10 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තෙවන දිනය (15) අවසානයේ ගුවන් හමුදාව හා නාවික හමුදාව පරාජය කරමින් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට යුධ හමුදාව සමත් විය.
සුගන්ධි නැවතත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි
10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ
නව තරගාවලි වාර්තා 15ක් බිහිවුණු මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සුපිරිතම සත්ප්‍රයාම ක්‍රීඩිකාව වන ලක්ෂිකා සුගන්දි ලකුණු 4911ක් වාර්තා කරමින් ඇයගේම සත්ප්‍රයාම ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් විය.

ශූරතාවලියේ දී ලබා දුන් පදක්කම් 137න් පදක්කම් 79ක් දිනා ගත් ඔවුන් රන් පදක්කම් 34ක් සමඟින් මුළු ශූරතා ලකුණු 437න් ලකුණු 275ක්ම දිනා ගැනීමට සමත් විය. පදක්කම් 41ක් සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙවන ස්ථානය දිනා ගත්තේ ශූරතා ලකුණු 105ක් සමඟිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවන ස්ථානය දිනා ගත්තේ පදක්කම් 17ක් හා ශූරතා ලකුණු 57ක් සමඟිනි.

ඊයේ (14) සත්ප්‍රයාම ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිට වූ ලක්ෂිකා සුගන්දි අද තවත් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 14.08කින් නිමා කරමින් ඇය මෙම දක්ෂතාවය දක්වන්නට සමත් විය.
මීටර 400 ඉසව්වේ ජාතික ශූරියක් වන ආර්. නදීෂා නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට අසමත් වුවත්, සිය දක්ෂ ක්‍රීඩා විලාශය දිගටම පවත්වා ගනිමින් කාන්තා මීටර 400 ඉසව්ව තත්පර 53.03කින් නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මේ වසරේ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව මිනිත්තුවකට අඩු කාලයකින් නිමා කළ පළමු ක්‍රීඩිකාව වෙමින් ජි. ඒ. එස් දුලානි තත්පර 59.83කින් නව තරගාවලි වාර්තාවක් බිහිකිරීමට සමත් විය.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තරගාවලියේ හොඳම දක්ෂතාව වාර්තා කරමින් සම්පත් රණසිංහ මීටර 78.11ක දුරක් වාර්තා කළේය. තුන් පිම්ම ඉසව්වේ ප්‍රවීණයෙකු වන සංජය ජයසිංහ නව තරගාවලි වාර්තාවක් පිහිටවූයේ මීටර 16.25ක දුරක් වාර්තා කරමිනි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජී. යූ. ජයවර්ධන පිරිමි කව පෙත්ත ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළේ මීටර 53.33 ක දුරක් වාර්තා කරමිනි.




>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















