2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාකිස්තානය විසින් ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට නියමිත ව තිබූ තරගය වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.
පාකිස්තානය රජය විසින් X පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳ නිල නිවේදනයක් සිදු කර ඇති නමුත්, ඒ වෙනුවෙන් කිසිදු හේතු දැක්වීමක් සිදු කර නැහැ.
“පාකිස්තාන රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට අවසර ලබා දී ඇති නමුත්, ඔවුන් පෙබරවාරි 15 වැනි දා ඉන්දියාව සමඟ තරගයට සහභාගී නොවනු ඇති” ලෙස එම පණිවිඩයේ සඳහන් වනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මෙවර ලෝක කුසලානයේ දී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, මූලික වටයේ දී ඔවුන් ඉන්දියාව, නැමීබියාව, නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රීඩා කිරීමට නියමිත ව තිබුණා.
එමෙන්ම පාකිස්තානය විසින් මෙසේ ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම මගින් ඉන්දු – පාකිස්තාන තරගයට නියමිත ලකුණු දෙක ඉන්දියාවට හිමි වනු ඇති.
මෙම සිදුවීමට අදාළ සියලු තොරතුරු මෙන්ම, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















