Ride ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනී!

11
RIDE Energy Drink announces partnership with Sri Lanka Cricket

ශ්‍රී ලාංකේය ශක්ති ජනක පානයක් ලෙස විශේෂ අවධානයක් දිනා ඇති Ride ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ශක්ති ජනක පානය ලෙස සිය හවුල්කාරීත්වය නිවේදනය කළා.

පසුගිය 04 වැනි දා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු වැඩසටහන දී මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය සිදු කළ අතර, Ride විසින් සිය සන්නාමය නැවත නවමු ආකාරයකින් ජන ගත කරමින් මෙහි දී සිය සන්නාම පොරොන්දුව “Real Energy” ලෙස ප්‍රතිස්ථාපනය කර තිබීම ද විශේෂත්වයක්.

දේශීය වශයෙන් Ride සන්නාමය ලබා ඇති පිළිගැනීම ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ පියවරක් ලෙස මෙම හවුල්කාරීත්වය සිදු කර ඇති අතරම, මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ද තම සන්නාම පොරොන්දුව වන ශක්තිමත් බව සහ ඉහළ කාර්යක්ෂමතාව පිළිබඳ සහතිකයක් ලබා දෙනු ඇති.

2020 වසරේ දී හඳුන්වා දුන් මෙම සන්නාමය මේ වන විට ශ්‍රී ලාංකේය පාරිභෝගික දෛනික ජීවිතයේ නොසලකා හැරිය නොහැකි කොටසක් බවට පත් වෙමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් හා සමපාත බලාපොරොත්තු දල්වමින් සිටිනවා.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<