මෙරට ක්‍රීඩාවට ජාත්‍යන්තර තලයේ පදක්කම් වැඩි වශයෙන් දායාද කරන ක්‍රීඩාව ලෙස මලල ක්‍රීඩාව හැදින්විය හැක. පසුගිය වසර කිහිපයේ දී මෙරට මලල ක්‍රීඩාව දැඩි අගාධයකට වැටී තිබුනත්, අතීතය දෙස බලන කල ආසියානු තලයේ මෙන්ම ලෝක මලල ක්‍රීඩා පිටියේ ද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් ඉහළින්ම සටහන්ව ඇත.
2019 දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලෙන් පසුව තරමක් පසුබෑමකට ලක් වූ මෙරට මලල ක්‍රීඩාව නැවත හිස එසවීමක් පෙන්නුම් කරන්නට වූ අතර යුපුන් අබේකෝන් වැනි ක්‍රීඩකයන් දැක්වූ දස්කම් මෙන්ම මෙරට යොවුන් ක්‍රීඩකයන් දිගින් දිගටම දක්වන දස්කම් නිසාවෙන් නැවත වතාවක් මෙරට මලල ක්‍රීඩාව පිළිබඳව දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.
මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ මේ දක්වා දක්නට ලැබුණු අමතක නොවන තරග කිහිපයක් අතරතුර කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
1. කුළුඳුල් ඔලිම්පික් පදක්කම ගෙන ආ ඩන්කන් වයිට්
මෙරට නියෝජනය කරමින් 1498 වසරේ ලන්ඩන් නුවර දී පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගි වූ ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව තත්පර 51.8ක කාලයකින් දෙවැන්නා ලෙස නිමා කරමින් මෙරටට මුල්ම ඔලිම්පික් පදක්කම දිනා දීමට සමත් වූ අවස්ථාව.
2. පරාජයෙන් ජයග්‍රහණය ලැබූ කරුණානන්ද

1964 වසරේ ජපානයේ දී පැවති ඔලිම්පික් උළෙලට සහභාගි වූ රණතුංග කරුණානන්ද එහි මීටර් 10,000 ඉසව්වට සහභාගි වෙමින් මද අසනීප තත්වයක් යටතේ ද තරග වදිමින් අනෙකුත් තරගකරුවන් තරගය නිමා කිරීමෙන් පසුව ද තරග කර ඉසව්ව සාර්ථකව නිමා කරන ලදි.
තරගය අවසන් ක්‍රීඩකයා ලෙස තරගය නිමා කළ ද ඔහුගේ එම ක්‍රියාව නිසා ලොව පුරා සියල්ලන්ම ඔහුට සිය ප්‍රසාදය පුද කරන්නට වූ අතර ජපාන රජය විසින් ඔහුව වීරයෙකු ලෙස සලකමින් ඔහුගේ මෙම ක්‍රියාව ජපාන පාසල් පෙළ පොත්වලට පවා එක්කිරීමට කටයුතු කරන ලදි.
3. පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් සිහිනය ජය ගත් සුගත්

4. ආසියානු වාර්තාවක් ගෙන ආ කෙටි දුර ශූරිය

5. ඔලිම්පික් සිහිනය ජයගත් ආසියාවේ කළු වෙළබ

6. දකුණු ආසියාවේ වාර්තා තැබූ රොහාන්

7. ජාත්‍යන්තර යොවුන් පිටිය කැළබූ කෙටිදුර ශූරයා

8. යොවුන් ඔලිම්පික් සිහිනය සම්පූර්ණ කළ පාරමී

9. සියල්ලන් මවිතයට පත්කළ සහය දිවීමේ අවසාන වටය

10. දකුණු ආසියාවේ කිරුළ දිනා ගත් යුපුන්

මෙම අවස්ථාවලට අමතරව මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සටහන් තැබූ තරග රැසක් මෙරට මලල ක්‍රීඩා ඉතිහාසය දෙස නැවත බැලීමේ දී දැකගැනීමට හැක.
පෙර වසර කිහිපයේ සිදු වූ පසුබෑමෙන් පසුව නැවත වරක් හිස ඔසවමින් සිටින මෙරට මලල ක්‍රීඩාවට අවශ්‍ය නිසි කළමනාකරණය ලබා දීමට බලධාරීන් සමත් වූවහොත් මෙරට මලල ක්‍රීඩාව නැවත වරක් ජාත්‍යන්තර තලයේ ඉහළින්ම රැඳවීමට වැඩි කලක් ගතනොවනු ඇත.
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

















