ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය විසින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන IAAF මලල ක්‍රීඩා තරගාවලිය ලබන මස 4 වන දා සිට 13 වන දා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර, ඔලිම්පික් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වේ.
ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් වසර දෙකකට වරක් පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා ලොව පුරා සිටින අති දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වේ.
රිදී පදක්කමක් සමඟින් පැරා මලල ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට
එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා…
එංගලන්තයේ හා ඇමරිකාවේ ජීවත් වන මැරතන් ධාවන ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා හිරුනි විජේරත්න මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන සිටියි.
ප්‍රවීණ මලල ක්‍රීඩක කුරේ මෙවර සහභාගි වන්නේ සිය තෙවන මලල ක්‍රීඩා ශූරතා තරගාවලියටයි. එබැවින් ඔහු මෙම තරග ඉසව්ව සඳහා ඉතාමත් අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයෙකු ලෙස සැලකිය හැකි අතර, ඔලිම්පික් ක්‍රීඩා තරගාවලි දෙකක් සඳහා කුරේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

එම ක්‍රීඩකයින් දෙපලට අමතරව මෙවර තරගාවලිය නියෝජනය කරන අනෙකුත් ක්‍රීඩකයින් වන නිමාලි ලියනාරච්චි (කාන්තා මීටර 800) හා වරුණ ලක්ෂාන් (පිරිමි හෙල්ල විසිකිරීම) මෙම තරගාවලිය සඳහා සහභාගි වන්නේ පළමු වතාවටයි.
නිමාලි ලියනාරච්චි ශ්‍රී ලංකාව තුල මීටර 800 කාන්තා ඉසව්ව උද්වේගකර තැනකට ගෙන ආ ක්‍රීඩිකාවකි. පසුගිය වර පැවැත්වූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දශක දෙකක ඉපැරණි වාර්තාවක් බිඳ දැමීමට ඇය සමත් වූවාය. ඇය ගියවර පැවැත්වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කළ අතර, ඒ නිසාවෙන් ඇය මෙම ලෝක මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදි.

2013 වර්ෂයට පසුව ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාව මෙය වන අතර, 2003 වර්ෂයේ දී ප්‍රංසයේ පැවැත්වූ මෙම මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කරන ලදි. එහි දී සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා තනි ඉසව් නියෝජනය කළ අතර, සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර පිරිමි 4×400m ඉසව්ව නියෝජනය කරන ලදි.
මෙම තරගාවලි ඉතිහාසය තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් ද්විත්වයක් (රීදී හා ලෝකඩ) ජයග්‍රහණය කරගෙන ඇත්තේ සුසන්තිකා ජයසිංහ පමණි. ඇය පළමු වරට ශ්‍රී ලංකා ධජය ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය තුල ඉහළට යොමු කළේ 1997 වර්ෂයේ දී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී පැවැත්වූ තරගාවලියේ තුල දී ය. ඒ මීටර 200 කාන්තා ඉසව්ව තත්පර 22.39කින් අවසන් කරමින් දෙවන ස්ථානය ජයග්‍රහණය කරමිනි.
පසුව 2007 වර්ෂයේ දී ජපානයේ ඔසාකා නුවර දී පැවැත්වූ මෙවන් වූ මලල ක්‍රීඩා තරගාවලියක මීටර 200 ඉසව්ව තත්පර 22.63කින් නිමා කළ සුසන්තිකා ජයසිංහ එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සමත් විය.
මෙවන් විශිෂ්ට දස්කම් දැක්වූ සුසන්තිකා ජයසිංහ 2000 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවැත්වූ ඔලිම්පික් තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය තුල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි.
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට

























