2026 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් භාවිතා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය ඊයේ (14) දිනයේ දී එළිදැක්වුවා.
Moose Clothing විසින් නිර්මාණය කළ මෙම ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට්වල සංකේතාත්මක පැහැයන් වන කහ සහ නිල් පැහැය භාවිත කළ නිමවා ඇති අතර, එමගින් ශක්තිය, එකමුතු බව සහ විශ්වාසය පිළිබිඹු කරන බව දැක්වෙයි. එමෙන්ම නවීන ක්‍රමයට ගැළපෙන ඉලක්කම් සහ අකුරු (Fonts) භාවිතය ද මෙහි දී සිදු කර ඇති අතර, ජර්සියේ උරහිස් මත ඇති නිල් පැහැති ඉරි මගින් ජාතියේ අනන්‍යතාව විදහා දක්වන බව සඳහන් වනවා.
එමෙන්ම මෙම ජර්සිය නිර්මාණය කිරීමේ දී විවිධ තත්ව යටතේ ක්‍රීඩකයින්ට සුව පහසුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව සකසා දී ඇති අතර, උපරිම සැහැල්ලු සහ උණුසුම් වාතය ඉක්මනින් ඉවතට ගලා යා (Air Flow) හැකි සැකැස්මක් සහිත අයුරින් ද නිර්මාණය කර තිබේ.
2023 වසරේ පටන් Moose ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් ජර්සි නිර්මාණය කිරීමෙහි යෙදෙන අතර, මෙය ඔවුන්ගේ සිව්වැනි වසරයි.
මෙම නව ජර්සිය එළිදැක්වීම සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක, Moose Clothing ප්‍රධාන විධායක නිළදාරීන් හසිබ් ඕමාර්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක ප්‍රධානී ඈශ්ලි ද සිල්වා ඇතුළු වගකිවයුතු පිරිස් රැසක් සහභාගී වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම මේත් සමඟින් ම Moose Clothing ආයතනය විසින් Moose Fan App ලෙසින් නව යෙදුමක් ද නිර්මාණය කර ඇති අතර, එය මගින් ක්‍රිකට් රසිකයින්ට තම ඡායාරූප එක් කිරීමේ හැයාව පවතී.
“ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවට එහා ගිය දෙයක්. ඒක කියන්නේ අපි ජාතියක් විදිහට කවුද කියන එක හඟවන දෙයක්. මෙම නව ලෝක කුසලාන ජර්සිය සහ Moose Fan App එක හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම, තමන් මෙම ගමනේ සගයෙක් බව දැනෙන්න සලස්වන්න අවශ්‍ය වුනා. මෙවර ජර්සිය කණ්ඩායම විතරක් නෙවෙයි, ඒ පිටුපස ඉන්න මිනිසුන්ගේ කතා පවා ඉදිරියට රැගෙන යාවී. අපේ ක්‍රීඩකයින් ක්‍රීඩා බිමට යන විට, ඔවුන් අපේ ජාතියේ අභිමානයත් රැගෙන යාවී.“
Moose Clothing ප්‍රධානී Hasib Omar මහතා එසේ විසින් ඊයේ එසේ සිය අදහස් පළ කරා.
එමෙන්ම මෙම නව ජර්සියේ අනුරූ (Replica Versions) කොළඹ සහ නුවර (Moose Clothing Stores හිදි) මිල දී ගත හැකි අතර, ඊට අමතරව www.mooseclothingcompany.com වෙබ් අඩවිය හරහා ද ඇනවුම් කළ හැකියි.
එමෙන්ම Moose Fan ජර්සිය Moose Fan App එක හරහා පෙර ඇනවුම් කල හැකි අතර, Moose Fan App එක එළඹෙන ජනවාරි 21 සිට Google Play සහ iOS හරහා බාගත කර ගත හැකි වනු ඇති.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 07 සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් යුතුව ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















