ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ලබා ගනිමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අද (01) සමත් වුණා.
මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් පූර්ව වටයේ ප්‍රතිවාදීන් වූයේ කඳාන ද මැසිනෝද් විද්‍යාලයයි. ඔවුන්ට එරෙහි ව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව උදාකර ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙසින් ද මැසිනෝද් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 141ක් පමණයි.
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මෙවන් දිසානායක (නායක), මාරියෝ ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ටෙහාන් බීටර්, සිතුම් හසරංග, විහඟ රත්නායක, රෙයාන් ශෙහාර, මානික්‍ය දේශප්‍රිය, ලිතික පසඳුල්, අයේෂ් ගජනායක, යොහාන් එදිරිසිංහ සහ නඳුන් ප්‍රනාන්දු.
ද මැසිනෝද් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සවිනු චංතුල (නායක), ශරිත් සුදීන, උශාන් ආදිත්‍ය, චාමික ප්‍රනාන්දු, ෂැනෝන් සිල්වා, බිනාල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කවීන් නෙත්මිණ, සිනෙත් ඉඳුවර, සඳරු සිල්වා, බිපුන් අල්විස් සහ සනිඳු නිමල්ෂ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 34කට දැවී යනවා. එම අවස්ථාවේ දී විහඟ රත්නායක සහ ලිතික පසඳුල් (17) එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගනවා.
විහඟ රත්නායක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 73කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කරනවා.
ඔහුට අමතර ව යොහාන් එදිරිසිංහ පන්දු 23කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද සහ අයේෂ් ගජනායක පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී නායක සවිනු චංතුල ලකුණු 47කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙනවා. ඊට අමතර ව සනිඳු නිමල්ෂ කඩුලු 2ක් ද, බිපුන් අල්විස් සහ ශරිත් සුදීන කඩුල්ල බැගින් දවා ගන්නවා.
- රිච්මන්ඩ්වරුන් අවසන් මහා තරගයට
- යොවුන් පිටිය ගිනියම් කළ දක්ෂතා
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- කොළඹ රාජකීයයන් හමුවේ පොළොන්නරුව පසු බසී
- රාජකීය සහ සාන්ත සෙබස්තියන් සම ශූරයන් වේ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ද මැසිනෝද් විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන්ගේ පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 105ක්. එහි දී ශරිත් සුදීන පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ද සහ උශාන් ආදිත්‍ය පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ද ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනාගේ සාර්ථකත්වය පමණයි, ද මැසිනෝද් විද්‍යාලයීය ඉනිමට ලැබුණේ. පිටියට පිවිසි අනෙක් පිතිකරුවන්ට ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ පීඩනයට දරා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන් අතුරින් පිතිකරුවෝ 5 දෙනෙක් ම ලකුණු නොලබා දැවී ගිය අතර තවත් දෙදෙනෙක් ලකුණු 5ට අඩුවෙන් දැවී යනවා. පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ සවිනු චංතුල ලකුණු 12ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ලිතික පසඳුල් ලකුණු 48කට කඩුලු 4ක් ද සහ මෙවන් දිසානායක ලකුණු 23කට කඩුලු 3ක් ද දවා ගන්නා ලද අතර ඊට අමතර ව මානික්‍ය දේශප්‍රිය සහ විහඟ රත්නායක කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 161 (37.0) විහඟ රත්නායක 46, අයේශ් ගජනායක නොදැවී 25, යොහාන් එදිරිසිංහ 27, සවිනු චංතුල 6/47, සනිඳු නිමල්ෂ 2/34
- ද මැසිනෝද් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 141 (46.1) ශරිත් සුදීන 58, උශාන් ආදිත්‍ය 39, මෙවන් දිසානායක 3/23, ලිතික පසඳුල් 4/48
සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 20ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















