ලං.ග.ම, නිව් ස්ටාර් සහ රෙඩ් ස්ටාර් ජය ගනි

391
Primer league division 1 Slider

මේ දින වල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරඟ කිහිපයක් පසුගිය දා නිමාවට පත්විය.

​​ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායමට එරෙහිව ආදී මැසනඩ්

මෙම තරඟය නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩා පිටියේදී මැයි මස 7 වනදා පැවති අතර මෙම තරඟය ගෝල 4 – 0 ක් ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මෙම තරඟයේ 16 වන මිනිත්තුවේදී එන්. වීරසූරිය විසින් ගෝලයක් ලබා ගත් අතර ඉන් සුළු මොහොතකට පසුව ක්‍රිෂාන්තන් විසින් ගෝලයක් ලබා ගන්නා ලදි. අනෙක් ගෝල 2 ඒ. කුමාර හා එම්. පීරිස්​ විසින්​ ලබාගත් අතර එම තරඟය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පහසුවෙන්ම ජයග්‍රහණය කරන ලදි.

එම තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායමේ සී.නදීශ නම් කරන ලදි.

​​​​නිව් ස්ටාර් ක්‍රීඩා සමාජයට එරෙහිව බඩෝවිට යුනයිටඩ්

මෙම තරඟය කුරේ පාර්ක් පිටියේදී මැයි මස 07 වනදා පැවති අතර එම තරඟය ගෝල 5​-​​ 0 ක් ලෙස නිව් ස්ටාර් ක්‍රීඩා සමාජ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මෙම තරඟය මුල සිටම තියුණු මුහුණුවරක් ගත් අතර එම තරඟයේ පළමු අර්ධය නිමා වූයේ 34 වන මිනිත්තුවේදී හා ඉන් මොහොතකට පසු​ව නැවතත්​ මොහොමඩ් අනාස් ලබා ගත් ගෝල 2 ​ක්​ සමඟය.

දෙවන අර්ධයේ 57 වන මිනිත්තුවේදී නිව් ස්ටාර් කණ්ඩායමේ විනාතන් විසින් ගෝලයක් ගත් අතර 88 වන මිනිත්තුවේදී මොහොමඩ් අනාස් විසින් ගෝලයක් ද​,​ 90 වන මිනිත්තුවේදී​ තවත් ගෝල​යක්ද​ වාර්තාකරන ලදි.

මෙම තරඟයේ වීරයා ලෙස මොහොමඩ් අනාස් නම් කරන ලදි.

​​හයිලයින් ක්‍රීඩා සමාජයට එදිරව ගෝල්ඩන් ස්ටාර් ක්‍රීඩා සමාජය

මෙම තරඟය මැයි මස 10 වනදා බෝගම්බර පිටියේදී පැවති​ අතර තරඟය පළමු අර්ධය පමණක් ක්‍රීඩා කිරීමට හැකි වූ අතර එහිදී කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.​ ​එම නිසා එම තරඟයේ දෙවන අර්ධය කල් දමන ලදි.

 පසුගිය සතියේ ඒ ඒ කාණ්ඩයන් යටතේ පැවති තරඟ වල සාරාංශයක් 

A කාණ්ඩයේ තරඟ – ශාන්ත මේරිස් ක්රීඩා සමාජය 2:1 මොරගස්මුල්ල ක්රීඩා සමාජය
C කාණ්ඩයේ තරඟය – සෙරන්ඩිබ් ක්රීඩා සමාජය 2:2 කොම්රෙඩ්ස් ක්රීඩා සමාජය
D කාණ්ඩයේ තරඟය – රෙඩ් ස්ටාර් ක්රීඩා සමාජය 5:0 ඊස්ටන් යූත් ක්රීඩා සමාජය

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න