සුපිරි තරගාවලියක අවසානයක පෙර නිමිති පහළ කරමින් අද (16) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ වෙළඳසේවා අන්තර් සමාගම් පළමු කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී, MAS යුනිචෙලා සහ ඩිමෝ ලංකා කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
වෙළඳසේවා සටනක් අතරතුරේ දී රමිත් රඹුක්වැල්ලගෙන් පෙරළියක්!
තරගයෙන් තරගයට, පන්දුවාරයෙන් පන්දුවාරයට උණුසුම වැඩි වන වෙළඳසේවා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 4ක් අද (15) ක්‍රීඩාංගණ දෙකක දී ක්‍රියාත්මක විය.
එම කණ්ඩායම් දෙක හෙට (17) බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. වෙළඳසේවා එක්දින පිළිමළුන් පිටුදැකීමේ එක්දින තරගාවලියේ ජයග්‍රාහකයින් වූ ටීජේ ලංකා කණ්ඩායම සහ අනුශූරතාව දිනාගත් එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය ආරම්භයේ දී ම අවසන් පූර්ව වටය නියෝජනයට සුදුසුකම් ලබා සිටියහ. වෙළඳසේවා එක්දින ලීග් තරගාවලියේ ශූරතා කුසලානය දිනා ගත්තේ MAS යුනිචෙලා කණ්ඩායමයි.
ඒ අනුව පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා MAS යුනිචෙලා සහ ටීජේ ලංකා කණ්ඩායම් සහභාගී වන අතර දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ඩිමෝ ලංකා සහ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම් සහභාගී වීමට නියමිතයි.
ජෝන් කීල්ස් කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම අතර තරගය
ජෝන් කීල්ස් කණ්ඩායම සහ MAS යුනිචෙලා කණ්ඩායම අතර පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. මෙම තරගය සම්පූර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට ගැනීමට ටී. එම්. සම්පත් සහ ෆර්වීස් මහරූෆ් සමත් වීම කැපී පෙණුනි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන් MAS ක්‍රීඩකයෝ පන්දු යැවීමේ වාසිය උපරිමයෙන් තමන් සතු කර ගනිමින් ජෝන් කීල්ස් ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 149කට සීමා කළහ. එම ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටී. එම්. සම්පත් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිද්දී, අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ ෆර්වීස් මහරූෆ් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තේය.
අසේල ගුණරත්න නැවතත් ක්‍රිකට් පිටියට
ලංකන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර ‘SLC Premier Emerging League’ තරගාවලිය යටතේ පනාගොඩ දී පැවති තරගයක දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්…
ජෝන් කීල්ස් කණ්ඩයම වෙනුවෙන් එහි නායක භානුක රාජපක්ෂ පන්දු 38ක දී හතරේ 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තේය. ඔහුට යම් තරමකින් හෝ සහයෝගයක් දැක්වූයේ මධුක ලියනපතිරණගේ පමණි. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23කි.

ඒ අනුව තරගයේ පහසු ජයග්‍රහණයක් වාර්තා කළ MAS යුනිචෙලා කණ්ඩායම හෙට (17) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී පිළිමළුන් පිටු දැකීමේ සීමිත පන්දවාර 50 තරගාවලියේ ජයග්‍රහණය ලබා ගත් ටීජේ ලංකා කණ්ඩායම සමඟ තරගයට මුහුණ දීමට අවස්ථාව දිනා ගත්තේය.
ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 149 (20): භානුක රාජපක්ෂ 69, මධුක ලියනපතිරණගේ 23, ටී.එම්. සම්පත් 4/34, ෆර්වීස් මහරූෆ් 2/22
MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 2ක් දැවී 150 (17): ටී.එම්. සම්පත් 81, ෆර්වීස් මහරූෆ් නොදැවී 52
ඩිමෝ ලංකා කණ්ඩායම සහ හේලීස් සමාගම් කණ්ඩායම අතර තරගය
ඩිමෝ ලංකා කණ්ඩායම සහ හේලීස් සමාගම් කණ්ඩායම අතර පැවති දෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඩිමෝ ලංකා සමාගම සමත් විය.

ඩිමෝ ලංකා ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ හෂාන් දුමිඳු සහ තික්ෂිල ද සිල්වා දොළොස්වැනි පන්දු වාරයේ දී තම පළමු කඩුල්ල නිමා වෙද්දී ලකුණු 106ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූහ. එහි දී හෂාන් දුමිඳු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 50ක් ලබා ගත්තේය. තික්ෂිල ද සිල්වා පන්දු 33ක වේගවත් ඉනිමක නිරත වෙමින් ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් එක් කිරීමට ඔහු සමත් විය. මැද පෙළට ශක්තියක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පන්දු 12ක දී නොදැවී ලකුණු 20ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී ඇන්ඩි සොලමන්ස් සහ හර්ෂ රාජපක්ෂ කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි හේලීස් කණ්ඩායම සෙමින් සෙමින් එහෙත් ජයග්‍රහණයකින් තොර තරගයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්හ. එම ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ යොවුන් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත ය. ඔහු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් තම ඉනිම අවාසනාවන්ත ලෙස අවසන් කර ගත්තේ ලකුණු 49ක් ලබා සිටිය දී ය. ඊට අමතරව නිමේෂ ගුණතිලක පන්දු 17ක දී ලකුණු 22ක් ලබා ගත්තේ ය. නමුත් එකී දක්ෂතාවන් තරගයේ තමන් සතු කර ගැනීමට ප්‍රමාණවත් නොවුණි.
පන්දු යැවීමේ දී තික්ෂිල ද සිල්වා ලකුණු 18කට කඩුලු 2ක් ලබා ගත් අතර පන්දු යවන්නන් 6 දෙනෙක් අතර කඩුල්ල බැගින් බෙදා ගැණුනි. එක් කඩුල්ලක් දුවද්දී දවා ගත්තේ ය.
ඩීමෝ ලංකා කණ්ඩායම; කඩුලු 6ක් දැවී 182 (20): හෂාන් දුමිඳු 50, තික්ෂිල ද සිල්වා 66, සම්මු අශාන් 28, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20, ඇන්ඩි සොලමන්ස් 2/38, හර්ෂ රාජපක්ෂ 2/17
හේලීස් සමාගම් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 159 (20): රොන් චන්ද්‍රගුප්ත 48, චානක රුවන්සිරි 19, නිමේෂ ගුණතිලක 22, තික්ෂිල ද සිල්වා 18/2
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න











