2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 10 වැනි සතියට අදාළ තරග හතරක් පසුගිය සිකුරාදා (06) පටන් ක්‍රියාත්මක වුනා.
CR & FC සහ ගුවන් හමුදාව
මෙවර තරග වාරය තුළ වඩාත් ඉහළ දක්ෂතා දක්වමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින CR & FC කණ්ඩායම සහ සුපිරි කණ්ඩායම් හතර අතරට එක් වීමට මාන බලමින් සිටින ගුවන් හමුදාව මෙම සති අන්තයේ පළමු ගැටුම වෙනුවෙන් තරග බිමට පිවිසුණා.
කෙසේ වෙතත් මෙම තරගයේ දී බලාපොරොත්තු වූ තරම් සටනක් CR & FC වෙත ලබා දීමට ගුවන් හමුදාව සමත් වුනේ නැහැ.
තරගයේ පළමු අර්ධය තුළ ම උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබමින් තරගයේ පෙරමුණ ලබා ගැනීමට CR & FC කණ්ඩායම සමත් වූ අතර, ඒ අතරවාරයේ දී ගුවන් හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් නොවූ අතර, මෙම කාලසීමාව තුළ CR ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු තවත් ලකුණු 19ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා.
ඒ අනුව මෙවර ලීගයේ මූලික වටයේ සිය සියලු තරග අවසන් කරන CR & FC කණ්ඩායම තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට සමත් වී තිබෙනවා.
- CR & FC 38 (6T, 4C) – ගුවන් හමුදාව 05 (1T)
තරගයේ වීරයා – අබ්දුල් අහමඩ් (CR & FC)
පොලිස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය
මෙම තරගයේ දී යුද හමුදාවට පරාජය උරුම කර දෙමින් විශිෂ්ට ජයක් ලැබීමට පොලිස් ක්‍රීඩකයින් විසින් සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, යුද හමුදාව එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධයේ දී යුද හමුදාව තවත් එක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, මේ අතරවාරයේ පොලිස් කණ්ඩායම විසින් තවත් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා.
- පොලිස් ක්‍රීඩා සමාජය 30 (5T, 1C, 1P) – යුද හමුදා ක්‍රීඩා සමාජය 10 (2T)
තරගයේ වීරයා – Kaliova Mocetadra (පොලිස් ක්‍රීඩා සමාජය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
Siri Lions සහ CH & FC
මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම CH & FC ක්‍රීඩකයින් ඉතා පහසුවෙන් ලකුණු හඹා යමින් තරගය ජය ගන්නා බවට ඉඟි පළ කළා. තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 33ක් වාර්තා කරන අතරේ, Siri Lions ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය ද පළමු අර්ධයට නොදෙවෙනි අයුරින් ක්‍රියාත්මක කිරීමට CR & FC ක්‍රීඩකයින් විසින් සමත් වුනේ තවත් ලකුණු 26ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. ඒ අනුව සමස්ත තරගය තුළ ඔවුන් උත්සාහක දිනුම් 9ක් වාර්තා කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් Siri Lions ක්‍රීඩකයින් දෙවැනි අර්ධය තුළ වාර්තා කළේ ලකුණු 05ක් පමණයි.
- CR & FC 59 (9T, 7C) – Siri Lions 12 (2T, 1C)
තරගයේ වීරයා – ගිම්හාන සිල්වා (CR & FC)
මහනුවර සහ Havelock SC
පසුගිය සතියේ CH & FC හමුවේ ලද පරාජය නිසා සිය අපරාජිත ගමන නිම කිරීමට සිදු වූ මහනුවර කණ්ඩායම මෙවර නැවත සිය ගිලිහුණු ගෞරවය තමන්ගේ කර ගැනීම වෙනුවෙන් තරග බිමට පිවිසුණා.
තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ඒ වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකසා ගනිමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ Havelock ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ,මහනුවර කණ්ඩායමට ඉතා හොඳ තරගයක් ලබා දෙමින් තරගයේ ජය පෙනී නොපෙනෙන මට්ටමට පැමිණීමට Havelock ක්‍රීඩකයින් විසින් සමත් වුනේ ලකුණු 19ක් ලබා ගනිමිනුයි. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ මහනුවර ක්‍රීඩකයින් විසින් තවත් උත්සහාක දිනුම් තුනක් සමඟ ලකුණු 17ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- මහනුවර 36 (6T, 3C) – Havelock SC 26 (4T, 3C)
තරගයේ වීරයා – දිනාල් ඒකනායක (මහනුවර)
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















