ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද (19) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
යාපනය සහ ගාල්ල
ගාල්ල ක්‍රීඩකයින්ට වැඩි ගෞරවය තිබූ තරගය ලහිරු මදුශංක ලබා ගත් අගනා ලකුණු 194 නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
ලහිරුගේ ඉනිමට අගනා සහයක් ලබා දුන් දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී ලබා ගත් අර්ධ ශතකය නිසා දෙවැනි ඉනිම සඳහා ලකුණු 584ක් ලබා ගනිමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට යාපනය ක්‍රීඩකයින්ට හැකි වුනා.
ලකුණු 456ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 50ක් ලබා සිටින විට වර්ෂාව නිසා තරගය නතර කිරීමට සිදු වූ අතර පසුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරයන් තීරණය කළා.
නොදැවී ක්‍රීඩා කරමින් සිටි ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 18ක් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර ශෂික දුල්ෂාන්, බිනුර ප්‍රනාන්දු සහ එෂාන් මාලිංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
- ලහිරු සහ මිනෝද් ශතකවලින් දිනය හැඩ කරයි
- මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා
- ලහිරු සහ ශෂික පන්දුවෙන් දස්කම් දක්වයි
- ප්රියංජන් සහ සොහාන්ගෙන් ශතක; ශිරාස්ගෙන් හොඳ පන්දු යැවීමක්
- මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා
දඹුල්ල සහ කොළඹ
මිනෝද් භානුක නොදැවී වාර්තා කළ ලකුණු 186 නිසා දෙවැනි ඉනිම සඳහා ලකුණු 401ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.
කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දුෂාන් විමුක්ති ලකුණු 121කට කඩුලු පහක් සහ තරිඳු රත්නායක ලකුණු 111කට කඩුලු තුනක් දවා ගත්තා.
ලකුණු 485ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළඹ ක්‍රීඩකයින් තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටියා.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුවන්ත නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර නවිඳු නිර්මාල් ලකුණු 30ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තා.
මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය දඹුල්ල ක්‍රීඩකයින් සතු වූ නිසා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැන්නා වෙමින් ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<