දෙව්මි සහ ඉනෝකා දක්ෂ පන්දු යැවීමක

SLC Major Club Women 50 Over Tournament 2025

68
SLC Major Club Women 50 Over Tournament - 17th August

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) අවසන් වුණා. එහි දී දෙවිම් විහංඟා සහ ඉනෝකා රණවීර දිනයේ දක්ෂ පන්දු යැවීම් වාර්තා කිරීමට සමත් වුණා.

 Chilaw Marians CC කණ්ඩායමේ දෙව්මි විහංඟා Panadura SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 16කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Navy SC කණ්ඩායමේ ඉනෝකා රණවීර Air Force කණ්ඩායමට එරෙහි ව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර CCC කණ්ඩායමේ විශ්මි ගුණරත්න (67), Army SC කණ්ඩායමේ නෙත්මි සේනාරත්න (65) සහ ඉමල්කා මෙන්ඩිස් (57), Navy SC කණ්ඩායමේ හසිනි පෙරේරා (62) සහ Air Force SC කණ්ඩායමේ මල්ශා ශෙහානි (60) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

අද නිමා වූ තරගවල දී Navy SC ක්‍රීඩිකාවෝ Air Force SC ක්‍රීඩිකාවන්ට එරෙහි ව ලකුණු 41කින් ජයග්‍රහණය කළ අතර එය ඔවුන් මෙම තරගවාරයේ දී අපරාජිතව සිටිමින් පිට පිට ලත් 8 වැනි ජයග්‍රහණයයි.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Army SC සහ CCC අතර තරගය, කරන්දෙණිය යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • CCC – කඩුලු 8ක් දැවී 167 (50.0) විශ්මි ගුණරත්න 67, කෞශිනී නුත්‍යාගා 41, සුගන්දිකා කුමාරි 3/37
  • Army SC – කඩුලු 5ක් දැවී 171 (47.1) නෙත්මි සේනාරත්න 65, ඉමල්කා මෙන්ඩිස් 57, නෙත්මි පෙරේරා 2/34

Army SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Air Force SC සහ Navy SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – කඩුලු 8ක් දැවී 183 (50.0) හසිනි පෙරේරා 62, නිලක්ෂනා සඳමිණි 33, දැහැමි සෙනෙත්මා 22, හංසිමා කරුණාරත්න 39, මල්ෂා ෂෙහානි 2/38, තාරුකා ශෙහානි 2/25
  • Air Force SC – සියලුම දෙනා දැවී 142 (45.0) අයේෂා කීර්තිරත්න 26, මල්ශා ශෙහානි 60, ඉනෝකා රණවීර 4/22

Navy SC කණ්ඩායමට ලකුණු 41ක ජයක්.

Chilaw Marians CC සහ Panadura SC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – කඩුලු 9ක් දැවී 108 (29.0) සචිනි නිසංසලා 32, චේතනා විමුක්ති 3/20, යසන්ති හේරත් 2/11, ප්‍රමුදි මෙත්සරා 3/18
  • Panadura SC – සියලුම දෙනා දැවී 100 (28.3) රශ්මිකා සෙව්වන්දි 23, දෙව්මි විහංඟා 5/16, චමරි අතපත්තු 2/18

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 8ක ජයක්.

Colts CC සහ SSC අතර තරගය, Colts ක්‍රීඩාංගණයේ දී.

  • SSC – කඩුලු 9ක් දැවී 117 (33.0) ලිහිණි අප්සරා 30, නෙත්මි සංජනා 3/20, දනුලි තෙන්නකෝන් 2/28, නෙත්මි උපේක්ෂා 2/13
  • Colts CC – කඩුලු 7ක් දැවී 120 (31.5) එරන්දි වර්ණකුලසූරිය 30, දුලාංගා දිසානායක 26, ලක්ෂි ද සිල්වා 2/15, අසේනි තලගුණේ 2/22

Colts CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<