2026 LPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නොපැවැත්වෙන බවත්, ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Player Draft) පමණක් සිදු වන බවත් ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කරනවා.
2025 වසරේ LPL තරගාවලිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා පිටි සූදානම් කිරීමේ අවශ්‍යතාව නිසා එම තරගාවලිය කල් දැමීමට තීරණය කළා.
ඒ අනුව මෙම වසරේ ජුලි 08 සිට අගෝස්තු 08 දක්වා LPL තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් 2022 වසරෙන් පසුව තරගාවලියට ක්‍රීඩකයින් එක් කර ගැනීම සඳහා ක්‍රීඩක වෙන්දේසියක් ක්‍රියාත්මක වුනා. නමුත් මෙවර ඊට පෙර ක්‍රියාත්මක වූ ක්‍රීඩක කෙටුම්පත් කරණය (Player Draft) ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි දී සෑම කණ්ඩායමක් ම තමන්ට අවශ්‍ය දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීමට නියමිතයි.
මෙම ක්‍රීඩක කෙටුම්පත් කරණය එළඹෙන මාර්තු 22 පැවැත්වීමට නියමිතයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම මීළඟ LPL තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ඇතුළත් කිරීමට මීට පෙර සාකච්ඡා සිදු වුනත්, ඒ පිළිබඳ නිල වශයෙන් කිසිදු යාවත්කාලීන වීමක් සිදු වී නැහැ. මෙතෙක් පැවැත්වුණු තරගාවලි 5 තුළ ම කණ්ඩායම් පහක් පමණයි කුසලානය වෙනුවෙන් තරග වැදුණේ. එමෙන්ම මේ වන විට ස්ථාවර කණ්ඩායම් පහ අතුරින් පැරණිතම කණ්ඩායම් ද්විත්වය වන Jaffna Kings සහ Colombo Strikers යන කණ්ඩායම් දෙකම හිමි කරුවන් නොමැති තත්වයකයි පවතින්නේ. එම කණ්ඩායම්වල නව හිමි කරුවන් කවුරුන්ද යන්නත් තවමත් හෙළිදරව් වී නැහැ.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















