ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉතිහාසය විවිධාකාර මාතෘකාවන්වලින් සමන්විත ය. ඒ අතරට අවාසනාවන්ත මාතෘකා ද එක්ව තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඕනෑම පිතිකරුවෙක්ගේ බලාපොරොත්තුව තමන් ක්‍රීඩා කරන සෑම ඉනිමක දී ම ශතයක් වාර්තා කිරීමය.
එසේත් නොමැති නම් අර්ධ ශතකයක් රැස් කිරීමය. නමුත් ඔහුගේ ඉනිම ලකුණු 99 දී හෝ 49 දී අවසන් වන්නේ නම් එය කෙතරම් නම් අවාසනාවන්ත ද?
එවන් ඉනිම් කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2019/20 අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A පිටියේ වාර්තා විය.
ලක්ෂාන් එදිරිසිංහ

ඒ ලකුණු 99කින් අවසන් වූ ඔහුගේ ඉනිම, ඔහුගේ ජීවිත ඉනිමේ 27 වැනි උපන් දිනය යෙදුණ ජනවාරි 31 වැනිදා දිනයේ දී සිදු වීම සහ ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල ශතකය අහිමි කර ගැනීමත් වීම නිසාය.
බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ වාර්තා වූ මෙම අවාසනාවන්ත ඉනිම වෙනුවෙන් ලක්ෂාන් පන්දු 206කට මුහුණ දුන්නේ ය. දුවද්දී දැවී යමින් ශතකය අහිමි කර ගන්නා විට ඔහු හතරේ පහර 12ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබමින් ක්‍රිකට් පිටියට පිවිසි ලක්ෂාන් එහි දී පෑ දක්ෂතා හේතුවෙන් කොළඹ සහිරා විද්‍යාලයට පිවිස අගනුවර ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට සමත් විය.
ඔහු මෙවර තරගාවලියේ දී තරග 6ක ඉනිම් 11ක දී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 392ක් රැස් කරන්නේය. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 39.2කි. ඔහුගේ මෙම ලකුණු අතර සී. සී. සී. (69) සහ මුවර්ස් (86) කණ්ඩායම්වලට එරෙහිව රැස් කරන ලද අර්ධ ශතක දෙක ද ඇතුළත් ය.
මෙවර තරගාවලියේ දී ලක්ෂාන් යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරන්නන් අතර සැකසෙන ලැයිස්තුවේ දෙවැනියා වන්නේ දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද ලකුණු 408ට දෙවැනියා වෙමිනි.
ප්‍රියමාල් පෙරේරා

එම තරගයේ දී උඩ පන්දුවක් ලබා දෙමින් ප්‍රියමාල් පෙරේරා තම ඉනිම ලකුණු 99න් අවසන් කර ගන්නා විට පන්දු 120කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය. මෙම ඉනිම මෙවර තරගාවලියේ ප්‍රියාමාල්ගේ ඉහළම දක්ෂතාව ද විය.
ඔහුට මෙම තරගාවලියේ දී එතරම් ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර තරග 5කට මුහුණ දෙමින් ඉනිම් 9ක දී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 279ක් පමණි. එහි ඇතුළත් වූ එකම අර්ධ ශතකය ද වූයේ මෙම අවාසනාවන්ත ඉනිමයි.
ලසිත් කෘaස්පුල්ලේ

තවමත් 21 හැවිරිදි වියේ පසුවෙන ලසිත්, රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව මුත්තයියා පාර මුවර්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති තරගයේ දී මේ ලකුණු 99 වාර්තා කිරීම සඳහා පන්දු 138ක් වැය කළ අතර ඊට හතරේ පහර 10ක් ඇතුළත් කර ගන්නේය.
එය මෙවර තරගාවලියේ තමන්ගේ හොඳම ඉනිම ලෙසින් සටහන් වූ අතර ඔහු තරග 6කට සහභාගී වී ඉනිම් 10ක දී ලකුණු 330ක් වාර්තා කරන්නේය. ඊට ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද ලකුණු 53ද ඇතුළත් ය.
ඇන්ජලෝ පෙරේරා

