2025/26 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීගයේ 09 වැනි සතියට අදාළ තරග හතරක් පසුගිය සිකුරාදා (09) පටන් ක්‍රියාත්මක වුනා.
CH & FC සහ Havelock
සෑම තරග වාරයක ම විශේෂ අවධානයක් හිමි වන තරගයක් ලෙස සැලකිය හැකි මෙම තරගයට CH & FC ක්‍රීඩකයින් අපරාජිත ගමනක පැමිණෙමින් පිවිසුණු අතර, Havelock ක්‍රීඩකයින් පසුගිය සතියේ දී CR & FC හමුවේ ලද පරාජයේ කටුක අත්දැකීම මතින් තරගයට පිවිසුණා.
එවන් වාතාවරණයක් තුළ ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තුවේ පටන් Havelock ක්‍රීඩකයින් තරගය තමන්ගේ කර ගනිමින් ක්‍රීඩාවේ නිරත වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරවාරයේ CH & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් සිය ග්‍රහණය තවත් දැඩි කළ අතර, මෙහි දී ඔවුන් තවත් උත්සාහක දිනුම් 4ක් සමඟ ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළ CH & FC කණ්ඩායම එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
මේ අනුව CH & FC ක්‍රීඩකයින් විසින් මෙවර ලීගයේ මෙතෙක් කල් රැක ගෙන ආ අපරාජිත ගමන මෙතෙකින් නිමා වූ අතර, ලීග් ශූරතාව වෙනුවෙන් ඇති සටන තවත් උණුසුම් ස්වභාවයකට ද පත් වුනා.
- Havelock SC 39 (6T, 3C, 1P) – CH & FC 05 (1T)
තරගයේ වීරයා – උදේශ් මදුශංක (Havelock SC)
නාවික හමුදාව සහ යුද හමුදාව
මෙම සති අන්තයේ ක්‍රියාත්මක වූ තවත් තියුණු තරගයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි.
තරගය ආරම්භයේ පටන් දෙපිළම කරට කර සටනක නිරත වූ අතර, තරගයේ පළමු අර්ධය තුළ නාවික හමුදාව උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, යුද හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
එක් වරක තරගය 12-24ක් ලෙස නාවික හමුදාව පෙරමුණේ සිටියත්, සුළු මොහොතකින් තරගයේ ස්වභාවය වෙනස් කළ යුධ හමුදාව තරගයේ දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් 05ක් වාර්තා කරමින් මුළු ලකුණු 41ක් දක්වා ලකුණු පුවරුව රැගෙන යාමට සමත් වුනා. කෙසේ වෙතත් සමස්ත තරග කාලය තුළ නාවික හමුදාව විසින් වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 38ක් පමණයි.
- යුද හමුදාව 41 (7T, 3C) – නාවික හමුදාව 38 (6T, 4C)
තරගයේ වීරයා – නාලක මදුරංග (යුද හමුදාව)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ගුවන් හමුදාව සහ Siri Lions
මෙම තරගය ජය ගැනීම ගුවන් හමුදාවට අතිශය වැදගත් එකක් වූ අතර, එසේ ජය ගැනීම ලීගයේ මුල් කණ්ඩායම් හතර රැඳීම පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම සඳහා ගුවන් හමුදාවට අත්‍යාවශ්‍ය වුනා.
ගුවන් හමුදා ක්‍රීඩකයින් ද එය සිත් හි තබා ගෙන තරගයට අවතීර්ණ වූ අතර, තරගයේ පළමු අර්ධයේ පටන් ම ඔවුන් පෙරමුණ ගනිමින් ක්‍රීඩා කිරීමට ද සමත් වුනා.
පළමු අර්ධය තුළ ගුවන් හමුදාව ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම කාලය තුළ Siri Lions විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ Siri Lions විසින් තවත් ලකුණු 10ක් වාර්තා කරනා අතරේ, ගුවන් හමුදාව විසින් සමස්ත තරගයේ උත්සාහක දිනුම් 07ක් සම්පූර්ණ කරමින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා.
- ගුවන් හමුදාව 39 (7T, 2C) – Siri Lions SC 18 (3T, 1P)
තරගයේ වීරයා – ශාමික කෞශා (ගුවන් හමුදාව)
මහනුවර සහ CR & FC
මෙතෙක් තරග වාරයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගයක් ලෙස මෙම තරගය හඳුන්වා දිය හැකි.
මහනුවර කණ්ඩායම අපරාජිත ලෙස මෙම තරගයට අවතීර්ණ වූ අතර, CR & FC ලකුණු සටහනේ පෙරමුණේ සිටිමින් තරගයට අවතීර්ණ වුනා.
මහනුවර සත්කාරකත්වයෙන් නිත්තවෙල දී ක්‍රියාත්මක වුන තරගයේ පළමු අර්ධයේ පටන් දෙපිළම ඉතා හොඳ තරගයකට අවතීර්ණ වූ අතර, පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර, මහනුවර පාර්ශවයෙන් ලකුණු 13ක් වාර්තා වුනා.
තරගයේ දෙවැනි අර්ධය පෙරටත් වඩා උණුසුම් වූ අතර එහි දී CR & FC ක්‍රීඩකයින් තවත් ලකුණු 08ක් වාර්තා කරද්දී, මහනුවර ක්‍රීඩකයින් ද තවත් ලකුණු 07ක් වාර්තා කරමින් හොඳ සටනක් ලබා දුන්නා. කෙසේ වෙතත් අවසානයේ තරගයේ ජය CR & FC කණ්ඩායම සතු වුනා.
ඒ අනුව මෙතෙක් ලීගය තුළ අපරාජිත ගමනක ආ මහනුවර කණ්ඩායමට ද සිය පළමු පරාජය මෙම සතියේ දී අත්විඳීමට සිදුවීම විශේෂත්වයක්.
- CR & FC 25 (3T, 2C, 2P) – මහනුවර 20 (3T, 1C, 1P)
මේ අනුව මෙම සතිය නිමා වන විට ලීගයේ එකදු අපරාජිත කණ්ඩායමක් හෝ ඉතිරි වී නොමැති වීම විශේෂතවයක්. කෙසේ වෙතත් තවමත් ලකුණු සටහනේ පෙරමුණ ආරක්ෂා කර ගැනීමට CR & FC කණ්ඩායම සමත් වී තිබෙනවා.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















