2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන සහ කණ්ඩායම් කාණ්ඩවලට බෙදෙන ආකාරය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි 07 වැනි දා ආරම්භ වීමට නියමිත අතර, එදින තරග හයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
කණ්ඩායම් 20ක් සහභාගී වන මෙවර ලෝක කුසලාන තරගාවලිය දින 29ක් පුරාවට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 08ක් තුළ ක්‍රියාත්මක වනු ඇති. මේ අතරින් ක්‍රීඩාංගණ පහක් ඉන්දියාවේ වන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කර තිබෙනවා.
තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ:
Narendra Modi Stadium in Ahmedabad, MA Chidambaram Stadium (Chennai), Arun Jaitley Stadium (New Delhi), Wankhede Stadium (Mumbai), Eden Gardens (Kolkata), ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය (කොළඹ), SSC ක්‍රීඩාංගණය (කොළඹ) සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය (මහනුවර)
පෙබරවාරි 07 සිට 20 වැනි දා දක්වා තරගාවලියේ මූලික වටයේ තරග 40ක් පැවැත්වීමට නියමිත අතර, ඉන් පසුව එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථාන ද්විත්වය ලබාගන්නා කණ්ඩායම් දෙක බැගින් සුපිරි 08 වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
එමෙන්ම සුපිරි 8 වටයේ මුල් ස්ථාන හතර හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගනු ඇති. තරගාවලියේ අවසන් පූර්ව තරග කොල්කටා/කොළඹ සහ මුම්බායේ ද අවසන් මහා තරගය (මාර්තු 08 වැනි දා) අහමදාබාද්/කොළඹ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
තරගාවලියේ මූලික වටයේ දී ඉන්දියාව සහ ඔවුන්ගේ සදාකාලික එදිරිවාදියා වන පාකිස්තානය A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. එමෙන්ම සත්කාරක ශ්‍රී ලංකාව B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර, එහි දී ඔවුන්ට ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඕමානය සමඟ තරග වැදීමට සිදු වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ කාණ්ඩ;
Group A: ඉන්දියාව, පාකිස්තානය, ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ පාකිස්තානය
Group B: ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය
Group C: එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය, නේපාලය
Group D: දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
තරගාවලියේ තරග කාලසටහන;
| දිනහ | ආරම්භක වේලාව | කණ්ඩායම | ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය |
| 07 Feb 2026 | 11:00 AM | PAK | NED | SSC, Colombo |
| 07 Feb 2026 | 3:00 PM | WI | BAN | Kolkata |
| 07 Feb 2026 | 7:00 PM | IND | USA | Mumbai |
| 08 Feb 2026 | 11:00 AM | NZ | AFG | Chennai |
| 08 Feb 2026 | 3:00 PM | ENG | NEP | Mumbai |
| 08 Feb 2026 | 7:00 PM | SL | IRE | Premadasa, Colombo |
| 09 Feb 2026 | 11:00 AM | BAN | ITA | Kolkata |
| 09 Feb 2026 | 3:00 PM | ZIM | OMA | SSC, Colombo |
| 09 Feb 2026 | 7:00 PM | SA | CAN | Ahmedabad |
| 10 Feb 2026 | 11:00 AM | NED | NAM | Delhi |
| 10 Feb 2026 | 3:00 PM | NZ | UAE | Chennai |
| 10 Feb 2026 | 7:00 PM | PAK | USA | SSC, Colombo |
| 11 Feb 2026 | 11:00 AM | SA | AFG | Ahmedabad |
| 11 Feb 2026 | 3:00 PM | AUS | IRE | Premadasa, Colombo |
| 11 Feb 2026 | 7:00 PM | ENG | WI | Mumbai |
| 12 Feb 2026 | 11:00 AM | SL | OMA | Kandy |
| 12 Feb 2026 | 3:00 PM | NEP | ITA | Mumbai |
| 12 Feb 2026 | 7:00 PM | IND | NAM | Delhi |
| 13 Feb 2026 | 11:00 AM | AUS | ZIM | Premadasa, Colombo |
| 13 Feb 2026 | 3:00 PM | CAN | UAE | Delhi |
| 13 Feb 2026 | 7:00 PM | USA | NED | Chennai |
| 14 Feb 2026 | 11:00 AM | IRE | OMA | SSC, Colombo |
| 14 Feb 2026 | 3:00 PM | ENG | BAN | Kolkata |
| 14 Feb 2026 | 7:00 PM | NZ | SA | Ahmedabad |
| 15 Feb 2026 | 11:00 AM | WI | NEP | Mumbai |
| 15 Feb 2026 | 3:00 PM | USA | NAM | Chennai |
| 15 Feb 2026 | 7:00 PM | IND | PAK | Premadasa, Colombo |
| 16 Feb 2026 | 11:00 AM | AFG | UAE | Delhi |
| 16 Feb 2026 | 3:00 PM | ENG | ITA | Kolkata |
| 16 Feb 2026 | 7:00 PM | AUS | SL | Kandy |
| 17 Feb 2026 | 11:00 AM | NZ | CAN | Chennai |
| 17 Feb 2026 | 3:00 PM | IRE | ZIM | Kandy |
| 17 Feb 2026 | 7:00 PM | BAN | NEP | Mumbai |
| 18 Feb 2026 | 11:00 AM | SA | UAE | Delhi |
| 18 Feb 2026 | 3:00 PM | PAK | NAM | SSC, Colombo |
| 18 Feb 2026 | 7:00 PM | IND | NED | Ahmedabad |
| 19 Feb 2026 | 11:00 AM | WI | ITA | Kolkata |
| 19 Feb 2026 | 3:00 PM | SL | ZIM | Premadasa, Colombo |
| 19 Feb 2026 | 7:00 PM | AFG | CAN | Chennai |
| 20 Feb 2026 | 7:00 PM | AUS | OMA | Kandy |
| 21 Feb 2026 | 7:00 PM | Y2 | Y3 | Premadasa, Colombo |
| 22 Feb 2026 | 3:00 PM | Y1 | Y4 | Kandy |
| 22 Feb 2026 | 7:00 PM | X1 | X4 | Ahmedabad |
| 23 Feb 2026 | 7:00 PM | X2 | X3 | Mumbai |
| 24 Feb 2026 | 7:00 PM | Y1 | Y3 | Kandy |
| 25 Feb 2026 | 7:00 PM | Y2 | Y4 | Premadasa, Colombo |
| 26 Feb 2026 | 3:00 PM | X3 | X4 | Ahmedabad |
| 26 Feb 2026 | 7:00 PM | X1 | X2 | Chennai |
| 27 Feb 2026 | 7:00 PM | Y1 | Y2 | Premadasa, Colombo |
| 28 Feb 2026 | 7:00 PM | Y3 | Y4 | Kandy |
| 01 Mar 2026 | 3:00 PM | X2 | X4 | Delhi |
| 01 Mar 2026 | 7:00 PM | X1 | X3 | Kolkata |
| 04 Mar 2026 | 7:00 PM | SF1 | KO | Kolkata/Colombo |
| 05 Mar 2026 | 7:00 PM | SF2 | KO | Mumbai |
| 08 Mar 2026 | 7:00 PM | FINAL | KO | Ahmedabad/Colombo |
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















