පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වේ

78

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තරග කාලසටහන පසුගිය දා නිකුත් කෙරුණා. මෙම තරගාවලිය සඳහා තරග 34ක් ඇතුළත් වන අතPAKISTAN SUPER LEAGUEර එය එළඹෙන 2020 වසරේ පෙබරවාරි මස 20 සිට මාර්තු මස 22 දක්වා ක්‍රීඩාංගණ හතරක දී පැවැත්වීමට නියමිතය. 

මෙම තරග කාලසටහන නිකුත් කිරීම සුපර් ලීග් තරගාවලිය සඳහා දින ගණනය ආරම්භ කිරීම ලෙස නිවේදනය කළේය. තරගාවලිය සඳහා වන දින ගණන ඔරලෝසුව පාකිස්තානයේ ක්‍රිකට් නිවහන වන ගඩාෆි ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරේ. 

මැතිව්ස් T20 ගත්ත හේතුව මිකී ආතර් පැහැදිලි කරයි

මාස දෙකකින් කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් බර අඩුකර ගැනීම සහ පන්දු යැවීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඇන්ජලෝ….

පසුගිය තරගාවලියේ ශූරයන් වූ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ආරම්භක උළෙල සඳහා සහභාගි වන අතර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම ද එයට එක්වීමට නියමිතය. 

මෙම තරගාවලියේ තරග 34න් තරග 14ක් පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ ද, ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අවසන් තරගය ද ඇතුලත්ව තරග 9ක් එම ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතය. තරගාවලියේ තරග පැවැත්වෙන අනෙකුත් ක්‍රීඩාංගණ ලෙස මුල්තාන් ක්‍රීඩාංගණය හා පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුන්වා ඇත. 

නිකුත් කළ කාලසටහනට අනුව ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලාහෝර් ක්‍රීඩාංගණයේ දී තරග තුනක් ක්‍රීඩා කරන අතර කරච්චි හිදී තරග හතරක් හා රාවල්පින්ඩි හිදී එක් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතය. 

පෙශාවර් සල්මි කණ්ඩායම පසුගිය වසරේ අනුශූරයන් වන අතර ඔවුන් ලාහෝර් හා මුල්තාන් හිදී තරග දෙකක් ක්‍රීඩා කරන අතර කරච්චි හිදී තරග තුනක් හා රාවල්පිණ්ඩි හිදී තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 

තරගාවලිය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපති එහ්සාන් මානි මහතා ද අදහස් දක්වා සිටියා. 

“පාකිස්තානයට නැවත ටෙස්ට් ක්‍රිකට් ගෙනාවට පස්සේ අපි ලබපු ලොකුම ජයග්‍රහණය තමයි මේ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීම. මම හැමවෙලේම හිතුවේ මේ තරගාවලිය පාකිස්තානයේම පැවැත්විය යුතුයි කියලා. පසුගිය වසරේ අපි ටෙස්ට් ක්‍රීඩාව ගෙනාවම මම පොරොන්දු වුනා මේ රටේ ක්‍රීඩාලෝලීන්ට මේ තරගාවලිය පාකිස්තානයට ගේනවා කියලා. මම ගොඩක් ආඩම්බර වෙනවා මේ අවස්ථාව උදා වීම ගැන. අපි මේ නිවේදනය කරන තරගාවලිය තරග 34කින් සමන්විතයි. ඒ සියලු තරග පාකිස්තානයේ පැවැත්වෙනවා. “ 

“මේ තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 36ක් එක්වෙනවා. මේ තරගාවලියට ක්‍රීඩා කරන්න විදෙස් ක්‍රීඩකයන් 425ක් පමණ කැමැත්ත පලකරලා තිබුණා. ඒකට ඇෆ්ගනිස්තානය ක්‍රීඩකයන් 39ක්, ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් 12ක්, බංග්ලාදේශ ක්‍රීඩකයන් 23ක්, කැනඩා ක්‍රීඩකයන් 10ක් හා එංගලන්ත ක්‍රීඩකයන් 109ක් වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39ක් හා කොදෙව් ක්‍රීඩකයන් 82ක් ඇතුළත් වුනා. 

