ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ 3 වැනි දිනය අවසන් වෙද්දී දඹුල්ල කණ්ඩායම ලබා ගත් ලකුණු 408 හඹා යන කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් කඩුලු 2ක් අතැතිව ලකුණු 42ක් පිටුපසින් පසු වෙනවා.
>>අංජල දඹුල්ල බබලවද්දී, රමේෂ් ගාලු ඉනිමට මුක්කු ගසයි<<
ගාල්ල සහ මහනුවර අතර තරගය, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 260ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 209ක් පමණයි.
මහනුවර ක්‍රීඩකයෝ 3 වැනි දිනය ආරම්භ කරන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 199ක් ලබා ගනිමින් සිටියදීයි. ඒ අනුව ඔවුන්ට එම දිනයේ දී තම ඉනිමට එකතු කර ගැනීමට හැකි වෙන්නේ ලකුණු 7ක් පමණයි.
පෙර දිනයේ කඩුලු 4ක් ලබා සිටි සිටි ඉසිත විජේසුන්දර ඉනිම අවසන් වෙද්දී ලකුණු 56කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ලකුණු 51ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 206ක් ලබා සිටියා.
එම ඉනිමේ ඉදිරි පෙළ පිතිකරුවෝ අඩු ලකුණුවට සීමා වෙද්දී අංක 5 ස්ථානයෙන් පිටියට පිවිසි සදීර සමරවික්‍රම පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා.
ඔහු මෙම ඉනිමේ දී පසු පෙළින් පිටියට පිවිසි ඔෂද ප්‍රනාන්දු සමඟ 6 වැනි කඩුල්ලට පන්දු 176ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 87ක්. ඔෂද ප්‍රනාන්දු 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න, දුලාජ් සමුදිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (80.2) ඔෂද ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, රමේෂ් මෙන්ඩිස් 70, ඉසිත විජේසුන්දර 27, දුලාජ් සමුදිත 3/51, චාමික ගුණසේකර 5/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/39
මහනුවර කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (58.2) සම්මු අශාන් 52, අශේන් බණ්ඩාර 28, සොහාන් ද ලිවේරා 20, චාමික කරුණාරත්න 34, ඉසිත විජේසුන්දර 5/56, අසංක මනෝජ් 2/47
ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 206 (78.0) සදීර සමරවික්‍රම 76, ඔෂඳ ප්‍රනාන්දු 55, චාමික කරුණාරත්න 2/12, දුලාජ් සමුදිත 2/35, ජෙෆ්රි වැන්ඩර්සේ 2/45
ගාලු කණ්ඩායම ලකුණු 257ක් ඉදිරියෙන්.
- වනුජ, දිලුම් සහ ලහිරු සම්මාන ලැබූ Major Club තරගාවලිය
- Colts ක්‍රීඩකයෝ Major Club ශූරයන් බවට පත් වෙයි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- සූරි නැවතත් ද්විත්ව ශතක සමාජයට
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නව පුහුණුකරුවෙක් යටතට
දඹුල්ල සහ කොළඹ අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 408ක් ලබා ගන්නවා.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ තරගය 3 වැනි දිනයට නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 366ක් ලබා සිටියා.
එම ඉනිමට පෙර දිනයේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය හා එක් ව ධනංජය ලක්ෂාන් 3 වැනි කඩුල්ලට පන්දු 94ක දී ලකුණු 70ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ධනංජය ලක්ෂාන් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53කට දැවී යෑමත් සමඟිනුයි.
ප්‍රභාත් ජයසූරිය ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී ජනිත් ලියනගේ හා එක් ව පන්දු 84ක දී ලකුණු 58ක සබඳතාවක් ද ගොඩ නගා තිබූ අතර ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
ජනිත් ලියනගේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47ක්. පන්දු 101කට මුහුණ ඔහු එම ඉනිමට හතරේ පහර 5ක් එක් කරගෙන තිබුණා.
තරගය 3 වැනි දිනයට නතර කරන විට නායක චරිත් අසලංක පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ශකිත් උදාර කඩුලු 3ක් ද, කවිඳු පතිරත්න සහ අකිල දනංජය කඩුලු ද්විත්වය බැගින් ද දවා ගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 408 (120.0) නිශාන් මදුශ්ක 97, තනුක දාබරේ 56, කවින් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, කවිඳු පතිරත්න 49, අකිල දනංජය නොදැවී 26, චමෝද් බට්ටගේ 2/57, ප්‍රභාත් ජයසූරිය 3/110, ජනිත් ලියනගේ 2/28
කොළඹ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 366 (113.0) රවිඳු රසාන්ත 69, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් 53, ප්‍රභාත් ජයසූරිය 54, ජනිත් ලියනගේ 47, චරිත් අසලංක නොදැවී 52, කවිඳු පතිරත්න 2/62, අකිල දනංජය 2/83, ශක්ති උදාර 3/93
කොළඹ කණ්ඩායම ලකුණු 42ක් පිටුපසින්.
මෙම තරග ද්විත්වය අද (9) 4 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















