ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට SSC කණ්ඩායම සමත් වුණා.
SSC කණ්ඩායම සහ Moratuwa SC කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී SSC ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.
තරගාවලියේ අවසන් මහා තරගය සඳහා SSC කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නේ Negombo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 81ක ජයග්‍රහණයක් සහ Moratuwa SC ක්‍රීඩකයෝ සුදුසුකම් ලබා ගන්නේ Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 52ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
SSC
අවිශ්ක ප්‍රනාන්දු (නායක), ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, චරිත් අසලංක, දසුන් ශානක, දිනුර කළුපහන, චමිඳු වික්‍රමසිංහ, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත සහ සදීශ රාජපක්ෂ.
Moratuwa SC
සහන් කෞශල්‍ය (නායක), අමිත දාබරේ, අනුශ්ක පෙරේරා, අභිශේක් ලියනාරච්චි, පුබුදු බණ්ඩාර, දිනිත සිරිවර්ධන, උනෙත් පීරිස්, තිලිණ ඩිල්ශාන් (කඩුලු රකින්නා), දුමිඳු සෙව්මිණ, පූර්ණ ප්‍රභාත් සහ උශාන් සත්සර.
කාසියේ වාසිය දිනා ගත් SSC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Moratuwa SC ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 231ක් ලබා ගත්තා. එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වයේ දී ලකුණු 75ක් ලබා ගනිමින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්ත ද ඉන් අනතුරු ව ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 106ක් ලෙසයි.
Moratuwa SC කණ්ඩායම වැටී සිටි ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීමට 9 වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට දුමින්දු සෙව්මිණ සහ පූර්ණ ප්‍රභාත් සමත් වුණා. දුමිඳු සෙව්මිණ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගනිමින් සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.
අනතුරු ව පූර්ණ ප්‍රභාත්, උශාන් සත්සර හා එක් ව 10 වැනි කඩුල්ලට ලකුණු 59ක් එක් කිරීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් පන්දු 38ක් වැය කරන අතර ඒ අතුරින් උශාන් සත්සර මුහුණ දෙන්නේ පන්දු 10කට පමණක් වීම විශේෂත්වයක්.
පූර්ණ ප්‍රභාත් අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 92ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කසුන් රාජිත කඩුලු 2ක් ද, දසුන් ශානක, නිපුන් ධනංජය සහ චරිත් අසලංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- නිශාන්, අහන් සහ සීක්කුගේ ශතක වාර්තා කරයි
- නුවනිඳුගෙන් ශතකයක් – තරගයේ විසඳුමක් නෑ
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්‍රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
- Youth පිටියේ පෑයු තරු
- ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි SSC කණ්ඩායම ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ක්‍රිශාන් සංජුල ලකුණු 15කට ද සහ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 12කට ද දැවී ගියේ ලකුණු පුවරුව 37ක් ව පවතිද්දීයි.
නමුත් අනතුරු ව 3 වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට නායක අවිශ්ක ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය සමත් වෙනවා. ඒ අතුරින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.
අනතුරු ව සිව් වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට නිපුන් ධනංජය සහ චරිත් අසලංක සමත් වෙනවා. එහි දී චරිත් අසලංක පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
එතැන් සිට දසුන් ශානක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ දිනුර කළුපහන පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගන්නවා.
SSC ක්‍රීඩකයෝ පන්දු 56ක් ඉතිරි ව තිබිය දී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 236ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරද්දී නිපුන් ධනංජය පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ද සහ චමිඳු වික්‍රමසිංහ පන්දු 6කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දුමිඳු සෙව්මිණ සහ සහන් කෞශල්‍ය කඩුලු ද්විත්වය බැගින් ලබා ගත් අතර ඊට අමතර ව උනෙත් පීරිස් සහ උශාන් සත්සර කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Moratuwa SC – සියලුම දෙනා දැවී 231 (49.5) දුමිඳු සෙව්මිණ 35, පුර්ණ ප්‍රභාත් 92, කසුන් රාජිත 2/60, ප්‍රභාත් ජයසූරිය 4/15
- SSC – කඩුලු 6ක් දැවී 236 (40.4) අවිශ්ක ප්‍රනාන්දු 38, නිපුන් ධනංජය නොදැවී 73, චරිත් අසලංක 37, සහන් කෞශල්‍ය 2/42, දුමිඳු සෙව්මිණ 2/37
SSC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – නිපුන් ධනංජය (SSC)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (Moratuwa SC)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – හිරුන් සිගේරා (Leos CC)
- තරගාවලියේ වීරයා – ක්‍රිශා්න සංජුල (SSC)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<