පසුගිය 30 වැනිදා ගාල්ල, කොළඹ, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් ආරම්භ කරන ලද සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අද (2) දිනයේ දී සාර්ථකව නිමාවට පත්විය. එම තරග දෙකම නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරව වීම විශේෂත්වයක්.
තිරිමාන්න, දික්වැල්ල ශතක වාර්තා කරද්දී ගමගේ දක්ෂ පන්දු යැවීමක
අනාගතයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සවිමත් කරන දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ පෙරදැරිව…..
ගාල්ල හා කොළඹ
ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ තෙවැනි දිනය ඊයේ (01) ක්‍රියාත්මක වූ අතර එහි දී පිට දඟපන්දු යවන අකිල ධනංජය ලකුණු 61ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමේ පළමු ඉනිමේ ජය සුරක්ෂිත කළේය. අද දිනය සඳහා තරගය ආරම්භ වන විට ගාලු කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් පසුවිය.
හම්බන්තොට දී අවසන් වූ මෙම තරගයේ දී වාර්තා වූ අර්ධ ශතක අතරට තවත් අර්ධ ශතක දෙකක් එකතු කිරීමට සධීර සමරවික්‍රම හා ලහිරු මිලන්ත සමත් විය. මාධව වර්ණපුර හා ඕෂධ ප්‍රනාන්දු හට ගාලු දෙවන ඉනිම වෙනුවෙන් සාර්ථක වීමට අවස්ථාව උදානොවීය.
ආසියානු ක්‍රිකට් කුසලානයේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට?
2018 ආසියානු කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව, පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සිය භූමියට….
නමුත් පළමු ඉනිමේ දී සාර්ථක නොවූ මිලන්ත හා සධීර දෙවන ඉනිමේ දී සිය අඩුපාඩු මඟ හරවාගෙන ඉතාමත් ඉවසිලිමත්ව හා සැලකිලිමත්ව පන්දුවට පහර දුන්හ.
එහි දී කඩුලු රකින ක්‍රීඩක සධීර 4 පහර අටක් සමඟ ලකුණු 77කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවකටයි. ආරම්භක පිතිකරණ භූමිකාව මනාව ඉටු කළ මිලන්ත වර්ණවත් 4 පහර 7ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගනිමින් නොදැවී ලකුණු 74*ක් ලබා ගන්නා ලදි. තරගය ජය පරාජයෙන් තොරව නිමා වන විට මිලන්ත සමඟ අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ රොශේන් සිල්වා ලකුණු 3*යි.
පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 2ක් දවා ගන්නා ලදි.
දඹුල්ල හා මහනුවර
මෙම තරගයේ සිව්වැනි හා අවසන් දිනය ආරම්භ කරන විට දඹුලු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 163ක් ලබාගෙන තිබුණි. කෙසේ නමුත් කටුනායක දී ක්‍රියාත්මක වූ මෙම තරගය ද නිමා වූයේ ජය පැරදුමෙන් තොරවයි.
මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල ලබාගත් ශතකය මෙන්ම මහේල උඩවත්ත හා ප්‍රියමාල් පෙරේරා ලබාගත් අර්ධ ශතක දෙක නිසාවෙන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 364ක් ලබා ගන්නා ලදි. එයට පිළිතුරු ලෙස සිය දෙවන ඉනිම දියත් කළ දඹුලු කණ්ඩායම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන හා සචිත්‍ර සේනානායක අර්ධ ශතක අතරට පිවිසීමට වරම් දිනා ගත්තේය. ඒ අතරින් පළමු ඉනිමේ දී ද ශතකයක් ලබාගත් සචිත්‍ර 4 පහර 4ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 60කට දැවී ගිය අතර සිරිවර්ධන දැකුම්කළු 4 පහර හතක් සමඟ ලකුණු 71ක් ලබාගෙන සිටිය දී ශෙහාන් ජයසූරියගේ පන්දුවකට දැවී ගියේය. අවසානයේ දඹුලු දෙවන ඉනිම ලකුණු 256කට සීමා විය. පන්දු යැවීමේ දී කසුන් රාජිත හා ලහිරු කුමාර අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.
කුසල් රට පෙරට තබා IPL අතහරී
ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව පිළිනොගෙන…….
ලකුණු 273ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ මහේල උඩවත්ත (103*) ඔහු අතින් පළමු ඉනිම තුළ ගිලිහී ගිය ශතකය මෙහි දී වාර්තා කර ගන්නා ලදි. එම ඉනිම 4 පහර එකොළහකින් අලංකාරවත් විය.
චරිත් අසලංක ලකුණු 30කට දැවී ගිය පසුව පිටියට පිවිසි කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල ලකුණු 56*ක් ලබාගෙන ඔහුගේ නමට ඉදිරියෙන් තවත් අර්ධ ශතකයක් සටහන් කර ගන්නා ලදි. තරගයේ නියමිත කාලය නිමා වූ අතර ඒ නිසාවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. පන්දු යැවීමේ දී ඉශාන් ජයරත්න හා ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී යන ලදි.
මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක් ලබන 8 වැනිදා ආරම්භ වන අතර ගාලු කණ්ඩායම හා දඹුලු කණ්ඩායම අතර පැවැත්වෙන දිවා රාත්‍රී සිව්දින ක්‍රිකට් තරගය ThePapare.com වෙබ් අඩවිය හා MyTV හරහා සජීව ලෙස විකාශනය කරනු ඇත. එසේම තරගාවලියේ නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.