වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට Hayleys Group A ක්‍රීඩකයෝ සමත් වෙනවා.
Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ Maliban Biscuits A කණ්ඩායමයි.
Hayleys Group A කණ්ඩායම
රමේෂ් මෙන්ඩිස් (නායක), නිශාන් මදුශ්ක, සදීර සමරවික්‍රම, මිනෝද් භානුක (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, ඉනුක කරන්නාගොඩ, ලහිරු සමරකෝන්, කවිශ්ක අංජුල, රවිඳු ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය සහ ට්‍රෙවීන් මැතිව්.
Maliban Biscuits A කණ්ඩායම
සංගීත් කුරේ (නායක), විශේන් හැළඹගේ, ධනංජය ලක්ෂාන්, දුශාන් විමුක්ති, සනෝජ් දර්ශික, සහන් ආරච්චිගේ, මිලින්ද සිරිවර්ධන, දුශාන් හේමන්ත, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), වනුජ සහන් සහ චතුර පීරස්.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Hayleys Group A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Maliban Biscuits A කණ්ඩායම පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 122ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා ගන්නවා.
ඊට අමතර ව එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ සහන් ආරච්චිගේ. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16ක්.
කඩුලු දවා ගැනීමේ දී නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව කවිශ්ක අංජුල ද ලකුණු 26කට කඩුලු 3ක් ද, ට්‍රෙවීන් මැතිව් කඩුලු ද්විත්වයක් ද සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් ද දවා ගන්නවා.
- සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
- මහානාම විද්‍යාලය අවසන් මහා තරගයට
- CDB A කණ්ඩායමට තවත් ජයක්
- වෙළඳ සේවා T20 පළමු ශතකය අවිශ්කගෙන්
Hayleys Group A කණ්ඩායමේ හඹා ගිය ඉනිමේ තවත් පන්දු 20ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට සමත් වෙනවා. එම ඉනිම ආරම්භ කළ නිශාන් මදුශ්ක සහ සදීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කරනවා. සදීර සමරවික්‍රම පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.
අනතුරු ව ලකුණු පුවරුව ලකුණු 85ක් වෙද්දී නිශාන් මදුශ්ක ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.
අනතුරු ව නුවනිඳු ප්‍රනාන්දු සහ මිනෝද් භානුක පන්දු 5ක් තුළ දවා ගනිමින් තරගයේ වාසිය තමන් වෙතට නතු කර ගැනීමට ප්‍රතිවාදී Maliban Biscuits A ක්‍රීඩකයෝ උත්සාහ කළ ද Hayleys Group A නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණයෙන් අවසන් කරනවා.
මිනොද් භානුක පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත් අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුශාන් හේමන්ත ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Maliban Biscuits A : සියලුම දෙනා දැවී 122 (19.4) ධනංජය ලක්ෂාන් 49, රමේෂ් මෙන්ඩිස් 3/14, ට්‍රෙවින් මැතිව් 2/18, කවිශ්ක අංජුල 3/26
Hayleys Group A : කඩුලු 4ක් දැවී 128 (16.4) නිශාන් මදුශ්ක 41, සදීර සමරවික්‍රම 23, මිනෝද් භානුක 28, රමේෂ් මෙන්ඩිස් නොදැවී 20, දුශාන් හේමන්ත 3/28
Hayleys Group A කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















