ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරගයේදී විනිසුරු තීරණයකට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැඳි සිටින ක්‍රීඩා විවේකාගාර බැල්කනියේ ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා ජාතික කොඩිය ඉවත් කරන්නැයි එම්.සී.සී.ය ඊයේ (12දා) දන්වා තිබුණ බව ඩේලි මේල් පුවත් සේවය සඳහන් කරයි.

තරගයේදී විනිසුරන් විසින් ලබාදුන් දෙවැනි මතභේදාත්මක තීරණය එය විය. ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 45ක් පමණ සිය ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර තරගයේදී ලබාදුන් නිවැරදි නොවන තීන්දුව පිළිබඳව අයි.සී.සීයටද පැමිණිලි කර තිබේ. කෙසේ වෙතත් එම තීරණය සම්බන්ධයෙන් පසුව රොඩ් ටකර් සමාව ගෙන තිබෙන බවද ඩේලිමේල් පුවත්සේවය සඳහන් කරයි.






















