සාග් තරඟාවලියේ පස්වන දිනය අදයි. අද දිනය නිමා වන විට සුපුරැදු දෙවන ස්ථානයේම ශ්රී ලංකාව පසු වන අතර සමස්ත පදක්කම් 133ක් ලබා සිටි. ඒ් රන් පදක්කම් 24ක් රිදි පදක්කම් 46ක් සහ ලෝකඩ පදක්කම් 46 ලෙසයි.
දකුණු අාසියානු තරඟාවලියේ සියලුම තොරතුරැ සඳහා පිවිසෙන්න
පිහිනුම් අංශය
පිහිනුම් අංශයෙන් වැඩි පදක්කම් ප්රමාණයක් දිනා ගැනීමට සමත් වු අතර මැතිව් අබේසිංහ දවසේ ක්රීඩකයා වෙමින් රන් පදක්කම් 07ක් ලබා, ශ්රී ලාංකික පිහිනුම් ශුරයෙකු වු ජුලියන් බෝලින් විසින් තබනු ලැබු වාර්තාව බිඳ හෙලමින් දකුණු අාසියානු වාර්තා පොත් අලුත් කරන ලදි. එහිදි මිටර 100 නිදහස් ආර තරඟය සදහා සහභාගි වු මැතිව් අබේසිංහ තත්පර 51.23කින් තරඟය නිම කරමින් රන් පදක්කම දිනාගන්නට සමත් විය. එම ඉසව්වේම රිදි පදක්කමත් තත්පර 52.11කින් තරඟය නිමකළ චිරන්ත සිල්වා ට හිම් විය.

කාන්තා මිටර 100 නිදහස් ආර තරඟය සඳහා සහභාගි වු කිමිකෝ රහිම් එම ඉසව්ව තත්පර 57.20කින් නිම කරමින් එහි රන් පදක්කම දිනාගන්නට සමත් විය. තවද එම ඉසව්වේ රිදි පදක්කම ද ශ්රී ලංකාවට හිමිවිය. ඒ් තත්පර 59.64කින් තරඟය නිමකළ මිචිකෝ රහිම්ට ය.
තවද ඒකල පිරිමි මිටර 200 ඉසව්ව සදහා ද සහභාගි වූ මැතිව් අබේසිංහ විනාඩි 02 තත්පර 09කින් තරඟය නිම කරමින් එහි ද රන් පදක්කමත් තමන් සතු කරගන්නට සමත් විය. ඒකල කාන්තා මිටර 200 තරඟය නියොජනය කළ උත්මා සිල්වා විනාඩි 02 තත්පර 40කින් තරඟය නිම කර ලෝකඩ පදක්කම සදහා හිමිකම් කියන ලදි.
එසේම මිටර 100×4 කාන්තා ඉසව්ව නියෝජනය කළ කිමිකෝ රහිම්, හසන්ති නුගවෙල, හිරුණි පෙරේරා සහ මිචිකෝ රහිම් එම ඉසව්ව විනාඩි 4 තත්පර 27කින් නිම කරමින් එහි රන් පදක්කම දිනාගන්නට සමත් විය. 100×4 පිරිමි ඉසව්ව නියෝජනය කළ මැතිව්ස් අබේසිංහ, කිරන් ජයසිංහ, චිරන්ත සිල්වා හා කෙයිල් අබේසිංහ එම ඉසව්වේ රිදි පදක්කමකට හිමිකම් කීමට සමත් විය.
සිව්වන දිනය නිමා වන විට රන් පදක්කම් 17ක් – #SAG2016 සිව්වැනි දිනය

4×400m නිදහස් ආර කණ්ඩායම් පිහිනුම් තරඟයේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම රිදි පදක්කම් දිනාගන්නට සමත් විනි. කාන්තා කණ්ඩායම නියෝජනය කළ මිචිකෝ රහිම්, හිමානි විතානගේ, උත්මා සිල්වා හා ඉශානි එරන්දිකා විනාඩි 09 තත්පර 26කින් ද, පිරිමි කණ්ඩායම නියෝජනය කළ කෙයිල් අබේසිංහ, ශේහාන් ද සිල්වා ,චිරන්ත ද සිල්වා හා මැතිව්ස් අබේසිංහ විනාඩි 07 තත්පර 58 කින් ද තරඟය නිම කරන ලදි.
ජවන හා පිටිය තරඟ

එච්.අයි. සදරුවන් රිටි පැනීමේ ඉසව්වෙ රන් පදක්කමක් දිනාගත්තේ මිටර 4.90 ක දක්ෂතාවයක් පෙන්වමිනි.
එසේම කාන්තා උස පැනිමේ ඉසව්ව සඳහා සහභාගි වු ඒ.ටි. විනෝදනි මිටර 1.75ක දක්ෂතාවයක් පෙන්වමින් රිදි පදක්කමකද, දුර පැනිමේ ඉසව්ව නියෝජනය කළ අමල් ජයසිංහ මිටර 7.46ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම ද හිමිකර ගැනීමට සමත් විය. හෙල්ල විසිකිරිම අංශෙයන් ද ලංකාවට රිදි පදක්කමක් ලැබුනු අතර ඒ් එම ඉසව්ව නියොජනය කළ එස්.ජේ. රණසිංහ මිටර 80.25 දක්ෂතාවයක් පෙන්වමිනි.

ඉලක්කයකට වෙඩි තැබිම
මිලිමිටර් 10 වායු රයිෆල් ඉලක්කයකට වෙඩි තැබිමේ ඉසව්ව නියෝජනය කළ පි.වාසුදාවන් ලකුණු 409.00 ලබාගනිමින් එම ඉසව්වේ රිදි පදක්කම දිනාගනු ලැබිය.
ටෙනිස් තරඟ
පිරිමි යුගල මේස පන්දු තරඟ ඉසව්ව නියෝජනය කළ හර්ෂණ ගොඩමාන්න සහ ශමිල් දිසානායක ලෝකඩ පදක්කම් දිනාගන්නට සමත් විය. එහි රන් හා රිදි පදක්කම් ඉන්දියානු කණ්ඩායම විසින් දිනාගනු ලැබිය.
වොලිබෝල් තරඟ
වොලිබෝල් තරඟ ඉසව්වේ රිදි පදක්කම් දිනාගැනීමට ශ්රී ලංකා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සමත් විනි. පිරිමි සහ කාන්තා වොලිබෝල් තරඟ ද්විත්වයම තරඟ වට 3-0ක් ලෙස ජයගත් ඉන්දියාවට එහි රන් පදක්කම හිමි විය.
ස්කොෂ් තරඟ
කණ්ඩායම් පිරිමි ස්කොෂ් තරඟ ඉසව්වේ ගිහාන් සුවාරිස්, රවිදු ලක්සිරි, ඩිල්ෂාන් සංදීප, ෂමිල් වකීල් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වු අතර රන් පදක්කම ඉන්දියාවට හිමි විය.

සියලු ඡායරැප Organising Committee – XII South Asian Games 2016 ෆේස් බුක් ගිනුමෙනි






















