ඉනෝෂි, හෂිනි සහ රංගිකා හොඳම පන්දු යැවීම් වාර්තා කරයි

SLC Major Club Women 50 Over Tournament 2025 

281
SLC Major Club Women 50 Over Tournament 2025 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සිමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තවත් තරග කිහිපයක් අද (01) නිමා වූ අතර එහි දී ඉනෝෂි ප්‍රනාන්දු, හසිනි ලියනගේ සහ රංගිකා ප්‍රනාන්දු පන්දු යවන්නියන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

මේ අතුරින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Air Force කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන ඉනෝෂි ප්‍රනාන්දු. ඇය Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 17කට කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතර ව Navy කණඩායමේ හෂිනි ලියනගේ Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 10කට කඩුලු 4ක් ද සහ SSC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන රංගිකා ප්‍රනාන්දු Army කණ්ඩායමට එරෙහි ව ලකුණු 37කට කඩුලු 4ක් දවා ගන්නවා.

මේ අතර අද පැවැති තරගවල දී Air Force SC කණ්ඩායමේ අයේෂා කීර්තිරත්න (64), CCC කණ්ඩායමේ විශ්මි ගුණරත්න (74) සහ Ace Capital CC කණ්ඩායමේ මල්ෂා මදුශානි (66) අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කරමින් දිනයේ කැපී පෙණුන පිතිකාරිනියන් බවට පත් වුණා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Baduraliya SC සහ Chilaw Marian CC අතර තරගය, මග්ගොන Surrey  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – කඩුලු 8ක් දැවී 162 (50.0)උමයංගනා පීරිස් 20, විහාරා සෙව්වන්දි 25, හිරුණි හංසිකා 26, දිලුශා හිඳගොඩ නොදැවී 22, සඳුනි නිසංසලා 2/25, සචිනි නිසංසලා 3/33, සුලේශා සත්සරණි 2/27
  • Chilaw Marian  CC– කඩුලු 4ක් දැවී 163 (34.0)සංජනා කාවින්දි 49, මනුදි නානායක්කාර නොදැවී 33, සුමුදු නිසංසලා නොදැවී 21, සෙව්මිණි සසංකා 2/22, හිරුණිකා නිවර්තනී 2/13

Chilaw Marian  CC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Navy SC සහ Panadura SC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – සියලුම දෙනා දැවී‍ 75 (30.5)සඳලි වීරසිංහ 22, උදේශිකා ප්‍රබෝධනී 2/08, ඉනෝකා රණවීර 2/18, හෂිනි ලියනගේ 4/10
  • Navy SC – කඩුලු 4ක් දැවී 76 (19.2)හර්ෂිතා සමරවික්‍රම 29, හංසිමා කරුණාරත්න නොදැවී 11, යසන්ති හේරත් 3/25

Navy SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Army SC සහ SSC අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Army SC– සියලුම දෙනා දැවී 187 (50.0)ඉමල්කා මෙන්ඩිස් 37, නෙත්මි සේනාරත්න 40, නිලක්ෂිකා සිල්වා 24, සුගන්දිකා කුමාරි 25, අශානි සමින්දි 21, චමෝදි ප්‍රබෝධා මුණසිංහ 2/30, රංගිකා ප්‍රනාන්දු 4/37, චමෝධි හේරත් 2/07
  • SSC– සියලුම දෙනා දැවී 95 (44.4)චතුරාණි ගුණවර්ධන 32, සුගන්දිකා කුමාරි 3/08, සඳුනි ද සිල්වා 2/06

Army SC SC කණ්ඩායමට ලකුණු 92ක ජයක්.

Air Force SC සහ Colts CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Air Force SC – සියලුම දෙනා දැවී 210 (50.0)රචිනි සමරසිංහ 20, සඳනි තිවංකා 20, හර්ශනී විජේසූරිය 27, අයේෂා කීර්තිරත්න 64, නෙත්මි සංජනා 3/31, තරුෂි රජකරුණා 2/19
  • Colts CC – සියලුම දෙනා දැවී 106 (41.3)එරන්දි වර්ණකුලසූරිය 20, ශ්‍යානි සේනාරත්න 22, ඉනෝෂි ප්‍රනාන්දු 5/17, තාරුකා ශෙහානි 3/21

Air Force SC කණ්ඩායමට ලකුණු 104ක ජයක්.

Ace Capital CC සහ CCC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • CCC – සියලුම දෙනා දැවී 247(50.0)විශ්මි ගුණරත්න 74, සුභද්‍රා සවනි 26, ලිමංසා තිලකරත්න 35, කෞෂිනී නුත්‍යාංගනා 22, චුශාදි කෞශල්‍යා නොදැවී 34, මල්ෂා මදුශානි 2/47, ලිහංසා දුල්මි ද සිල්වා 2/12
  • Ace Capital CC – කඩුලු 6ක්දැවී 199(50.0) මල්ෂා මදුශානි 66, හෂිනි ඉන්ද්‍රජිත් 44, ජනාධි අනාලි 23, මදාරා සමරකෝන් 2/08, ලිමංසා තිලකරත්න 2/45

CCC කණ්ඩායමට ලකුණු 48ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<