තෙවැනි කොටසේ ශූරතාව තිඹිරිගස්කටුවට

SLSCA U15 Division III Tournament 2025

52
SLSCA U15 Division III Tournament 2025

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ 3 වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වූවා.

කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී (12) පැවැති අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදීන් වූයේ ඉපලෝගම, ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලයයි. දෙවිදුහල් අතර පැවැති තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට මෙම ශූරතාව හිමි වූවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 44ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

මනුජ ජයසිංහ (නායක සහ කඩුලු රකින්නා), නෙතුල් යෙවින්ක, සධිල් සමරකෝන්, අනුහස් ආශින්ත, සයුල් සමරකෝන්, දිනිඳු සුරවීර, ඔෂද ගීතාංජන, නවීන් සුබසිංහ, සිහින හසරැල්, ඉඳුවර නෙත්මල් සහ හිමාෂ කවිංක,

තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම

 

කෙවින් ප්‍රනාන්දු (නායක), තමිඳු පෙරේරා, සංතුෂ ද සිල්වා, ශවික සොයිසා (කඩුලු රකින්නා), දිනෙත් වීරසිංහ, දුලෙක් ප්‍රනාන්දු, ඔනෙල් ෆ්‍රැන්සිස්, ටෙශාන් මනුජ, බිවන් ප්‍රනාන්දු, දිසඳ සෙජාන් සහ ටශේන් හිරන්‍ය.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු නෙතුල් යෙවිංක. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට හැකි වූයේ නැහැ. එහි දී බිවාන් ප්‍රනාන්දු ලකුණු 10කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව දිසඳ සේජාන් කඩුලු 2ක් ද, කෙවින් ප්‍රනාන්දු සහ ටශේන් හිරන්‍ය කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුර ඉනිමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 11ක් වෙද්දී දැවී යන අතර සිව් වැනි කඩුල්ල පිටියෙන් ඉවත් වෙන විට ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 35ක් ලෙසයි.

අනතුරු ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට නායක කෙවින් ප්‍රනාන්දු සහ දුලෙක් ප්‍රනාන්දු සමත් වෙනවා. එහි දී කෙවින් ප්‍රනාන්දු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ද සහ දුලෙක් ප්‍රනාන්දු පන්දු 33ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ලකුණු 10ක් තුළ තවත් කඩුලු 4ක් දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ඔෂද ගීතාංජන ලකුණු 6කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහුට අමතර ව දිනිඳු සුරවීර ද කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට අමතර ව අනුහස් අශින්ත, සයුල් සමරකෝන්, නෙතුල් යෙවිංක සහ හිමාශ කවිංක කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගංතිරියාගම මහින්ද මහා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 44 (31.0) නෙතුල් යෙවිංක 19, දිනිඳු සුරවීර 7, දිසඳ සෙජාන් 2/13, බිවන් ප්‍රනාන්දු 6/10
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 115 (46.1)ශවික සොයිසා 15, කෙවින් ප්‍රනාන්දු 36, දුලෙක් ප්‍රනාන්දු 33, ඔනෙල් ෆ්‍රැන්සිස් 14, දිනිඳු සුරවීර 3/33, ඔෂද ගීතාංජන 3/06

තරගයේ විසඳුමක් නෑ. (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.)

නිමා වූ මෙම තරගයේ උණුසුම් අවස්ථාවන් ThePapare.com, ThePapare 1 (Dialog TV චැනල් 62) සහ Dialog ViU app මඟින් නැරඹිය හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<