සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 19න් පහළ Tier B ශූරයන් වෙයි

SLSCA U19 Division I Tier A Tournament 2025

131
SLSCA U19 Division i Tier B Tournament 2025

කොළඹ, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර පැවැති අවසන් මහා තරගයේ දී ලකුණු 90ක ජයග්‍රහණයක් ලැබූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 2025 වසරේ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩයේ ශූරයන් බවට පත් වූවා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (05) මග්ගොන Surrey Village ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 256ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ආනා විද්‍යාලය සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

මෙවන් දිසානායක (නායක), මාරියෝ ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ටෙහාන් බීටර්, සිතුම් හසරංග, විහඟ රත්නායක,  රෙයාන් ශෙහාර, අයේශ් ගජනායක, යොහාන් එදිරිසිංහ, මානික්‍ය දේශප්‍රිය, නඳුන් ප්‍රනාන්දු සහ ලිතික පසඳුල්.

 

සාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

යශ්මිත් ජයසුන්දර (නායක), සනුක කෙම්සර, දිනුග අබේසේකර, බිනරු දෙනුවන්, කුශාන් සුබසිංහ (කඩුලු රකින්නා), ඉශාන් ඛාන්, සනුජ දිසානායක, ඉමන්ජිත් බතික, මනුජ විජේරත්න, ඉමාෂ සමරිවික්‍රම සහ නෙසාද් වීරසේකර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පිතිකරු ලැයිස්තුවේ අංක 9 ස්ථානයෙන් පිටියට පිවිසි මානික්‍ය දේශප්‍රිය. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු ටෙහාන් බීටර් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද, රෙයාන් ශෙහාර පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ද, අයේශ් ගජනායක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද සහ නඳුන් ප්‍රනාන්දු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සම හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඉශාන් ඛාන් ලකුණු 52කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මනුජ විජේරත්න කඩුලු 2ක් ද, ඉමාෂ සමරවික්‍රම, යශ්මිත් ජයසුන්දර සහ සනුජ දිසානායක කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුර ඉනිමට පිටියට පිවිසි සාන්ත ආනා විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉනිමේ 1 වැනි කඩුල්ල වෙනුවෙන් සනුක කෙම්සර සහ දිනුග අබේසේකර එක් ව ලකුණු 78ක් ලබා ගන්නේ තරගය වැඩි වාසි තමන් වෙත නතු කර ගනිමින්. එහි දී දිනුග අබේසේකර පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ද, සනුක කෙම්සර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගන්නවා.

ඊට අමතර ව යශ්මිත් ජයසුන්දර පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ද සහ අංක 3 පිතිකරු බිනුර දෙනුවන් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.

ආරම්භය සාර්ථක වූ සාන්ත ආනා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 14ක් තුළ දවා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී මානික්‍ය දේශප්‍රිය ලකුණු 31කට කඩුලු 3ක් ද, මෙවන් දිසානායක සහ යොහාන් එදිරිසිංහ කඩුලු ද්විත්වය බැගින් ද, විහඟ රත්නායක සහ ලිතික පසඳුල් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 256 (49.5) ටෙහාන් බීටර් 36, රෙයාන් ශෙහාර 34,අයේශ් ගජනායක 27, මානික්‍ය දේශප්‍රිය 50, නඳුන් ප්‍රනාන්දු 26, ඉෂාන් ඛාන් 3/52, මනුජ විජේරත්න 2/31
  • සාන්ත ආනා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 166 (42.4) සනුක කෙම්සර 27, දිනුග අබේසේකර 57, බිනර දෙනුවන් 25, යශ්මිත් ජයසුන්දර 30, මානාක්‍ය දේශප්‍රිය 3/31, මෙවන් දිසානායක 2/18, යොහාන් එදිරිසිංහ 2/30

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 90ක ජයක්.

මෙම තරගයේ උණුසුම් අවස්ථාවන් ThePapare.com, ThePapare 1 (Dialog TV චැනල් 62) සහ Dialog ViU app මඟින් නැරඹිය හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<