දක්ෂයන් හොයන T20 තරගාවලිය 7 වැනිදා සිට

SLC T20 League 2025

217
SLC T20 League 2025

එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සහ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකයන් ලෙසින් චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා Team Greys, Team Greens සහ Team Blues නමින් යුත් කණ්ඩායම් ත්‍රිත්වයක් තරග වදින අතර එම තරග මේ මස 7 වැනිදා සිටි කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක් වෙන Team Greys කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක වෙත ද, Team Greens කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කමිඳු මෙන්ඩිස් වෙත ද සහ Team Blues කණ්ඩායමේ නායකත්වය යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ වෙත ද ප්‍රදානය කර තිබෙනවා.

තරගාවලියේ පළමු වටයේ දී එක් එක් කණ්ඩායම් සෑම කණ්ඩායමක් සමඟ ම තරග ද්විත්වය බැගින් ක්‍රීඩා කරන අතර එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ 2 වැනි ස්ථානවලට පත් වන කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. එම තරගය මේ මස 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Team Blues

 

දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිස්සංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ලිලාන් රංගන, මොහොමඩ් ශිරාස්, රවිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිශාන් මදුශ්ක සහ සෙනිත හැළඹගේ.

Team Greens

 

කමිඳු මෙන්ඩිස් (නායක), කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, සදීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චාමික කරුණාරත්න, දුශාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, කමිල් මිෂාර සහ ලහිරු මදුශංක.

Team Greys

 

චරිත අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, ඒශාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකේත්, මොවින් සුබසිංහ, මිලාන් රත්නායක, ලන් හංසක, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියෙල් සහ සිනෙත් ජයවර්ධන.

තරග කාල සටහන

  • අගෝස්තු 07 වැනිදා : Bluesසහ Greens අතර තරගය
  • අගෝස්තු 08 වැනිදා : Greys සහ Bluesඅතර තරගය
  • අගෝස්තු 10 වැනිදා : Greys සහ Greensඅතර තරගය
  • අගෝස්තු 11 වැනිදා : Greens සහ Bluesඅතර තරගය
  • අගෝස්තු 13 වැනිදා : BluesසහGreys අතර තරගය
  • අගෝස්තු 14 වැනිදා : Greens සහ Greysඅතර තරගය
  • අගෝස්තු 16 වැනිදා : අවසන් මහා තරගය

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<