සිම්බාබ්වේ සහ නවසීලන්තය අතර පසුගිය දා නිමා වූ තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගත් සංචාරක නවසීලන්ත ක්‍රීඩකයෝ 2 වැනි තරගයෙන් ඉනිමක සහ ලකුණු 359ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. එය ලෝක ටෙස්ට් තරග ඉතිහාසයට එක් වෙන්නේ, ටෙස්ට් තරගයක් වැඩිම පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම් ලැයිස්තුවේ තෙවැනි තැනට පත් දක්ෂතාව ලෙසයි.
- ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම පරතරයකින් ජයග්‍රහණය කළ තරග 5
Team | Won by | Opposition | Venue | Year | |
1 | එංගලන්තය | ඉනිමක සහ ලකුණු 579ක ජයක්. | ඔස්ට්‍රේලියාව | The Oval | 1938 |
2 | ඔස්ට්‍රේලියාව | ඉනිමක සහ ලකුණු 360ක ජයක් | ද. අප්‍රිකාව | Johannesburg | 2002 |
3 | නවසීලන්තය | ඉනිමක සහ ලකුණු 359ක ජයක්. | සිම්බාබ්වේ | Bulawayo | 2025 |
4 | බ. ඉ. කොදෙව් | ඉනිමක සහ ලකුණු 336ක ජයක්. | ඉන්දියාව | Kolkata | 1958 |
5 | ඔස්ට්‍රේලියාව | ඉනිමක සහ ලකුණු 332ක ජයක්. | එංගලන්තය | Brisbane | 1946 |
ඔවුන් මෙම තරගාවලිය සඳහා සිම්බාබ්වේ දේශය කරා පිවිසෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි. දෙරට අතර එතෙක් පවත්වා තිබූ ටෙස්ට් තරග 17න් 11ක් ඔවුන් ජයග්‍රහණය කර තිබූ අතර තරග 6ක් විසඳුමකින් තොරව අවසන් ව තිබුණා. අවසන් වරට ඔවුනොවුන් හමු වී තිබුණේ 2016 වසරේ දී නවසීලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේ දී යි.
එවර ද තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් සේ ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.
1992 වසරේ ඇරඹි දෙරට ටෙස්ට් පුරාණයේ සුවිශේෂී තරගයක් බවට මෙම තරගය පත් වෙනවා. ඒ වාර්තා රැසක සටහන් නැවත පරිච්ඡේද ගත කිරීමට සිදු වූ නිසයි.
එහි පළමු වැන්න වන්නේ නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණය ලෝක ඉතිහාසයට එක් වීමත් සමඟිනුයි. නවසීලන්තය මීට පෙර මේ සා ජයග්‍රහණයක් ලබා සිටියේ ද සිම්බාබ්ව කණ්ඩායමට එරෙහි ව වීම විශේෂත්වයක්. 2012 වසරේ ජනවාරි 26 වැනිදා Napier හි දී ආරම්භ වූ මෙම තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 301ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එවර නවසීලන්ත කණ්ඩායමට Ross Taylor නායකත්වය ලබා දුන් අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ව සිටියේ Brendan Taylor. ඔවුන්ගේ නම් ඉතිහාස ගත වූ මෙම තරග වාර්තාව වසර 13ක් ම නොනැසී පැවැතියා.
මෙවර, මෙම තරගයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට Craig Ervine නායකත්වය ලබා දුන් අතර නවසීලන්ත කණ්ඩායමේ නායක්තවය හිමි ව තිබුණේ Mitchell Santner වෙතයි.
මෙම වාර්තාවට අමතර ව නවසීලන්ත කණ්ඩායම මෙන් ම සිම්බාබ්වේ කණ්ඩායම ද මෙම තරග ප්‍රතිළුලය සම ව විඳගැනීමේ අවස්ථාවක් ද හිමි ව තිබීම විශේෂත්වයක්. ඒ නවසීලන්තය තම ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම පරතරයකින් ජයග්‍රහණය කළ පළමු තරග ත්‍රිත්වය ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද අතර සිම්බාබ්වේ ඉදිරියේ එම තරග පරාජයන් ත්‍රිත්වය තම ටෙස්ට් තරග ඉතිහාසයේ ලැබූ ඉහළ ම පරාජයන් ලෙසින් සටහන් වෙනවා.
එමෙන් ම මෙම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩකයෝ තිදෙනෙක්ට මංගල ටෙස්ට් වරම් හිමි වීමත් වැදගත් සිදු වීමක් වුණා.
ඒ දකුණතින් මඳ වේග පන්දු යවන්නන් වන Jacob Duffy, Matthew Fisher සහ Zakary Foulkes. ඔවුන් වාර්තා ගත මෙම තරගයේ ඉනිම 2 දී දැවී ගිය කඩුලු 20න් කඩුලු 13ක් ම තමන්ගේ ගිණුම් තුළ තැන්පත් කර ගැනීමට සමත් වෙනවා.
