එංගලන්තය සහ ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී එංගලන්ත ක්‍රීඩක Joe Root ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් වීමට සමත් වෙනවා.
Joe Root මෙම තරගයට එක් වෙන විට ටෙස්ට් තරග 156ක දී ලකුණු 13259ක් ලබා සිටි අතර ඒ අනුව ඔහුට මෙම ලැයිස්තුවේ හිමි ව තිබුණේ 5 වැනි ස්ථානයයි.
ඔහුට ඉදිරියෙන් ඉන්දියාවේ Sachin Tendulkar (15921), ඔස්ට්‍රේලියාවේ Ricky Ponting (13,378), දකුණු අප්‍රිකාවේ Jacques Kallis (13,289) සහ ඉන්දියාවේ Rahul Dravid (13,288) පිළිවෙළින් රැඳී සිටියා.
- ලෝක ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභීන් 10 දෙනා
| Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | Sachin Tendulkar | ඉන්දියාව | 200 | 329 | 33 | 15921 | 248* | 53.78 | 51 | 68 |
| 2 | Joe Root | එංගලන්තය | 157 | 286 | 24 | 13409 | 262 | 51.17 | 38 | 66 |
| 3 | Ricky Ponting | ඔස්ට්‍රේලියාව | 168 | 287 | 29 | 13378 | 257 | 51.85 | 41 | 62 |
| 4 | Jacques Kallis | දකුණු අප්‍රිකාව | 166 | 280 | 40 | 13289 | 224 | 55.37 | 45 | 58 |
| 5 | Rahul Dravid | ඉන්දියාව | 164 | 286 | 32 | 13288 | 270 | 52.31 | 36 | 63 |
| 6 | Alastair Cook | එංගලන්තය | 161 | 291 | 16 | 12472 | 292 | 45.35 | 33 | 57 |
| 7 | කුමාර් සංගක්කාර | ශ්‍රී ලංකාව | 134 | 233 | 17 | 12400 | 319 | 57.40 | 38 | 52 |
| 8 | Brian Lara | බ. ඉ. කොදෙව් | 131 | 232 | 6 | 11953 | 400* | 52.88 | 34 | 48 |
| 9 | Shivnarine Chanderpaul | බ. ඉ. කොදෙව් | 164 | 280 | 49 | 11867 | 203* | 51.37 | 30 | 66 |
| 10 | මහේල ජයවර්ධන | ශ්‍රී ලංකාව | 149 | 252 | 15 | 11814 | 374 | 49.84 | 34 | 50 |
පසුගිය ඔක්තෝබරයේ දී එංගලන්තයේ වැඩිම ටෙස්ට් ලකුණුලාභී පිතිකරුවා බවට පත් වූ Joe Root මෙම තරගයට එක් වෙන විට වැඩිම ටෙස්ට් ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානය හා සමඟ අසුන් ගැනීමට ලකුණු 29ක් ද, 3 වැනි ස්ථානයේ සම ව අසුන් ගැනීමට ලකුණු 30ක් ද සහ 2 වැනි ස්ථානයේ සම ව අසුන් ගැනීමට ලකුණු 119ක් ද අවශ්‍ය තිබුණා.
තරගයේ 2 වැනි දිනයේ දී පිටියට පිවිසි Joe Root තෙවැනි දිනයේ පළමු කාර්තුවේ පළමු සිසිල් පැන් පානය වන විට දකුණු අප්‍රිකාවේ Jacques Kallis ද සහ ඉන්දියාවේ Rahul Dravid ද පසු කරමින් මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් වීමට සමත් වූවා.
අනතුරු ව ඔහු දිනයේ 2 වැනි කාර්තුව නිමා වීමට ආසන්න ව තිබිය දී ඔස්ට්‍රේලියාවේ Ricky Ponting සතු ව තිබූ 2 ස්ථානය ද ආක්‍රමණය කළා. ඔහුගේ මෙම වාර්තා ගත ඉනිම අවසන් වෙද්දී පන්දු 248කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 150ක් ලබා සිටියා.
