12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වු ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් 08ක් රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමගින් සමස්ථ පදක්කම් 38ක් දිනාගනිමින් පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැදි සිටියි.
පිහිනුම් අංශය
නව දකුණු ආසියානු වාර්තා දෙකක් අළුත් කරමින් පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ රන් පදක්කම් ත්‍රිත්වයක් ලබාගැනිම කැපිපෙනුණු සිදුවීමක් විය. මිටර 200 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 01 තත්පර 52කින් සහ මිටර 100 සමණල ආර ඉසව්ව තත්පර 55.42කින් නිමකරමින් අබේසිංහ එම වාර්තා දෙක පිහිටුවනු ලැබිය. කයිල් අබේසිංහ, චිරන්ත ද සිල්වා හා ෂෙහාන් ද සිල්වා සමඟ මැතිව් අබේසිංහ කණ්ඩායම මීටර් 4×100 සහාය පිහිනුම් ඉසව්වේද රන් පදක්කම දිනා ගන්නට සමත් විය. කාන්තා පිහිනුම් ඉසව්ව නියොජනය කළ මිචිකෝ රහිම් මීටර් 200 නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර හිරුණි පෙරේරා සහ හසන්ති නුගවෙල මිටර 100 සමණල ආර සහ ළය ආර ඉසව් නියෝජනය කරමින් රිදි පදක්කම් දිනාගන්නට සමත් විය.
බර ඉසිලීමේ අංශය

පාපැදි ධාවන අංශය
දකුණු ආසියානු පාපැදි තරඟාවලියේ කිලෝමීටර 60 අසම මාර්ග වට තරඟයේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පාපැදි ශූර ජීවන් ජයසිංහ සමත්විය. නවින් රුචිර එම ඉසව්වෙම රිදි පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකරදිමට සමත් විය කිලෝමීටර් 40 කාලය මැනීමේ පාපැදි තරගයේදී ජානක කුමාර ලෝකඩ පදක්කමක් දිනාගන්නට සමත් විය. කාන්තා කිලෝමීටර 40 අසම මාර්ග තරඟය නියොජනය කළ සුදාරිකා ප‍්‍රියදර්ශනී එම වටයේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබිය.
වුෂු ක්‍රිඩා අංශය
දකුණු ආසියානු වුෂු ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ඉසව්වේන්ම රන් පදක්කමක් දිනාගැනීමට හසිත ලක්ෂාන් සමත් විය. එහිදී චංචුවාන් ඉසව්වෙන් තරග වැදුණ ඔහු ලකුණු 8.86ක් ලබා තම පළමු ඉසව්වෙන්ම රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් විය.























