පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක්ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගන්නට බ්‍රසීලයේ තියාගෝ බ්රාස් ඩි සිල්වා සමත් විය. ඒ එම ඉසව්වේ වත්මන් ලෝක ශූරයා මෙන්ම හිටපු ඔලිම්පික් ශූරයාවද අභිබවා යමිනි.
පසුගිය ලිපි: රියෝ උණුසුම – බෝල්ට් සහ වෙඩ් අතර සටනක්
පිරිමි රිටි පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන කැනඩාවේ ෂෝන්සි බාබර් හට මෙවර ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු බිඳ වැටුනේ මීටර් 5.65 කඩ ඉම පසුකරන්නට අසමත් වීම හේතුවෙනුයි. බාබර්හට එම උස ප්‍රමාණය තරණය කිරීමට ලද අවස්ථා 3ම අසාර්ථක විය.

තම අවසන් උත්සාහයේදී එම උස තරණය කරන්නට තියාගෝ සමත් වූයේ මිනිත්තු කිහිපයකට පෙර බිහිවූ ඔලිම්පික් වාර්තාව යලිත් අලුත් කරමිනුයි.
කෙසේ වෙතත් මීටර් 5.98ක දස්කමට එපිටින් තවත් උසක් තරණය කරන්නට නොහැකිවූ හිටපු ඔලිම්පික් ශූරයාට රිදී පදක්කමින් සෑහෙන්නට සිදුවිය.
මේ අනුව තියාගෝ බ්රාස් ඩි සිල්වා ඔලිම්පික් ඉතිහාසයට එක්වුණේ සත්කාරක බ්‍රසීල ක්‍රීඩා ලෝලීන්ට රන් පදක්කමකින් සංග්‍රහ කරමනුයි.
800 ආධිපත්‍ය රුඩීෂාට

එම ඉසව්වේ රිදී පදක්කම ඇල්ජීරියානු ක්‍රීඩකයෙකුටත් ලෝකඩ පදක්කම ඇමරිකානුවකුටත් හිමිවිය.
රන් පදක්කමකට ඇද වැටීම
දිනයේ අවසන් මිනිත්තු කිහිපය තුල බ්‍රසීල රිටි පැනීමේ ක්‍රීඩකයා සියල්ලන්ගේ අවධානය සොරා ගැනීමට පෙර රියෝ ඔලිම්පික් උළෙලේ 10 වන දිනය තුල වඩාත්ම අවධානය දිනාගත් ඉසව්ව වූයේ කාන්තා මීටර් 400 අවසන් තරගයයි.

විශිෂ්ට ආරම්භයක් ලබාගත් මිලර් මීටර් 300ක් පමණ අවසන් වනතෙක් තරගයේ පෙරමුණ ගන්නට සමත් වූයේ කිසිදු අභියෝගයකින් තොරවයි. නමුත් අවසන් මීටර් 100 තුල ඇය වෙහෙසට පත්ව වේගය අඩාල වෙද්දී මනා පාලනයකින් යුතුව ධාවනයේ යෙදුනු ෆෙලික්ස් මිලර්ව අභිබවා යන්නට සමත් විය.
කෙසේ වෙතත් තරග අවසන් රේඛාවට මීටර් 2-3ක් පමණ මෙපිටදී ෆෙලික්ස් සමග කරට කර සටනක යෙදී සිටි ෂෝනේ මිලර් පය පැකිලී ඇද වැටුණේ රන් පදක්කම ෆෙලික්ස්ට හිමිවූ බව බොහෝ දෙනාට සිතන්නට සලස්වමින්. කෙසේ වෙතත් තරග අවසානය පෙන්වන ඡායාරුපයට (PHOTO FINISH) අනුව පෙනී ගියේ මිලර් ඇද වැටීමේදී ඇයගේ සිරුර ෆෙලික්ස්ට වඩා තත්පරයෙන් සියයෙන් පංගුවක කාලයකට පෙර තරග නිමි රේඛාව පසු කරන බවයි.

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 400X4 සහය ඉසව්වෙන් පසු ෆෙලික්ස්ගේ දිගු ක්‍රීඩා දිවිය අවසන් වන්නට වැඩි ඉඩකඩක් පවතින බව විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත් වසර 12ක කාලයක් ඔලිම්පික් උළෙල 3ක් පුරා කෙටි දුර ධාවනයේ සියලු අන්තයන් ආවරණය කළ ඇලිසන් ෆෙලික්ස්ගේ ක්‍රීඩා ජීවිතය තවත් බොහෝ කලක් පුරා ලොව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වනු ඇති.
පෝලන්තයෙන් ලෝක වාර්තාවක්

ඇනීටාගේ මේ නව ලෝක වාර්තාව මීට පෙර ඇය විසින්ම පිහිටුවා තිබු ලෝක වාර්තාව මීටරයකටත් වඩා වැඩි දුරකින් ඉක්මවා යාම විශේෂත්වයකි. එමෙන්ම කාන්තා මිටිය විසි කිරීමේ පැරණි ඔලිම්පික් වාර්තාව මීටර් 4කට වඩා වැඩි දුර ප්‍රමාණයකින් අලුත් කරන්නටද මේ දක්ෂතාව සමත් විය.
හෙට දිනයේත් තවත් රියෝ උණුසුම රැගත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට






