Joe Root ගේ ඉනිම් අතර ද්විත්ව ශතක 6ක් ඇති අතර ඉන් ද්විත්ව ශතක ද්වත්වය බැගින් පාකිස්තානයට (262 සහ 254) සහ ශ්‍රී ලංකාවට (228 සහ නොදැවී 200) එරෙහි ව ද, අනෙක් ද්විත්ව ශතක ද්විත්වය නවසීලන්තයට (226) සහ ඉන්දියාවට (218) එරෙහිව ද වාර්තා කර තිබේ.
මේ අතුරින් ඔහුගේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව ඇත්තේ පාකිස්තානයට එරෙහි ව 2024 වසරේ දී Multan හි දී පන්දු 375කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලබා ගත් ලකුණු 262යි.
ඊට අමතර ව ඔහුගේ මෙම ඉනිම් අතරට තවත් ශතක 32ක් සහ අර්ධ ශතක 66ක් ද ඇතුලත්.
- කොදෙව්වන්ට එරෙහි 14.3 මෙහෙයුම
- ටෙස්ට් පිටියේ අලුත් ම විනිසුරු “රඹුක්වැල්ල”
- මැතිව්ස්; පුරාවෘත්තාන්තයක නිමාව
- දින 9722ක දකුණු අප්‍රිකානු “දේදුණු මෙහෙයුම”
- එක් දිනක් තුළ ක්‍රිකට් ලොව මවිත කරනා සමුගැනීම් දෙකක්
මෙම තරගයේ දී Joe Root හා සමඟ බැදුණ සුවිශේෂී කඩඉම්
38 : Joe Root මෙම තරගයේ දී රැස් කරන්නේ තම ටෙස්ට් තරග දිවියේ 38 වැනි ටෙස්ට් ශතකය වන අතර එය වැඩිම ටෙස්ට් ශතකලාභීන් අතර සිව් වැනි ස්ථානයට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමඟ සම ව පෑ දක්ෂතාවයි.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ටෙස්ට් ශතක 51ක් ලබා සිටින ඉන්දියාවේ Sachin Tendulkar ද, 2 වැනි ස්ථානය ශතක 45ක් ලබා සිටින දකුණු අප්‍රිකාවේ Jacques Kallis ද සහ 3 වැනි ස්ථානය ටෙස්ට් ශතක 41ක් ලබා සිටින ඔස්ට්‍රේලියාවේ Ricky Ponting ද රැදී සිටිනවා.
50 + : ටෙස්ට් තරග දිවියේ ලකුණු 50කට වැඩියෙන් වාර්තා කළ ඉනිම් අතර Joe Root, 2 වැනි ස්ථානය හිමි කර ගන්නවා. ඔහුගේ මෙම ඉනිම එවැන්නන් අතර 104 වැනි ඉනිම වන අතර එම ලැයිස්තුවේ ඔහුට ඉහළින් ඉනිම 119ක් ලබා සිටින Sachin Tendulkar රැදී සිටිනවා.
ඔහු මෙම තරගයේ දී Ricky Ponting සහ Jacques Kallis ලබා සිටි එවැනි අවස්ථා 103 අභිබවා යමිනුයි මෙම ස්ථානයට පත් වෙන්නේ.
12 : Joe Root ගේ මෙම ශතකය ඉන්දියාවට එරෙහි ව වාර්තා කරන ලද 12 වැනි ශතකයයි. එය ඉන්දියාවට එරෙහි ව ප්‍රතිවාදී පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වැඩිම ශතක ප්‍රමාණයයි.
ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු වැනියා ව වී සිටියේ ඔස්ට්‍රේලියාවේ Steven Smith. ඔහු ලබා සිටි ශතක ප්‍රමාණය 11ක්.
