එංගලන්ත ක්‍රිකට් සංචාරයට 20න් 15ක්

1714
Sri Lankan cricket captain Angelo Mathews (2L) celebrates with teammates after dismissing West Indies Cricketer Marlon Samuels during the final day of their second Test cricket match between Sri Lanka and the West Indies at the P. Sara Oval Cricket Stadium in Colombo on October 26, 2015. AFP PHOTO/ Ishara S. KODIKARA / AFP PHOTO / Ishara S.KODIKARA
©AFP

එලඹෙන මස එංගන්තයේදි ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිතව අැති තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමෙන් තෝරාගත් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුතු සංචිතයකට නේවාසික පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය සැලසුම් කර අැත.

එහි පළමු දිනය වන අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙර පුහුණුව ආරම්භ කළ අතර හෙට සිට පුහුණුවීම් කටයුතු සඳහා ඔවුන් මහනුවර බලා පිටත්වීමට නියමිතයි.

විශ්වාසවන්ත අාරංචි මාර්ගවලට අනුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම 20 දෙනා තෝරාපත් කොටගෙන අැති අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය සහිතව 15 දෙනෙකු මෙම නේවාසික පුහුණුවෙන් පසුව නිළ වශයෙන්  නම් කෙරෙනු අැති.

බලාපොරොත්තු වු පරිදි, තරංග පරණවිතාන හා කෞෂාල් සිල්වා මෙම සංචිතයට කැදවා අැති අතර නවක ක්‍රීඩක දසුන් ශානක, ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත ද මෙයට අැතුලත්ව අැත.

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහ ශමින්ද එරංග ඔවුන්ගේ අසනීප තත්වයන්ගේන් සහනය ලැබීමෙන් පසුව නැවතත් කැඳවා අැත. මෙම මස 23 සහ 24 දින දෙක කාළගුණය හිතකර ලෙස පවතින්නේ නම් මෙම 20 දෙනෙකුගෙන් යුතු සංචිතයට පුහුණු තරඟ දෙකකට සහභාගී වීමට සිදුවන අතර එය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාපිටියේදි පැවැත්වේ.

2015 වර්ෂයේදි නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වු වමත් පිතිකරුවන් යුගලයක් වන උදාර ජයසුන්දර හා කිත්රුවන් විතානගේ  ද රොෂේන් සිල්වා ද මෙම සංචිතයට අැතුලත් කර නොමැත.

පුහුණු සැසියට සහභාගී වන සංචිතය:

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, තරංග පරණවිතාන, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ජෙෆ්රි වැන්ඩර්සේ, දිල්රුවන් පෙරේරා, ධම්මික ප්රසාද් , නුවන් ප්රදීප්, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, විශ්ව ප්රනාන්දු.