ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය පරාජය කරයි

CAVA Men's Volleyball Nations League

5
CAVA Men's Volleyball Nations League

මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය සංවිධානය කරන CAVA Nations කුසලාන වොලිබෝල් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය 3-2කින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

බංග්ලාදේශයේ Dhaka හි දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ප්‍රතිවාදීන් වූයේ ඇෆ්ගනිස්තානයයි.

තරගය ආරම්භ කරමින් පැවැති පළමු වටයේ ආරම්භයේ දී ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් පසු වෙනවා. ඒ තත්ත්වය වෙනස් වෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 7-7ක් සේ සම කිරීමත් සමඟිනුයි. ඇෆ්ගනුස්තානුවන් ගත් පළමු විවේකය වෙද්දී ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ 9-7ක් ලෙසින් ඉදිරියෙන් සිටියා.

ලකුණු සම වෙමින් සහ තරගයේ පාලනය වරින් වර දෙපිලට ම දෝලනය වෙමින් පැවැතෙද්දී ඇෆ්ගනිස්තානය නැවත 2 වැනි විවේකය ලබා ගන්නවා. ඒ වෙද්දීත් ඉදිරියෙන් පසු වූයේ ශ්‍රී ලංකාවයි. ලකුණු පුවරුව දැක් වුණේ 21-19ක් ලෙසයි.

ඉන් අනතුරු ව තරගය 22-21ක් ලෙසින් ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටිය දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විවේකයක් ඉල්ලා සිටියා. අනතුරු ව අවසන් ලකුණු කිහිපයේ දී ද දෙරට ක්‍රීඩකයෝ තියුණු සටන්කාමීත්වයක් දැක් වූ අතර තරගය අවසන් වෙන්නේ 25-23ක් ලෙසින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමින්.

අනතුරු ව පැවැති 2 වැනි වටයේ දී පළමු ලකුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගත්ත ද ඇෆ්ගනිස්තානය ලකුණු පුවරුව 4-1ක් බවට පත් කර ගනිමින් සුබවාදී ආරම්භයක් ලබා ගන්නවා. නමුත් ලෙහෙසියෙන් පසු පසට ඇද දැමිය නොහැකි කණ්ඩායමක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටය 4-4ක් ලෙසින් සම කර ගන්නා ලද අතර එතැන් සිට නැවතත් ලකුණු පුවරුව එකිනෙකාට නොදෙවෙනි ලෙසින් සම සමව පත්වාගෙන යෑමට දෙරට ක්‍රීඩකයෝ සමත් වෙනවා.

තරගයේ පළමු විවේකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විසින් ලබා ගන්නා ලද අතර ඒ වෙද්දී ඇෆ්ගනිස්තානය 13-15ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. එතැන් සිට ඔවුන් තරගයේ ඉදිරියෙන් සිටි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නැවත ලකුණු පවුරුවු 23-18ක් ලෙසින් ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් පසු වෙද්දී 2 වැනි විවේකයත් ලබා ගත්තා.

එම විවේකයෙන් අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලකුණු 3ක් එකතු වෙද්දී ඇෆ්ගනිස්තානය විවේකයක් ලබා ගන්නවා. එම විවේකයෙන් පසුව පළමු ලකුණ ශ්‍රී ලංකාව විසින් ලබා ගත්ත ද අනතුරු ව ලකුණු ද්විත්වය ඇෆ්ගනිස්තානය ලබා ගනිමින් තරගය 25-22ක් ලෙසින් ජයග්‍රහණය කරනවා.

දෙරට අතර පැවැති තෙවැනි වටයේ ලකුණු පුවරුව ද දෙපිලට ම දෝලනයෙන් වෙමින් පැවැතියා. ඒ අනුව ඇෆ්ගනිස්තානය වරෙක 21-18ක් ලෙසින් ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකාව විසින් පළමු විවේකය ලබා ගන්නවා.

අනතුරු ව ශ්‍රී ලංකාව 22-21ක් ලෙසින් ඉදිරියට පැමිණෙද්දී ඇෆ්ගනිස්තානය විවේකයක් ඉල්ලා සිටියා. ඉන් අනතුරු ව ලකුණු පුවරුව 23-21ක් ලෙසින් ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් පසු වෙද්දී ශ්‍රී ලංකාව විවේකයක් ලබා ගත්තා.

එතැන් සිට තරගය 23-23ක්, 24-24ක්, 25-25ක් සහ 26-26ක් ලෙසින් තියුණු මුහුණුවරකින් පැවැතියා. කෙසේ වෙතත් තරගය අවසන් වෙන්නේ ඇෆ්ගනිස්තානයට ලකුණු 28-26ක ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

තෙවැනි තරග වටය අවසන් වන විට 2-1ක් ලෙසින් ඉදිරියෙන් සිටි ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ වඩාත් තරගකාරී ලෙසින් සිව් වැනි තරග වටයට අවතීර්ණ වෙනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුපුරුදු දක්ෂතාවන් දක්වමින් පෙර සේ ම තරගයේ ලකුණු සම කරගනිමින් ඉදිරියට ගෙන ගියා.

ආරම්භයේ දී ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් පසු වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ අවසන් අදියරේ දී ලකුණු 19-19ක් ලෙසින් සම තත්ත්වයට ගෙන ඒමට සමත් වෙනවා. ඒ සමඟින් ම ඇෆ්ගනිස්තානුවෝ තම පළමු විවේකය ලබා ගන්නා ලද අතර ඉන් අනතුරු ව නැවත තරගය දෙපිලට ම දෝලනය වෙමින් ලකුණු එකතු වූවා.

එලෙසින් පැවැති තරගයේ ලකුණු 23-21ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය දී නැවත ඇෆ්ගනිස්තානුවෝ විවේකයක් ලබා ගන්නවා. එතැන් සිට ලකුණු 2ක් පිට පිට ලබා ගන්නා ඇෆ්ගනුස්තානුවෝ ලකුණු තත්ත්වය 23-23ක් සේ සම කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ද විවේකයක් ලබා ගන්නවා.

එතැන් සිට ගෙවුණ තරග වටය අවසන් වෙන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 25-23ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. ඒ අනුව තරගය 2-2ක් සේ සම තත්ත්වයට ද පත් වෙනවා.

ඒ අනුව ආරම්භ වූ තීරණාත්මක වටයේ පළමු ලකුණ ඇෆ්ගනුස්තානුවන් ලබා ගත්ත ද ඊට පසුව ලකුණු 3-1ක් සේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙද්දී ම ඇෆ්ගනුස්තානුවෝ විවේකයක් ලබා ගන්නවා.

එතැන් සිට තරගය දෙපිලට ම විවෘත වෙද්දී ලකුණු 8-6ක් සේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙද්දී තම පැති මාරු කරන ගන්නවා. එසේ වී ශ්‍රී ලංකාව ලකුණු 10-7ක් සේ ඉදිරියෙන් පසුවෙද්දී නැවත ඇෆ්ගනුස්තානුවෝ ව්වේකයක් ලබා ගන්නවා.

ඉන් අනතුරු ව ද තරගයේ පාලනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු වූවා. ඒ අනුව එම තරග වටය අවසන් වෙන්නේ 15-11ක් සේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දෙමින්. ඒ අනුව ඇෆ්ගනිස්තානය සමඟ පැවැති එම තරගය ද 3-2ක් සේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟතරගය හෙට (23) පෙරවරු 11.00ට ටර්මකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<