3 : Joe Root ගේ මෙම ශතක ප්‍රමාණය, එක් ක්‍රීඩකයෙක් එක් රටකට එරෙහි ව වාර්තා කරන ලද වැඩිම ටෙස්ට් ශතක ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වෙමින් ඔහු එංගලන්තයේ Jack Hobbs සමඟ එක් ව සම ව අසුන් ගන්නවා. Jack Hobbs මෙම දක්ෂතාව සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.
මෙම ලැයිස්තුවේ 1 වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ Don Bradman එංගලන්තයට එරෙහි ව වාර්තා කරන ලද ශතක 19ට ද සහ 2 වැනි ස්ථානය ඉන්දියාවේ Sunil Gavaskar බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව වාර්තා කරන ලද ශතක 13ට ද හිමි වෙනවා.
9 : Joe Root ඉන්දියාවට එරෙහි වාර්තා කරන ලද ශතක අතුරින් ශතක 9ක් ම වාර්තා කරන්නේ තම රටේ දී වන අතර එය ඕනෑ ම ක්‍රීඩකයෙක් තම රටේ දී එක් කණ්ඩායමකට එරෙහි ව වාර්තා කරන ලද වැඩිම ශතක ප්‍රමාණය බවට පත් වෙනවා.
මීට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ ඔස්ට්‍රේලියාවේ Don Bradman එංගලන්තයට එරෙහි ව තම නිජබිමේ දී වාර්තා කර තිබූ ශතක 8ටයි.
23 : Joe Root ගේ මෙම ශතකය ඔහු තම රටේ දී වාර්තා කරන ලද 23 වැනි ශතකයයි. එය ක්‍රීඩකයෙක් තම මව්බිමේ දී වාර්තා කරන වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයන් අතර තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් සමඟ සම ව අසුන් ගන්නා දක්ෂතාවයක්.
ඔහුට පෙර මෙම දක්ෂතාව මේ ලෙසින් ම කර තිබුණේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන්, දකුණු අප්‍රිකාවේ Jacques Kallis සහ ඔස්ට්‍රේලියාවේ Ricky Ponting.
7195 : Joe Root ගේ මෙම ඉනිම අවසානයත් සමඟින් ඔහු තම මව්බිමේ දී ලබා ගත් ටෙස්ට් ලකුණු ප්‍රමාණය 7195ක් බවට පත් වෙනවා. එය ටෙස්ට් ක්‍රීඩකයක් තම මව්බිමේ දී වාර්තා කරන ලද ටෙස්ට් ලකුණු ප්‍රමාණයන් අතර 3 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.
මෙම ලැයිස්තුවේ 1 වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ Ricky Ponting එරට දී ලබා ගත් ලකුණු 7578ට ද සහ 2 වැනි ස්ථානය ඉන්දියාවේ Sachin Tendulkar එරට දී ලබා ගන්නා ලද ලකුණු 7216ට ද හිමි වෙනවා.
1000 : Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් ලකුණු 1000ක් ඉක්ම වූ පළමු වැන්නා බවට පත් වීමට ද Joe Root සමත් වෙනවා. ඔහු මේ වෙද්දී එම ක්‍රීඩාංගණයේ දී තරග 12කට සහභාගී වෙමින් ලකුණු 1128ක් ලබා සිටිනවා.
588 : Joe Root ගේ මෙම ඉනිම අවසන් වන විට ඔහු ඉන්දියාවේ Ravindra Jadeja ට එරෙහි ව ඉනිම 37ක දී 9 වරක් දැවී යමින් ලකුණු 588ක් ලබා ඇති අතර එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී පන්දු යවන්නෙක්ට එරෙහි ව ලබා ඇති වැඩිම ලකුණු අතර පෙරමුණට පැමිණි දක්ෂතාව බවට ද පත් වුණා.
ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් පෑවේ ඔස්ට්‍රේලියාවේ Steven Smith. ඔහු එංගලන්තයේ Stuart Broad ට එරෙහි ව ඉනිම 49ක දී 11 වරක් දැවී යමින් ලකුණු 577ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා ව සිටියා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















