44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (11) පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. ගරු ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සමඟින් ආරම්භ වූ තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් එක්වී සිටීම විශේෂත්වයකි.
තුන් පිම්මට උපන් හපන් “ලොක්කී” සහ “පොඩ්ඩි”
එක මව් කුසින් මෙලොව එළිය දුටු, බොහෝ අවස්ථාවල දී හැඩරුවින් එක සමාන බිලිඳුන් නිවුන්නු ලෙස හඳුන්වයි. එලෙස ඉපදෙන දහසකුත් එකක් නිවුන් දරුවන් එකම ක්‍රීඩාවක, එකම ඉසව්වක්…
පසුගිය වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර මෙවර ජාතික ක්‍රීඩා උළෙල පුලතිසි පුරවරයට පැමිණීම ද දේශීය ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් වූ මහඟු අත්වැලකි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා,
“සුසන්තිකා මහත්මිය කළේ ඉතාමත් ආදර්ශමත් කතාවක්, මං කිව්වා ඇය මේ උළෙලේ ප්‍රධාන අමුත්තිය ලෙස පත් කරන්නට, සම්ප්‍රදායට වඩා මේ රට ඉල්ලන්නේ, ක්‍රීඩා ක්ෂේත්‍රය ඉල්ලන්නේ, ලෝකේ නම ඉහළට ගිය කෙනෙකුට නිසි ගෞරවය දීලා ඇයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් කියන විශ්වාසය මට තිබ්බා. ඒ හින්දා මං දරුවන්ගෙන් ඉල්ලන්නේ කැපවීමෙන් ක්‍රීඩාව කරන්න, අපි ඔබ සියලු දෙනා එක්ක ඉන්නවා, ක්‍රීඩා අමාත්‍යාංශය එයට කැපවෙලා තියනවා.”
අභිනව ක්‍රීඩා උපදේශිකාවක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ද මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් එක්වී සිටි අතර ඇය තම ක්‍රීඩා ජීවිතයේ වූ විශේෂ අත්දැකීම් කිහිපයක් ද පැමිණි සිටි ප්‍රේක්ෂකයින් සමඟින් බෙදා ගත්තාය.
“රටවල් 60-70කට ගියපු මම එක ටියුෂන් පන්තියකටවත් ගියේ නෑ. හැබැයි අද මට ඕන රටක් එක්ක බය නැතුව කතා කරන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් මේ ගමන දිනන්න, කැපවෙන්න.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