දුවද්දී දැවී යෑමට හසුවෙමින් තම කඩුල්ල අහිමි කර ගත් ඇන්ජලෝ තරගාවලිය නිමා කරන විට තරග 6කට සහභාගී වී ඉනිම් 8ක දී ලකුණු 472ක් ලබා ගත්තේය. එහි තරගයක සාමාන්‍ය 67.14කි. එහි දී සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 148ක්, රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 74ක් සහ නොදැවී ලකුණු 52ක්, ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 51ක් ද ඔහු වාර්තා කළේය.
මිනෝද් භානුක

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව සී. සී. සී. පිටියේ දී වාර්තා වූ මෙම ඉනිමට භානුක පන්දු 131කට මුහුණ දුන් අතර ඊට හතරේ පහර 12ක් සහ හයේ පහරක් ඇතුලත් කළේය.
තරග 5ක ඉනිම 9කට මුහුණ දුන් භානුක එස්. එස්. සී. (114) සහ බී. ආර්. සී. (108) කණ්ඩායම්වලට එරෙහිව රැස් කරන ලද ශතක 2ක් ද සමඟින් ලකුණු 395ක් මෙවර තරගාවලියේ දී රැස් කරන්නේය.
කොරෝනා නිසා ක්‍රිකට් සිට මලල ක්‍රීඩාව දක්වා ක්‍රීඩාව කඩා වැටෙන්නේ මෙහෙමයි
ලකුණු 49කට දැවී ගිය අවාසනාවන්තයෝ
මේ ලැයිස්තුවේ තම අර්ධ ශතක අහිමිකර ගනිමින් ලකුණු 49කට දැවී ගිය ක්‍රීඩකයෝ සිවු දෙනෙක් ද වෙති. ඒ අතරට දේශීය ක්‍රීඩකයෝ තිදෙනෙක් සහ පාකිස්තාන ක්‍රීඩකයෙක් ද වෙති.
මේ ලැයිස්තුවේ පළමුවැනියා මෙන්ම වේගවත්ම ඉනිම වාර්තා කළ ක්‍රීඩකයා ද වන්නේ මීගමුව ක්‍රිකට් සමාජයේ ඩිල්ශාන් මුණවීර ය. ඔහු කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජයට එරෙහිව එම පිටියේ දී පැවති තරගයේ දී අවාසනාවන්තයෙක් බවට පත් වෙන්නේ තමන් මුහුණ දුන් 23 වැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුළත් කරගෙන සිටියේය.
බදුරලිය ක්‍රිකට් සමාජයේ ටී. එන්. සම්පත් මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ තරගයේ දී ලකුණු 49කට දැවී යන්නේ තමන් මුහුණ දුන් 123 වැනි පන්දුවේ දී ය. ඒ වෙද්දී ඔහු තම ඉනිම හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කරගෙන සිටියේය.
ඊට අමතරව බී. ආර්. සී. ක්‍රිකට් සමාජයේ ලිසුල ලක්ෂාන් ද මේ ලැයිස්තුවට එකතු විය. ඔහු මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව මුවර්ස් පිටියේ දී පැවති තරගයේ දී පන්දු 94කට මුහුණ දෙමින් මේ ලැයිස්තුවට එක් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත්ව තිබුණි.
මේ තරගාවලියේ අවාසනාවන්තයන්ගේ ලැයිස්තුවේ ස්ථානයක් වෙන්කරගත් එකම විදෙස් ක්‍රීඩකයා වූයේ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කළ, පාකිස්තානයේ ෆයිසාන් කාන් ය. 27 හැවිරිදි ෆයිසාන් කාන් තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 20කට පමණි. ඉනිම 35කට සහභාගී වී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව, ශතයක් සහ අර්ධ ශතයක් සමඟින් 561කි.
බදුරලිය ක්‍රීඩා සමාජය සමග දඹුල්ලේ දී පැවති තරගයේ දී ඔහු මේ අවාසනාවන්තයන්ගේ ලැයිස්තුවට ගොදුරු වෙද්දී තම ඉනිමට පන්දු 71ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 5ක් ඇතුළත් කරගෙන සිටියේ ය.
සැ.යු – මෙම ක්‍රීඩකයින් අවාසනාවන්තයින් ලෙස හැඳින්වූයේ හුදෙක් එක් ලකුණකින් දැවී යෑම නිසා පමණක් බව සලකන්න. නමුත් මොවුන් දක්ෂතා අතින් ඉදිරියෙන් සිටින ක්‍රීඩකයින් මෙන්ම ලකුණු 49ක් හෝ 99ක් රැස්කළ පිතිකරුවන් බව සිහියේ තබා ගන්න.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<





















