අනාගතයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සවිමත් කරන දක්ෂ ක්‍රීඩකයින් සොයා යාමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග ද්විත්වය අද (1) තෙවැනි දිනයටත් කටුනායක දී හා හම්බන්තොට දී ක්‍රියාත්මක විය.
රොෂේන් ද්විත්ව ශතකයකින් ගාල්ල හැඩකරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය (31) සඳහා අදත් කටුනායක හා හම්බන්තොට ක්‍රීඩාංගණවල තරග දෙකක් පැවැත්විය.
ගාල්ල හා කොළඹ
හම්බන්තොට දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට කොළඹ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 104ක් ලබා සිටියේය. ඊයේ (31) දිනයේ දී කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අසාර්ථක වුවද පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න හා ධනංජය ද සිල්වා ලකුණු 79ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී පන්දු 43ක දී ලකුණු 53ක් රැස්කරගත් අතර අද දිනය ආරම්භ වන විට කොළඹ කණ්ඩයම කඩුලු 2ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියේය.
වමතින් පිත්ත හසුරුවන ලහිරු තිරිමාන්න හා එක්වූ ධනංජය ද සිල්වා තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 92ක සබඳතාවයට තිත තබමින් දිනයේ පළමු කඩුල්ල ලෙස 4 පහර 13ක් සමඟින් ලකුණු 66ක් ලබාගෙන සිටි ධනංජය දැවී ගියේය.
රොෂේන් හා අශාන් නොදැවී ශතක රැස්කරති; පළමු දිනයම උණුසුම්
කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන…
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායකයා හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාව නොලැබුණේ ඔහු ලකුණු 18ක් ලබාගෙන සිටිය දී අකිල ධනංජයගේ පන්දුවකට දැවී යාම නිසාවෙනි. කොළඹ කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 171ක් වන විට බිද වැටී තිබූ මොහොතේ තිරිමාන්න, කවිශ්ක අංජුල ඇතුළු පසුපෙළ පිතිකරුවන් හා එක්කාසු වෙමින් කොළඹ පළමු ඉනිම ලකුණු 333ක් දක්වා ඔසවා තබන ලදි. තිරිමාන්න 4 පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 125ක් රැස්කර ගත්තේය. කවිශ්ක ලකුණු 46යි.
පිට දඟපන්දු යවන අකිල දනංජය ලකුණු 61ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමේ පළමු ඉනිමේ ජය සුරක්ෂිත කළේය. අයහපත් ආලෝක තත්වය මත තරගයේ තෙවන දිනය අවසන් වන විට ගාලු කණ්ඩායම කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 143ක් ඉදිරියෙන් පසුවෙයි.
දඹුල්ල හා මහනුවර
තෙවැනි දිනය ආරම්භ කරන විට මහනුවර කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 232ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවූවත් දක්ෂ ලෙස සිය පන්දුවාර කිහිපය ක්‍රියාත්මක කළ ලහිරු ගමගේ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් මහනුවර පළමු ඉනිම ලකුණු 364කට සීමා කර ගැනීමට දඹුල්ල කණ්ඩායමට හැකි විය. එහි දී දක්ෂ ලෙස පන්දු යැවූ ගමගේ ලකුණු 71ක් තුළ කඩුලු 5යි.
මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රීඩා කළ නිරෝශන් දික්වැල්ල 4 පහර 10ක් සමඟ ලකුණු 112ක් ලබා ගන්නා ලදි. අවසානයේ ගමගේ එවූ පන්දුවකට මනෝජ් සරත්චන්ද්‍ර හට උඩ පන්දුවක් ලබා දෙමින් දික්වැල්ල දැවී ගියේය. දික්වැල්ල හට සහයක් වෙමින් අගනා අර්ධ ශතකයක් ලබාගත් ප්‍රියමාල් පෙරේරා ලකුණු 62යි.
ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි
ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන රටකි. කිලිටි වූ පසු උනා දමා නව ඇඳුමක් ඇඟ ලා ගන්නා…
ලකුණු 116ක පළමු ඉනිමේ අවාසියක් සහිතව නැවතත් පන්දු යැවීමට පිටියට අවතීර්ණ වූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 3ක් දවා ගන්නා ලදි. දඹුල්ල පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලබාගත් දිමුත් හට දෙවන ඉනිම තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 40කි.
මීට අමතරව සචිත්‍ර සේරසිංහ හා මිලින්ද සිරිවර්ධන දෙදෙනා පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 30*ක් රැස්කර ගත්හ. දඹුලු පළමු ඉනිම සුපිරි ශතකයකින් වර්ණවත් කළ සචිත්‍ර සේනානායක ලකුණු 23*යි. තරගයේ තෙවන දිනය අවසන් වන විට දඹුලු කණ්ඩායම මහනුවර පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් පසුවෙයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















