ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 9-0ක් ලෙස අත්විඳි දැවැන්ත පරාජයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය සටන්කාමීත්වය පෙන්නුම් කළේ අතිශය තියුණු සටනකින් පසු පාකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමිනුයි.
ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!
ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට අද (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ 2010 වසරේ…
මේ වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසි ලෙසකින් හෝ සුබ දායක කාල පරිච්ඡේදයක් වී තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිර්දය ප්‍රහාරයට ලක්වන බංග්ලාදේශය සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ පවා තරග පරාජය වීම මෙන්ම ඉන්දීය කණ්ඩායම හමුවේ ලද ලැජ්ජා සහගත ප්‍රතිඵලය මෙරට ක්‍රීඩාලෝලීන්ගේ හදවත් සිදුරු කිරීමට තරම් දරුණු වීම ඊට හේතුවයි. ඒ සමඟින් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රිකට් පරිපාලනය ද දැඩි විවේචනයට ලක්වෙමින් තිබුණු අවස්ථාවේ ලද මේ ජයග්‍රහණය ක්‍රීඩාලෝලීන්ට, ක්‍රිකට් පඬිවරුන්ට මෙන්ම හිටපු ක්‍රීඩකයන්ට ද තම හඬ අවදි කිරීමට අවස්ථාවක් උදා කරන ලදි.
බලාපොරොත්තු වූ පරිද්දෙන්ම, මේ ජයග්‍රහණය ලද විලසම බොහෝ දෙනා උත්සුක වුනේ කණ්ඩායමට සුබ පැතීමටයි.






තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න


























