ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තවත් තරග කිහිපයක් අද (03) නිමා වූ අතර එහි දී චමරි අතපත්තු සහ යශෝධා මෙන්ඩිස් පිතිකාරිනියන් ලෙසින් දක්ෂතා දැක් වූ අතර නිලූකා කුශාන්ති සහ මල්කි මදාරා පන්දු යවන්නියන් අතුරින් දක්ෂතා දැක් වූවා.
මේ අතර අද පැවැති Colts CC සහ Army SC අතර තරගයේ දී Colts ක්‍රීඩිකාවෝ Army කණ්ඩායම හමුවේ ලකුණු 26කට දැවී යනවා. එහි දී Army කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ නිලූකා කුශාන්ති ප්‍රතිවාදී Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 08කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා.
දිනයේ කැපී පෙණෙන පිතිකාරිනිය බවට පත් වෙන්නේ Chilaw Marians කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු. ඇය SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Air Force කණ්ඩායමේ යශෝධා මෙන්ඩිස් CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 68ක් ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී Air Force කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන මල්කි මදාරා CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
- 2025 LPL තරගාවලියට දින වකවානු තහවුරු වෙයි
- Panadura ක්‍රීඩිකාවන්ට ලකුණු 29ක ජයක්
- හර්ෂිතා පළමු ශතකය වාර්තා කරයි
- Major Club කාන්තා ක්‍රිකට් තරගාවලිය 30දා සිට
- U 19 Youth පිටිය කළඑළි කළ ක්‍රීඩිකාවෝ
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Panadura SC සහ Baduraliya SC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya SC – සියලුම දෙනා දැවී 75 (26.5)රශ්මි නේත්‍රාංජලී නොදැවී 28, ප්‍රමුදි මෙත්සරා 3/05, යසන්ති හේරත් 2/12, පියුමි වත්සලා 2/01
- Panadura SC – කඩුලු 6ක් දැවී 79 (20.2)නවෝද්‍යා නෙත්මිණි 23, සෙවිමිණි ශෂිකලා 3/28, හිරුණිකා නිවර්තනී 2/25
Panadura SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
Army SC සහ Colts CC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Army SC – කඩුලු 9ක් දැවී 88 (32.0)ක්‍රිශාන්ති සඳමාලි 21, සජිනතිනි සතීස්කුමාර් 2/21, නෙත්මි සංජනා 3/18, නිලක්ෂි කාවින්ද්‍යා 2/08
- Colts CC – සියලුම දෙනා දැවී 26 (17.2)නිලක්ෂි කාවින්ද්‍යා 6, සුගන්දිකා කුමාරි 3/08, නිලූකා කුශාන්ති 4/08
Army SC කණ්ඩායමට ලකුණු 62ක ජයක්.
SSC සහ Chilaw Marians CC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- SSC– සියලුම දෙනා දැවී 121 (40.4)ඉරේෂා ශ්‍යාමලී 39, ලිහිණි අප්සරා 15, කාව්‍යා කාවින්දි 3/17, චමරි අතපත්තු 2/32, දෙව්මි විහංගා 3/20
- Chilaw Marians CC– කඩුලු 3ක් දැවී 122 (28.2)චමරි අතපත්තු නොදැවී 76, ශෂිනි ගිම්හානි 21, මනුදි නානායක්කාර නොදැවී 12
Chilaw Marians CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
CCC සහ Air Force SC සහ අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Air Force SC – කඩුලු 6ක් දැවී 176 (33.0)යශෝධා මෙන්ඩිස් 68, මල්ෂා ෂෙහානි 23, අයේෂා කීර්තිරත්න නොදැවී 34, මල්කි මදාරා නොදැවී 13, සාවින්දි කුරේ 2/24
- CCC – සියලුම දෙනා දැවී 91 (25.3)කෞෂිනී නුත්‍යාංගා 33, මල්කි මදාරා 4/17, මල්ෂා ෂෙහානි 2/22, තාරුකා ශෙහානි 3/11
Air Force SC කණ්ඩායමට ලකුණු 85ක ජයක්.
Ace Capital CC සහ Navy SC අතර තරගය, කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC – කඩුලු 6ක්දැවී 78(22.0) යෙනුලි සත්නදී 20, හිෂිනි ඉන්ද්‍රජිත් 34, උදේශිකා ප්‍රබෝධනී 2/09, රශ්මි සිල්වා 2/19
- Navy SC – කඩුලු 2ක්දැවී 80(10.0) හෂිනි පෙරේරා 30, නිලක්ෂනා සඳමිණි 21, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 21, දේවගී ජෙගනාදන් 2/16
Navy SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















