SSC සහ Malay අවසන් මහා තරගයට

SLC Tier B T 20 Tournament 2025

5
SLC Tier B T 20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (09) කොළඹ C0lts ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Ragama CC කණ්ඩායම පරාජය කළ Malay CC කණ්ඩායම ද සහ Army SC කණ්ඩායම පරාජය කළ SSC කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. මෙම කණ්ඩායම් ද්විත්වය ම මෙම තරගාවලියේ පළමු වටයේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් වීම විශේෂත්වයක්.

A කාණ්ඩය

තරගාවලියේ පළමු කාණ්ඩය අවසන් වීමත් සමඟින් සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය SSC කණ්ඩායම සතු වූවා. ඔවුන් එම තත්ත්වයට පත් වූයේ අපරාජිතවයි. ඔවුන් සහභාගී වූ තරග 5න් තරග 4ක් ජයග්‍රහණය කරන ලද අතර අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.

විසඳුමකින් තොරව අවසන්වූ එම තරගය වෙන්නේ අවසන් තරගයේ දී එකිනෙකා හමුවෙන SSC සහ Malay CC කණ්ඩායම් වීමත් විශේෂත්වයක්.

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් Malay CC කණ්ඩායම සතු වුණා. ඔවුන් ද තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් සේ අවසන් මහා තරගයට එක් වෙන අතර පළමු වටයේ දී තරග 3ක් ජයග්‍රහණය කරන ලද අතර SSC සහ Navy SC අතර තරග ද්විත්වය නොවිසඳුණ තරග සේ අවසන් වූවා.

ප්‍රසාද ලකුණු පුවරුව

  Team Mat Win Lost Tied NR PT NRR
1 SSC 5 4 0 0 1 9 3.533
2 Malay CC 5 3 0 0 2 8 0.926
3 Galle CC 5 1 2 0 2 4 -1.549
4 Navy SC 5 1 2 0 2 4 -1.691
5 Negombo CC 5 0 2 0 3 3 -1.007
6 Sebastianites C & AC 5 0 3 0 2 2 -1.004

B කාණ්ඩය

තරගාවලියේ පළමු වටය අවසන් වෙන්නේ Ragama CC කණ්ඩායමට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය හිමිකර ගනිමිනුයි. ඔවුන් සහභාගි තරග අතුරින් තරග 4ක් ජයග්‍රහණය කරන ලද අතර United Southern SC කණ්ඩායම හමුවේ පරාජය වෙමින් මෙම ස්ථානයට පත් වෙනවා.

එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය SL Army SC කණ්ඩායම සතු වෙන අතර ඔවුන් තරග ත්‍රිත්වයක් ජයග්‍රහණය කරන ලද අතර Ragama CC කණ්ඩායම සමඟ තරගය පරාජය වෙන අතර Leo CC සමඟ තරගය නොවිසඳුණ තරගයක් සේ අවසන් කරනවා.

  Team Mat Win Lost Tied NR PT NRR
1 Ragama CC 5 4 1 0 0 8 0.571
2 Army SC 5 3 1 0 1 7 1.960
3 Leo CC 5 2 1 0 2 6 0.612
4 United Southern SC 5 2 2 0 1 5 -0.389
5 Moratuwa SC 5 1 3 0 1 3 -0.285
6 Kandy Customs SC 5 0 4 0 1 1 -2.281

අර්ධ අවසන් පූර්ව වටය

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් SSC, Malay CC, Galle CC සහ Navy SC  කණ්ඩායම් සුදුසුකම් ලබා ගත් අතර B කාණ්ඩයෙන් Ragama CC, Army SC, Leo CC සහ United Southern SC කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නවා.

එම කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට එක් වෙන අතර එහි දී Galle CC සහ Army SC අතර තරගයේ දී Malay CC කණ්ඩායම ද, Leo CC සහ Malay CC අතර තරගයේ දී Malay CC කණ්ඩායම ද, United Southern SC සහ SSC අතර තරගයේ දී SSC කණ්ඩායම ද, Navy SC සහ Ragama CC අතර තරගයේ දී Ragama CC කණ්ඩායම ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ ආකාරයෙන් ගෙවී ගිය තරගාවලියේ අවසන් මහා තරගය සඳහා SSC කණ්ඩායම ද සහ Malay CC කණ්ඩායම ද සුදුසුකම් ලබා ගනිද්දී මේ අතුරින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වෙන අය අතුරින් අවිශ්ක ප්‍රනාන්දුට ප්‍රබල ස්ථානයක් හිමි වෙනවා. ඔහු මේ දක්වා නිමා වූ තරගාවලියේ දී තරග 5කට සහභාගී වෙමින් ශතකයක් සමඟින් ලකුණු 191ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසුවෙනවා. ඔහු ශතකය වාර්තා කරන්නේ Sebastianites C & AC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 38කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 118ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නැවතත් එම ලැයිස්තුවට එක් වෙන්නේ SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල. ඔහු තරග 6ක දී ලකුණු 154ක් ලබා ගන්නවා.

මෙම ලැයිස්තුවේ Malay CC කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ ඉහළ ම පිතිකරු බවට පත් වෙන්නේ බුද්ධික හසරංග. ඔහු තරග 5ක ඉනිම් 119ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

අවසන් මහා තරගය සඳහා එක් වෙන කණ්ඩායම් අතුරින් දක්ෂතා දැක් වූ පන්දු යවන්නන්ගෙන් ඉදිරියෙන් ම එක් වෙන පන්දු යවන්නා වෙන්නේ චමිඳු වික්‍රමසිංහ. ඔහු තරග 6ක කඩුලු 6ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත් වෙනවා.

එම ලැයිස්තුවේ SSC කණ්ඩායමේ පෙරමුණේ සිටින පන්දු යවන්නා වෙන්නේ මල්ශාන් ප්‍රනාන්දු. ඔහු තරග 5ක දී කඩුලු 6ක් දවා ගන්නවා. ඔහුට අමතර ව මෙම ලැයිස්තුව හා එක්වෙන අවසන් තරගයේ පන්දු යවන්නා වෙන්නේ SSC කණ්ඩායමේ කවිඳු නදීශාන්. ඔහු මෙම ලැයිස්තුවේ 13 වැනි ස්ථානය හිමිකර ගන්නේ කඩුලු 6ක් දවා ගනිමිනුයි.

Malay CC කණ්ඩායම

සුදාර දක්ශින (නායක), හිරන්ත ජයසිංහ, කාවින්ද ඊශ්වර, කෙවින් සැමුවෙල්, බුද්ධික හසරංග, පුලස්ති අතපත්තු (කඩුලු රකින්නා), වෝෂිත අමරසිංහ, ටෙරන් බාස්කරන්, තිමිර මල්ශාන්, චානක දේවින්ද, කවීෂ සත්සර, අවින්ත ද අල්විස් සහ බුද්ධික මදුශාන්.

SSC කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු (නායක), ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, චරිත් අසලංක, ප්‍රමෝද් මදුශාන්, දිනුර කළුපහන, නුවනිඳු ප්‍රනාන්දු, ගිශාන් බාලසූරිය, කවිඳු නදීශාන්, මල්ශාන් ප්‍රනාන්දු, අක්‍රම් ෆස්ලි, දසුන් ශානක, කවිෂ මෙන්ඩිස්, කෙනුල් ද සොයිසා, කුසල් මෙන්ඩිස්, නදිශ රාජකරුණා, ප්‍රමෝද් මදුශාන් සහ රනුදු සෝමරත්න. රුවිත් ජයසූරිය. සදීශ රාජපක්ෂ සහ ශෙහාන් හසරංග.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<