Major Club කාන්තා ක්‍රිකට් තරගාවලිය 30දා සිට

SLC Major Club Women 50 Over Tournament 2025 

6
SLC Major Club Women 50 Over Tournament 2025 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින තරගාවලිය මේ මස 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වෙන අතර ඒ එක් එක් කණ්ඩායම් සෑම කණ්ඩායමක් සමඟ ම තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ තරග අගෝස්තු මස 15 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය වසරේ ශූරියන් බවට පත් වූ Chilaw MCC කණ්ඩායම සමඟ අනුශූරියන් බවට පත් වූ Army SC කණ්ඩායම සමඟින් තරගාවලිය ආරම්භ වෙන අතර ඊට අමතර ව Baduraliya SC, Air Force SC, Colts CC, Navy SC, SSC, ACE Capital CC සහ Panadura SC යන කණ්ඩායම් තරගාවලියට එක් විමට නියමිතයි.

මෙවර තරගාවලියේ තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණය, දොඹගොඩ, ශාලාව සහ කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණ, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණය, කොළඹ SSC, Colts සහ CCC ක්‍රීඩාංගණ, පානදුර මහජන ක්‍රීඩාංගණය සහ නාරාහේන්පිට LRDC ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ 12 දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියේ කාල සටහන

       
Date Host Opponent Venue
2025 ජුලි 30 Chilaw MCC Army SC Galle ICS
  Baduraliya SC Navy SC Surrey – Maggona
  Air Force SC SSC Air Force -Katunayake
  Colts CC ACE Capital CC Colts – Colombo
2025 ජුලි 31 CCC Panadura SC Panadura
       
2025 අගෝස්තු 1 Chilaw MCC Baduraliya SC Surrey – Maggona
  Army SC SSC Army – Dombagoda
  Navy SC Panadura SC Navy – Welisara
  Air Force SC Colts CC Air Force -Katunayake
  ACE Capital CC CCC Panadura
       
2025 අගෝස්තු 3 SSC Chilaw MCC SSC – Colombo
  Panadura SC Baduraliya SC Panadura
  Army SC Colts CC Army – Dombagoda
  ACE Capital CC Navy SC Army – Shalawa
  CCC Air Force SC CCC – Colombo
       
2025 අගෝස්තු 4 Baduraliya SC ACE Capital CC Surrey – Maggona
2025 අගෝස්තු 5 Panadura SC Chilaw MCC Panadura
  Colts CC SSC Army – Shalawa
  Army SC CCC Army – Karandeniya
  Air Force SC Navy SC Air Force -Katunayake
       
2025 අගෝස්තු 7 Colts CC Chilaw MCC Colts – Colombo
  ACE Capital CC Panadura SC Army – Shalawa
  CCC SSC CCC – Colombo
  Baduraliya SC Air Force SC Surrey – Maggona
  Navy SC Army SC Navy – Welisara
       
2025 අගෝස්තු 8 Chilaw MCC ACE Capital CC Surrey – Maggona
2025 අගෝස්තු 9 Colts CC CCC Colts – Colombo
  Air Force SC Panadura SC Air Force-Katunayake
  SSC Navy SC SSC – Colombo
  Army SC Baduraliya SC Army – Dombagoda
       
2025 අගෝස්තු 11 CCC Chilaw MCC CCC – Colombo
  Air Force SC ACE Capital CC Air Force
  Navy SC Colts CC  
  Panadura SC Army SC Panadura
  Baduraliya SC SSC Surrey – Maggona
       
2025 අගෝස්තු 13 Chilaw MCC Air Force SC Surrey – Maggona
  Navy SC CCC Navy – Welisara
  ACE Capital CC Army SC Panadura
  Colts CC Baduraliya SC Colts – Colombo
  SSC Panadura SC SSC – Colombo
       
2025 අගෝස්තු 15 Navy SC Chilaw MCC Navy – Welisara
  Army SC Air Force SC Army – Dombagoda
  Baduraliya SC CCC Surrey – Maggona
  SSC ACE Capital CC LRDC – Kirimandala
  Panadura SC Colts CC Panadura

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<