මේකෙන් පේන්නේ විදෙස් ක්‍රීඩකයන්ට පාකිස්තානයේ ක්‍රිකට් ගැන තියන විශ්වාසය. මේ තරගාවලියේ මූලික අරමුණක් අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම. ඒක අපේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් වේවි. “

තාත්තා නිසා ස්ටෝක්ස් 2019 ගැන දුකින්

එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ගෙවී ගිය 2019 වසර පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ තම පියා තවදුරටත් රෝහලේ….

  • පෙබරවාරි 20 – ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් සහභාගි වෙමින් පාකිස්තාන ජාතික ක්‍රීඩාංගණයේ දී තරගය ආරම්භ වේ. 
  • පෙබරවාරි 21 – කරච්චි කිංග්ස් හා පෙශාවර් සල්මි, ජාතික ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා මුල්තාන් සුල්තාන්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 22 – ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් හා පෙශාවර් සල්මි, ජාතික ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ඉස්ලාමාබාද් යුනයිටඩ් හා මුල්තාන් සුල්තාන්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 23 – කරච්චි කිංග්ස් හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්, ජාතික ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා ඉස්ලාමාබාද් යුනයිටඩ්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 26 – මුල්තාන් සුල්තාන්ස් හා පෙශාවර් සල්මි, මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 27 – ඉස්ලාමාබාද් යුනයිටඩ් හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 28 – මුල්තාන් සුල්තාන්ස් හා කරච්චි කිංග්ස්, මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); පෙශාවර් සල්මි හා ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • පෙබරවාරි 29 – මුල්තාන් සුල්තාන්ස් හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්, මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ඉස්ලාමාබාද් යුනයිටඩ් හා පෙශාවර් සල්මි, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 1 – ඉස්ලාමාබාද් යුනයිටඩ් හා කරච්චි කිංග්ස්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 2 – පෙශාවර් සල්මි හා කරච්චි කිංග්ස්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 3 – ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් හා ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 4 – ඉස්ලාමාබාද් යුනයිටඩ් හා ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 5 – පෙශාවර් සල්මි හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 6 – කරච්චි කිංග්ස් හා මුල්තාන් සුල්තාන්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 7 – පෙශාවර් සල්මි හා ඉස්ලාමාබාද් යුනයිටඩ්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 8 – මුල්තාන් සුල්තාන්ස් හා ඉස්ලාමාබාද් යුනයිටඩ්, පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා කරච්චි කිංග්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 10 – ලාහෝර් ක්වාලෑන්ඩර්ස් හා පෙශාවර් සල්මි, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 11 – ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් හා මුල්තාන් සුල්තාන්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 12 – කරච්චි කිංග්ස් හා ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, ජාතික ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 13 – පෙශාවර් සල්මි හා මුල්තාන් සුල්තාන්ස්, ජාතික ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 14 – කරච්චි කිංග්ස් හා ඉස්ලාමාබාද් යුනයිටඩ්, ජාතික ක්‍රීඩාංගණය (7  පස්වරු -5.15 පස්වරු )
  • මාර්තු 15 – මුල්තාන් සුල්තාන්ස් හා ලාහෝර් ක්වාලෑන්ඩර්ස්, ගඩාෆි ක්‍රීඩාංගණය (2  පස්වරු -5.15 පස්වරු ); ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් හා කරච්චි කිංග්ස්, ජාතික ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 17 – අවසන් වටය (1 හා 2), ජාතික ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 18 – අවසන් වටය (3 හා 4), ගඩාෆි ක්‍රීඩාංගණය (7  පස්වරු -10.15 පස්වරු )
  • මාර්තු 20 – අවසන් වටය  (පරාජිතයා අවසන් පූර්ව වටයේදී ජයග්‍රහණය කල කණ්ඩායම සමඟින් තරග වදිනු ඇත. 
  • මාර්තු 22 – අවසන් තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<