රිටි පැනීමේ රජු නැවත වරක් ලෝක වාර්තාව අලුත් කරයි!

284
Mondo Duplantis

වත්මන් ලෝක මලල ක්‍රීඩාවේ රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ රජු ලෙස සැලකිය හැකි ස්වීඩනයේ Mondo Duplantis විසින් ඊයේ (12) දිනයේ දී සිය ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කිරීමට සමත් වුනා. 

හංගේරියාවේ Budapest හිදී පැවැත්වෙන World Athletics Continental Tour Gold මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ අතර, මේ සඳහා ලොව නම් දැරූ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුනා. 

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිය දක්ෂතා දක්වමි නව තරග වාර්තා කිහිපයක් ද පිහිටුවමින් තරගකාරී ලෙස තරගාවලිය ක්‍රියාත්මක වූ අතර, මේ අතරවාරයේ දියි පිරිමි රිටි පැනීමේ ඉසව්ව ආරම්භ වුනේ. මෙහි දී ඉසව්ව සඳහා Duplantisට අමතරව, මේ වන විට ඉසව්වේ ඔහුට යම් තරමක හෝ අභියෝගයක් ලෙස සැලකිය හැකි ග්‍රීසියේ Emmanouil Karalis ද ඉසව්වට සහභාගී වුනා. 

සුපුරුදු පරිදි ඉසව්වේ තරණය කළ යුතු උස මීටර් 6ට ආසන්න වන විට Duplantis සහ Karalis පමණක් පිටියේ ඉතිරි වූ අතර, ඔවුන් මීටර් 6.02ක උස පහසුවෙන් තරණය කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මින් පසුව Emmanouil Karalisගේ ගමන නිමා වූ අතර, ඔහු දෙවැනි ස්ථානයේ නතර වුනා. නමුත් Mondo Duplantis සුපුරුදු ලෙසම නැවත වරල් නව ලෝක වාර්තාවක් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් මීටර් 6.29ක උසක් තරණය කිරීමට සමත් වුනා. 

මෙය ඔහු මෙම ඉසව්වේ ලෝක වාර්තාව වෙනස් කිරීමට සමත් වූ 13 වැනි අවස්ථාව ලෙසයි සටහන් වුනේ.  

එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී Mondo මෙම ලෝක වාර්තාව 6.30ක් දක්වා රැගෙන යාමට මාන බලමින් සිටින බව දැන් සහතික වශයෙන් ම සඳහන් කළ හැකි. 

දෙස් විදෙස් මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>