- Siraj වැරදි නිවැරදි කරයි; ඉන්දියාවට තියුණු ජයක්
- Joe Root තවත් කඩඉමක් පනී
- Ben Stokes ගේ Manchester බලපෑම
- Joe Root පෙරළිකාරයන්ගේ ලැයිස්තුවේ ඉහළට
- කොදෙව්වන්ට එරෙහි 14.3 මෙහෙයුම
තරගයේ අවධානය යොමු වූ තවත් කඩඉම් කිහිපයක්
601/3d : මෙම තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමේ දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු 600ක් ඉක්මවා ලබා ගත් 12 වැනි අවස්ථාවයි. මෙම ලකුණු සංඛ්‍යාව සිම්බාබේවේ කණ්ඩායමකට එරෙහි ව වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසින් ද සටහන් වෙනවා.
ඔවුන් ගේ තරග ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වන්නේ බංග්ලාදේශයට එරෙහි ව 2019 වසරේ දී Hamilton හි දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 715යි.
20 : මෙම තරගයේ දී සිම්බාබ්වේ ඉනිමේ දැවී ගිය කඩුලු 20 ම හිමි වෙන්නේ වේග පන්දු යවන්නන්ටයි. ඒ අනුව එවන් දක්ෂතාවක් අවසන් වරට වාර්තා වෙන්නේ 2021 වසරේ දී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගයේ දී නවසීලන්ත ක්‍රීඩකයන් වෙතිනුයි.
9/75 : නවසීලන්ත කණ්ඩායමේ කෝඩුකාර Zakary Foulkes, ප්‍රතිවාදී 1 වැනි ඉනිමේ දී ලකුණු 38කට කඩුලු 4ක් දවා ගත් අතර 2 වැනි ඉනිමේ දී ලකුණු 37කට කඩුලු 5ක් දවා ගනිමින් කෝඩුකාර තිදෙනා අතුරින් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වෙනවා. ඒ අනුව ඔහු මෙම තරගය අවසන් කරන්නේ ලකුණු 75කට කඩුලු 9ක් දවා ගනිමින්.
එය නවසීලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ මංගල තරගයේ දී එවන් දක්ෂතාවක් කළ ක්‍රීඩකයන් අතර 2 වැනියා බවට පත් වූ අතර ඔහුගේ මෙම දක්ෂතාව එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ ලියැවුණා.
ඊට පෙර මෙම දක්ෂතාව දක්වා තිබුණේ Will O’Rourke. ඔහු 2024 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව Hamilton හි දී තම මංගලයේ දී ලකුණු 93කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වෙනවා. ඔහු ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 59කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර 2 වැනි ඉනිමේ දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගන්නවා.
කුළුදුල් තරගයේ කඩුලු 5ක් දවා ගත් Will O’Rourke සුබ පතන සහෝදර ක්‍රීඩකයෝ. (2024.02.15)
ඔහු ද මෙම තරගාවලිය සඳහා සංචාරක කණ්ඩායමට එක් වූ අතර මෙම තරගයේ දී ඔහුට සිදු වූයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් කටයුතු කිරීමටයි.
242 : සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මෙම තරගයේ ඉනිම 2 දී ම රැස් කරන්නේ ලකුණු 242ක් වන වන අතර එය ඔවුන්ගේ තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ ඉනිම 2 දී ම රැස් කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර 5 වැනි ස්ථානයට පත් තරගය බවට පත් වුණා.
මෙම ලැයිස්තුවේ ඊට පෙර අවස්ථා 2ක දී ම ඔවුන් අදක්ෂයන් වී ඇත්තේ නවසීලන්තය හමුවේ වීම විශේෂ සිදුවීමක්. ඔවුන් 2005 වසරේ දී Harare හි දී ලකුණු 158කට ද සහ 2012 වසරේ දී Napier හි දී ලකුණු 194කට ද ලෙසින් තම ඉනිම් අවසන් කර ගන්නවා.
මෙම අදක්ෂතා ලැයිස්තුවේ පළමු තරග ද්විත්වය තම මව්බිමේ දී විදීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් සිදු වෙනවා. එහි පළමු වැන්න වෙන්නේ Harare හි පැවැති තරගයයි.
3x150 : මෙම තරගයේ දී නවසීලන්ත පිතිකරුවන් වූ Devon Conway (153), Henry Nicholls (150*) සහ Rachin Ravindra (165*) ලකුණු 150කට වඩා වැඩියෙන් රැස් කරනවා. එය ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් සිදු කළ තෙවැනි අවස්ථාවයි.
ඊට පෙර 1938 දී එංගලන්ත ක්‍රීඩකයන් වූ Len Hutton (365), Maurice Leyland (187) සහ Joe Hardstaff (169*) ඔස්ට්‍රේලියාවට එරෙහි ව ද සහ 1986 දී ඉන්දියාවේ Sunil Gavaskar (176), Mohammad Azharuddin (199) සහ Kapil Dev (163) ශ්‍රී ලංකාවට එරෙහි ව ද එම දක්ෂතා සිදු කර තිබෙනවා.
153 : මෙම තරගයේ දී Devon Conway ගේ මෙම ඉනිමත් සමඟින් ඔහු තම තරග 29ක් වන ටෙස්ට් තරග දිවියේ 2000 කඩඉම පසු කිරීමට සමත් වෙනවා.
150* : Henry Nicholls මෙම තරගයේ දී රැස් කරන්නේ තම 58ක් වන ටෙස්ට් තරග ඉතිහාසයේ 10 වැනි ශතකයයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<