දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

589

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයේ දී ද පහසු ජයග්‍රහණයක් ලැබූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවති තරග 3කින් සමන්විත තරගාවලිය ද 3-0ක් ලෙසින් ජය ගැනීමට සමත් වූහ.

චමරි අතපත්තුගේ ඉනිම අපතේ යයි

චමරි අතපත්තු සිය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ද එහි අවසානයක් …

සෙන්වේස් පාක් හිදී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 139ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදි සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 141ක් ලබා ගනිමින් තරගය කඩුලු 6කි ජයග්‍රහණය කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූයේ අනුශ්කා සංජීවනී ය. ඇය පන්දු 65කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා ය. ඊට අමතරව හර්ෂිතා මාදවී පන්දු 30කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා ය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල ලෙසින් නායිකා චමරි අතපත්තු පළමු පන්දු වාරයේ දී ම කිසිදු ලකුණක් නොලබා දැවී යෑම මහත් අවාසනාවන්ත තත්ත්වයක් විය. ඇය අනුව යමින් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ කිසිවෙක්ට ද ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.

පිතිකාරිනියන් ලෙසින් නම් කෙරුණු ප්‍රසාදිනී වීරක්කොඩි (8), ශෂිකලා සිරිවර්ධන (5) සහ නිලක්ෂි ද සිල්වා (9) අසාර්ථක වෙද්දී හසිනි පෙරේරා (15) සහ ඕෂදී රණසිංහ (12) යම් තරමකින් ජාමය බේරා ගත්හ. නවක ක්‍රීඩිකාවක ලෙසින් කණ්ඩායමට එක් වූ කවීෂා දිල්හාරි පන්දු 30කට මුහුණ දෙමින් කිසිදු සීමා නොමැතිව නොදැවී ලකුණු 16ක් ලබා ගත්තා ය.

කුසල් පෙරේරාගේ අධිෂ්ඨානය ලොවක් මවිත කරවයි!

සුපිරි වීරයෙකු වන්නට දිගු සාළුවක් සහ කලිසමට උඩින් ඇඳ ගැනීමට ….

පිටියට පිවිසි අනෙක් පිතිකාරිනියන් වූ තාරිකා සෙව්වන්ද (1) සහ ඉනෝකා රණවීර (1) ද දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් හමුවේ අසරණ වූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමට ලැබුණ අතිරේක ලකුණු 22ක් ද සමඟින් මේ තරමින් ලකුණු පුවරුව තරමක් සශ්‍රීක විය.

පන්දු යැවීමේ දී නායිකා සුනේ ලූස් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළාය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා ඉලක්කය තවත් පන්දු 70ක් ඉතිරිව තිබිය දී සහ කඩුලු 6ක් ඉතිරිව තිබිය දී සපුරා ගත්හ. එම ඉනිමේ වෙනුවෙන් මිග්නෝන් ඩු ප්‍රීස් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා ය. ඇය තරගයේ වැදගත්ම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණි.

ඇයට අමතරව ලාරා ගූඩාල් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ද සහ නදින් ඩි ක්ලාක් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා ය.

75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව …

මිග්නෝන් සහ ලාරා අතර 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 58කි.

කඩුලු ලබා ගැනීමේ දී ඉනෝකා රණවීර ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් දකුණු අප්‍රිකානු ඉනිමට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කළාය.

කොළඹ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමෙන් පන්නරය ලැබූ වමතින් වේගපන්දු යවන 18 හැවිරිදි තාරිකා සෙව්වන්දි මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමි කර ගත්තා ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 139 (44.2) අනුශ්කා සංජීවනී 28, හර්ෂිතා මාදවී 22, නදින් ඩි ක්ලාක් 2/30, සුනේ ලූස් 4/30

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 4ක් දැවී 141 (38.2) ලාරා ගූඩාල් 25, මිග්නෝන් ඩු ප්‍රීස් නොදැවී 61, නිදින් ද ක්ලාක් නොදැවී 20, ඉනෝකා රණවීර 3/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<