සංචාරක මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 5 වැනි විස්සයි විස්ස තරගය ද පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යෞවනියෝ අද (10) සමත් වෙනවා. ඒ සමඟින් තරග 5කින් යුත් මෙම තරගාවලිය 5-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක මැලේසියා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලබා ගත් අතර එම ඉලක්කය පන්දුවාර 13.5ක දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
- අසෙනි සහ විමෝක්ෂා සිව් වැනි ජයග්‍රහණයට මඟ පාදයි
- ශ්‍රී ලංකා යෞවනියෝ තෙවැනි තරගයත් ජය ගනී
- මනුදි සහ ශෂිනි ශ්‍රී ලංකාව දිනවයි
මැලේසියා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ ආරම්භක පිතිකාරිනී Mahirah Izzati Ismail. ඇය පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී Nur Dania Syuhada Abedul Samad පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුණේ ලකුණු 13කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි සහ මිතාලි අයෝද්‍යා කඩුල්ල බැගින් දවා ගන්නවා.
- වෙළඳ සේවා T20 ශූරතාව Hayleys Group A කණ්ඩායමට
- මැලේසියාවට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුදිට
- රැජිණියන්ගේ මංගල ගැටුමේ ජය අනුලා විද්‍යාලයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා. ඊට අමතර ව තරගය අවසන් වෙද්දී නායිකා මනුදි නානායක්කාර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී ලකුණු 73ක සබඳතාවක් එක් කරනවා. අද තරගයේ දී විමෝක්ෂා බාලසූරියට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 4ක් පමණක් වන අතර, තරගය ජයග්රහණයෙන් අවසන් වෙද්දී රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීය වූයේ Nur Dania Syuhada Abedul Samad.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මැලේසියා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 85 (20.0) Mahirah Izzati Ismail 36, Nur Dania Syuhada Abedul Samad නොදැවී 16, අසෙනි තලගුණේ 2/13
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 86 (13.5) සංජනා කාවින්දි 45, මනුදි නානායක්කාර නොදැවී 24, Nur Dania Syuhada Abedul Samad 2/25
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















