ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (23) නිමා වූ තරගවල දී මහනුවර කණ්ඩායම සහ කොළඹ දකුණ කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරිමට සමත් වුණා. ඒ අතුරින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ අද ලබා ගත්තේ පිට පිට ලැබූ තෙවැනි ජයග්‍රහණයයි.
අද තරගයත් සමඟින් දඹුල්ල කණ්ඩායම තරගාවලියේ සියලු තරගවලට සහභාගී වූ අතර ඔවුන්ට ඒ කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ.
කොළඹ උතුර සහ මහනුවර අතර තරගය
කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් සියලුම දෙනා දැවී ලකුණු 161ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින් තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගත්තා.
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මිශික අබේවර්ධන (නායක), ජනදීප ඔකාශ්, චේතින කාවින්ද, හෆීස් ජුන්කීර් (කඩුලු රකින්නා), චනුත් හර්දස, ගෞරු මින්සර, තිසඟ පෙරේරා, සදිස කාවින්ද, ශෙනුක් නිලේෂ්, අබ්දුල් රහුමාන් සහ දෙසිඳු දින්සර.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, සවිත විතානගේ, සනිරු අනුහස් (කඩුලු රකින්නා), මන්දිල් ගුණවර්ධන, ඉමන්ජිත් දිසානායක, ශෂිත් බණ්ඩාර, ඔකිඳු එදිරිසිංහ, ශතිර දෙනුවන්, තිනුලක රාජපක්ෂ සහ තරුෂ නිමන්ත.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ චනුත් හර්දාස. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ශෙනුක් නිලේෂ් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඔහු සහ චනුත් හර්දාස අතර 8 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී තරුෂ නිමන්ත සහ ශෂිත් බණ්ඩාර කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 4ක් වෙද්දී දැවී ගිය ද ඔවුන් අවසන් කඩුල්ලේ දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගැනීමට සමත් වෙනවා. එහි දී ඉමන්ජිත් දිසානායක පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 29ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා.
ඊට අමතර ව ඉනිම අවසන් වන විට නායක ලකිඳු මෙවුල් පන්දු 78කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 28ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මිශික අබේවර්ධන, දෙවිඳු දින්සර සහ සදිස කාවින්ද කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 161 (46.1) හෆීස් ජුන්කිර් 19, චනුත් හර්දාස 44, ශෙනුක් නිලේෂ් 25, තරුෂ නිමන්ත 2/27, ශසිත බණ්ඩාර 2/30
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 162 (47.1) සනිරු අනුහස් 27, ඉමන්ජිත් දිසානායක 39, ලකිඳු මෙවුල් නොදැවි 28, දෙසිඳු දින්සර 2/24, සදිස කාවින්ද 2/31, මිශික අබේවර්ධන 2/16
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.
- ශ්‍රී ලංකාවට තවත් දරුණු පරාජයක්
- ගාල්ල සහ කොළඹ දකුණ නැවතත් ජයග්‍රහණ වාර්තා කරයි
- ගාල්ල සහ මහනුවර ජයග්‍රහණ වාර්තා කරයි
- පළාත් ක්‍රීඩකයන් 80කගේ යොවුන් අරගලය
- තෙවැනි කොටසේ ශූරතාව තිඹිරිගස්කටුවට
දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය
කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 86ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට කොළඹ දකුණු ක්‍රීඩකයෝ සමත් වුණා. ඒ අනුව කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි වෙනවා.
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මෙතුක ගුණරත්න (නායක), සවේන් ගමගේ, මියුරු බණ්ඩාර, මෙනුර දිසානායක, නවිනු ප්‍රනාන්දු, දෙනුවන් සතිෂ්, චෙනුක මිත්සර, ඉමේෂ් චතුරංග ද සිල්වා, හමීඩ් අෆ්ඩාල්, ගගන ගමගේ, සශිඳු සිල්වා (කඩුලු රකින්නා).
දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
යුමාල් එගොඩගේ (නායක), මනුජ ජයසිංහ, දිසස් බණ්ඩාර (නායක), තරුක්ෂ ද සිල්වා, සංතෝශ් ගුණසේකර, රසිඳු ආකර්ශ, ගිම්හාන් මිකෙල්, විතුන් රත්නකුමාර, නෙසද වීරසේකර, පබසර වනසිංහ සහ උදයකුමාර් ශෙනෝන්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 37ක් වෙද්දී දැවී ගිය අතර 8 වැනි කඩුල්ලේ දී පන්දු 38ක දී ලකුණු 38ක් ලබා ගැනීමට පබසර වීරසිංහ සහ නෙසාද් වීරසේකර සමත් වෙනවා. එම ලකුණු 38න් ලකුණු 36ක් ම ලබා ගන්නේ පබසර වීරසිංහ වීම කැපී පෙණුනා. ඔහු ඒ වෙනුවෙන් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් එක් කළා.
ඊට අමතර ව දඹුලු ඉනිමේ කිසිඳු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වෙන්නේ නැහැ. එහි දී ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට හමීඩ් අෆ්ඩාල් සමත් වුණා.
ඔහුට අමතර ව ඉමේෂ් චතුරංග සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් ද, නවිනු ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ දෙනුව්න සතිෂ් කඩුල්ලක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ දකුණ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ මියුරු බණ්ඩාර. ඔහු දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී මෙතුක ගුණරත්න පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය යුමාල් එගොඩගේ සහ රසිඳු ආකර්ශා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 86 (29.3) පබසර වනසිංහ 36, හමීඩ් 4/19, ඉමේෂ් චතුරංග 3/25, නවිනු ප්‍රනාන්දු 2/15
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 90 (9.5) මියුරු බණ්ඩාර 46, මෙතුක ගුණරත්න නොදැවී 18, යුමල් එගොඩගේ 1/08
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
තරගාවලියේ පළමු වටයේ අවසන් තරග මේ මස 25 වැනිදා පැවැත්වෙන අතර එහි දී මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී ද සහ කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















