…
පී. සරා ඕවල් පිට්යේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ගියේ ඔවුන්ගේ ඉනිම ලකුණු 293කට සීමා කරමිනි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ක්වින්ටන් ඩී කොක් හා හෂීම් අම්ලා හට පළමු කඩුල්ල වෙනුවෙන් කිසිදු ලකුණක් වාර්තා කරන්නට නොහැකි වූයේ ඩී කොක් ලකුණු නොලබාම දැවී ගිය නිසාවෙනි. 4 පහර 3ක් සමඟ ලකුණු 16ක් ලබාගත් අම්ලා අසිත ප්‍රනාන්දු විසින් දවා ගන්නා ලදි.
එක් මොහොතක දී ලකුණු 32කට කඩුලු 3ක් දැවී ගොස් තිබූ දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැංවීමට දායක වූ නායක ෆෆ් ඩියු ප්ලේසී ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් වන ඩේවිඩ් මිලර් හා ජේ. පී ඩුමිනි හා එක්වෙමින් යම් ස්ථාවර ලකුණු පුවරුවක් දක්වා ඔවුන්ගේ ඉනිම ගොඩනංවන ලදි. 4 පහර 10ක් හා එක් 6 පහරක් ලකුණු සටහනට එක් කර ප්ලේසී ලකුණු 71ක් රැස්කර ගත්තේ පන්දු 60ක් පමණක් වැය කරමිනි. ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දිමුත් කරුණාරත්න වෙත උඩ පන්දුවක් ලබා දුන් ප්ලේසී ඔවුන්ගේ ඉනිමේ 5 වන කඩුල්ල වෙනුවෙන් දැවී ගියේය.
බැඳීම් අලුත් කරමින් ජය මාවත විවර කළ SSC මිතුදම
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ ඊයේ (20) දිනයේ දී දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු…
දකුණු අප්‍රිකානු පසුපෙළ සවිමත් කළ රීසා හෙන්ඩ්රික්ස් හා විලියම් මුල්ඩර් ඉතාමත් සාර්ථක ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් අවබෝධ කර ගනිමින් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාම අර්ධ ශතක කරා සිය ඉනිම් දියත් කරන ලදි.
හෙන්ඩ්රික්ස් හා මුල්ඩර් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව පිළිවෙළින් ලකුණු ලකුණු 59ක් සහ ලකුණු 56ක් ලබා ගත්තේ 4 පහර 8 බැගින් එල්ල කරමිනි. ඩේවිඩ් මිලර් ලකුණු 40යි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස් හා අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
ලකුණු 294ක ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයට ද සාර්ථක වීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුනි.
ශෙහාන් ජයසූරිය එක් ලකුණකට දැවී ගියත් නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ වමතින් පිතිකරණයේ නිරත වන දිමුත් කරුණාරත්න හා නායක ධනංජය ද සිල්වා ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට තරගය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් රැගෙන එන ලදි. ධනංජය ද සිල්වා ලකුණු 36කට හා කරුණාරත්න ලකුණු 50කට දැවී ගිය විගස තරගයේ වාසිය දකුණු අප්‍රිකානුවන් වෙතට හැරී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 140ක් වන විට දැවී ගොස් තිබිය දී ඉසුරු උදාන හා ප්‍රභාත් ජයසූරිය 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක අගනා සබඳතාවයක් ගොඩනැගුවේ කණ්ඩායමේ සිටි අනෙකුත් නිත්‍ය පිතිකරුවන් හට ආදර්ශයක් වෙමිනි.
එහි දී පන්දු 52ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 53ක් ලබාගත් උදානගේ ඉනිම 4 පහර 5කින් හා දැවැන්ත 6 පහර 3කින් අලංකාරවත් විය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 230ක් පමණි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි ලකුණු 36කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.
දකුණු අප්‍රිකාව – 293/10 (49.4): ෆෆ් ඩියු ප්ලේසී 71, රීසා හෙන්ඩ්රික්ස් 59, විලියම් මුල්ඩර් 56, ඩේවිඩ් මිලර් 40, ප්‍රභාත් ජයසූරිය 2/46,
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – 230/10 (44.1): ඉසුරු උදාන 53, දිමුත් කරුණාරත්න 50, ධනංජය ද සිල්වා 36, තබ්‍රයිස් ශම්සි 3/36.
- තරගයේ වීරයා – ෆෆ් ඩියු ප්ලේසී (දකුණු අප්‍රිකාව)
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය 29 වන ඉරිදා උදෑසන 10ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. එහි තොරතුරු ද දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















