වෙළඳ සේවා වොලිබෝල් අවසන් තරග 13 – 14 දිනවල

The Mercantile Volleyball Tournament 2025

119

වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරග අද (13) සහ හෙට (14) වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙවර තරගාවලිය Masters කාන්තා සහ පිරිමි, “A” කාණ්ඩයේ කාන්තා සහ පිරිමි, Championship කාන්තා සහ පිරිමි සහ Super League කාන්තා සහ පිරිමි ලෙසින් කාණ්ඩ 4ක් යටතේ පැවැතියා.  

එලෙසින් පැවැති තරගාවලියේ Masters අංශයේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය සඳහා MAS Casualine සහ Maliban කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර එම කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ඇත්තේ Crystal Martin සහ Maliban කණ්ඩායම්. 

“A” කාණ්ඩයේ තරගාවලියේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ Omega Line සහ UTP කණ්ඩායම් වන අතර එම කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය සඳහා  MAS Unichela සහ Brandix Apparel Essentials කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.   

තරගාවලියේ Championship කාණ්ඩයේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය Omega Line සහ MAS Intimates Casualline කණ්ඩායම් අතර පැවැත්වෙන අතර කාණ්ඩයේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය සඳහා Ocean Lanka සහ Maliban කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. 

තරගාවලියේ වඩාත් අවධානය සහිත Super League කාණ්ඩයේ කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය Hirdaramani සහ MAS Casualine අතර පැවැත්වෙන අතර පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය Ocean Lanka සහ Maliban කණ්ඩායම් අතර පැවැත්වීමට වීමට නියමිතයි.   

තරගාවලියේ පැවැති කාණ්ඩ 4න් Maliban කණ්ඩායම ඉසව් 4කින් අවසන් මහා තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්. ඒ අනුව ඔවුන් Masters කාන්තා සහ පිරිමි ඉසව්න් ද්විත්වයෙන් ද, Championship කාණ්ඩයේ පිරිමි ඉසව්වේ ද සහ Super League කාණ්ඩයේ පිරිමි ඉසව්වේ ද අවසන් මහා තරග නියෝජනය කරනවා.  

ඊට අමතර ව  MAS Casualine කණ්ඩායම් Masters කාන්තා ඉසව්වෙන් ද Super League කාන්තා ඉසව්වෙන් ද අවසන් මහා තරග නියෝජනය කිරීමට වරම් ලබා තිබෙනවා. එමෙන් ම Omega Line කණ්ඩායම් ද “A” Division කාන්තා ඉසව්වෙන් ද සහ Championship කාන්තා ඉසව්වෙන් ද අවසන් මහා තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<