එක්දින තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Sri Lanka A Tour of Australia 2025

34

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ජයග්‍රහණය කිරීමට අද (9) සත්කාරක ඔස්ට්‍රේලියානුවෝ සමත් වූවා.  

Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ තෙවැනි සහ අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 213ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. ඒ තරගය අවසන් වීමට තවත් පන්දු 105ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

අද තරගයේ දී ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම කිසිදු වෙනසක් නොමැති ව පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් වූ අතර ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදු කර තිබුණා. ඒ පෙර තරගයේ දී ක්‍රීඩා කළ Matthew Gilkes,  Sam Elliott සහ Billy Stanlake වෙනුවට මෙම තරගයේ දී Josh Philippe, Henry Thornton සහ මංගල පළමු පෙළ එක්දින වරම් දිනූ Zanden Jeh එක් කර තිබුණා.  

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම 

ලහිරු උදාර (නායක සහ කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, දුශාන් හේමන්ත, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුශාන් සහ මොහොමඩ් ශිරාස්. 

 

ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම 

Matt Renshaw (නායක), Nathan McSweeney, Campbell Kellaway, Jason Sangha, Ollie Peake, Liam Scott, Josh Philippe (කඩුලු රකින්නා), Henry Thornton, Zanden Jeh, Jack Nisbet සහ Bryce Jackson 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 8කට දැවී ගිය පසුව 3 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට කමිල් මිෂාර සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වුණා. ඔවුන් දෙදෙනා අතුරින් කමිල් මිෂාර පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

අනතුරු ව සිව් වැනි කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ එක් ව ලකුණු 49ක් කණ්ඩායමට එක් කළා. එවර දැවී යන්නේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා. 

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ සහන් ආරච්චිගේ. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා. ඊට අමතර ව පසු පෙළින් සොනාල් දිනූෂ පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද සහ ඉසිත විජේසුන්දර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Bryce Jackson, Jack Nisbet සහ Henry Thornton කඩුලු ද්විත්වය බැගින් ද සහ Zanden Jeh, Matt Renshaw සහ Nathan McSweeney කඩුල් බැගින් ද දවා ගත්තා 

පිළිතුරු ඉනිමේ දී පළමු කඩුල්ල ලකුණු 17ක දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 96ක සබඳතාවක් එක් කිරීමට Campbell Kellaway සහ Jason Sangha සමත් වුණා. ඒ අතුරින් Campbell Kellaway පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ලබා ගෙන සිටිය දීදැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා 

අනතුරු ව කඩුල්ලේ දී ද ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට Jason Sangha සහ Matt Renshaw  සමත් වුණා. ඔවුන්ගේ සබඳතාව බිඳී යන්නේ Matt Renshaw දැවීයෑමත් සමඟයි. ඔහු දැවීයන විට පන්දු 36කට මුහුණදෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා සිටියා 

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Jason Sangha පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවීලකුණු 79ක් ලබා සිටියා 

කඩුලු දවා ගැනීමේ  දී සොනාල් දිනූෂ, ඉසිත විජේසුන්දර සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමසියලුම දෙනා දැවී 213 (50.0) කමිල් මිෂාර 27, නුවනිඳු ප්‍රනාන්දු 40, සහන් ආරච්චිගේ 47, සොනාල් දිනූෂ 36, ඉසිත විජේසුන්දර 23, Jack Nisbet 2/26, Bryce Jackson 2/25, Henry Thornton 2/37
  • ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 215 (32.3) Campbell Kellaway 56, Jason Sangha 79, Matt Renshaw 62, 

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක්.  

දෙරට අතර පැවැත්වෙන් තරග 2කින් යුත් සිව් දින නිල නොලත් ටෙස්ට් තරගාවලිය මේ මස 13 වැනිදා Darwin හී දී ආරම්භ වීමට නියමිතයි 

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<