ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයත් අද Darwin හී Marrara Oval ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වූවා.
ඒ අනුව තරග 2කින් යුත් සිව් දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 0-0ක් ලෙසින් විසඳුමකින් තොරව අවසන් වූවා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 485ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටවූ අතර ඊට පිළිතුරු ලෙසින් තරගය තේ විවේකයෙන් දී තරගය සම්පූර්ණයෙන් ම නතර කරන විට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 558ක් ලබා සිටියා.
තරගය අද (23) ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 3ක් දැවී ලකුණු 379ක් ලබා සිටියදීයි. ඒ වන විට Jason Sangha පන්දු 206කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 121ක් ද සහ Oliver Peake නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.
දිනයේ පළමු කඩුල්ල දැවී යන විට ඔවුන් දෙදෙනා එක් ව ලකුණු 161ක් ලබා ගෙන තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 331ක දී ලකුණු 165ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Oliver Peake පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.
18 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරුවෙක් වන Oliver Peake ගේ තරග 2ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වෙන්නේ මෙම ඉනිමයි.
එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ඔස්ට්‍රේලියා ඉනිමට තවත් ලකුණු 18ක් වෙද්දී තරගය විසඳුමකින් තොරව අවසන් වෙනවා. ඒ වෙද්දී Jason Sangha පන්දු 379කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 202ක් ලබා සිටියා.
එය ඔහුගේ පළමු පෙළ තරග 47ක හොඳම ඉනිමයි.
- ඔස්ට්‍රේලියා A කණ්ඩායම 379/3
- නුවනිඳුගෙන් නැවතත් ශතකයක්
- SSC කණ්ඩායම Tier B ශූරතාව දිනා ගනී
- නුවනිඳුගෙන් ශතකයක් – තරගයේ විසඳුමක් නෑ
- ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්
ඔහුට අමතර ව තරගය නතර කරන විට Liam Scott පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.
ඔස්ට්‍රේලියා ඉනිම පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 9 දෙනෙක් ම යොදා ගත්ත ද ඒ අතුරින් අද දවසේ දී සාර්ථක වූ එක ම පන්දු යවන්නා වූයේ නිශාන් පීරිස් පමණයි. ඒ අනුවට ඔහු තරගය අවසන් වන විට ලකුණු 144කට කඩුලු 2ක් ලබා සිටියා.
ඊට අමතර නුවනිඳු ප්‍රනාන්දු සහ අසංක මනෝජ් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– කඩුලු 6ක් දැවී 485 (157.0) කමිල් මිෂාර 81, නුවනිඳු ප්‍රනාන්දු 102, පවන් රත්නායක 122, සොනාල් දිනූෂ 88, සොහාන් ද ලිවේරා නොදැවී 50, Zanden Jeh 3/132
- ඔස්ට්‍රේලියාA ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 558 (161.0) Jake Weatherald 183, Kurtis Patterson 59, Jason Sangha නොදැවී 202, Oliver Peake 92, නිශාන් පීරිස් 2/144
තරගයේ විසඳුමක් නෑ.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ උණුසුම් තරග තොරතුරු මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















