මෝවින් සහ මල්ෂ තුන් ඉරියව් දක්ෂතා දක්වයි

Major Clubs Limited Over Tournament 2025

3
Major Clubs Limited Over Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අද (27) ආරම්භ වූවා. එහි දී දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට මෝවින් සුබසිංහ සහ මල්ෂ තරුපති සමත් වුණා.

මෝවින් සුබසිංහ අර්ධ ශතයක් සමඟින් කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී, මල්ෂ තරුපති ලකුණු 25ක් සහ කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. මීට අමතර ව දිනයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා ලෙසින් නිපුන් කරුණානායක ද සහ දිනයේ හොඳම පන්දු යවන්නා ලෙසින් දුවිඳු රණතුංග ද කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

මේ අතර නිමා වූ තරගවල දී Bloomfield නායක නිපුන් කරුණානායක (84)ක්, Baduraliya කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා (68), Police කණ්ඩායමේ ධනුජ ඉඳුවර (61*), Tamil Union කණ්ඩායමේ සිතාර හපුහින්න (60), BRC කණ්ඩායමේ මෝවින් සුබසිංහ (59), Colts කණ්ඩායමේ සංගීත් කුරේ (51) සහ CCC කණ්ඩායමේ දේවාන් විශ්වක (51) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නන් බවට පත් වුණේ CCC කණ්ඩායමේ දුවිඳු රණතුංග (4/20),  Moors කණ්ඩායමේ මල්ෂ තරුපති (4/23) සහ Police කණ්ඩායමේ නදීර බාලසූරිය (4/26) යි.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Ace Capital CC සහ Tamil Union C & AC අතර තරගය P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital CC කඩුලු 8ක් දැවී 193 (50.0) තනුජ රාජපක්ෂ 30, නිමේෂ් ගුණසිංහ 43, හිමාෂ ලියනගේ 27, රවීන් ද සිල්වා නොදැවී 20, දනාල් හේමානන්ද 31, කලන පෙරේරා 2/29, විජයකාන්ත් වියස්කාන්ත් 3/45
  • Tamil Union C & AC– කඩුලු 7ක් දැවී 199 (43.1)සිතාර හපුහින්න 60, මිනෝද් භානුක 23, සාරුජන් සම්මුගනාතන් 40, සචිත ජයතිලක 20, භානුක රාජපක්ෂ නොදැවී 41, අනුක විජේවර්ධන 2/45, වනුජ සහන් 2/26

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Chilaw Marians CC සහ Baduraliya SC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 216 (49.5)තරිඳු අමරසිංහ 31, සම්මු අශාන් 35, කසුන් විදුර 26, සකුණ ලියනගේ 36, හර්ෂ කුරේ නොදැවී 32, රවිඳු රත්නායක 36, සෙනාල් ද සිල්වා 2/34, චානක කොමසාරු 2/45, කේශර නුවන්ත 2/38, රුචිර කෝශිත 2/38
  • Baduraliya SC– සියලුම දෙනා දැවී 198 (47.1)අලංකාර අසංක 31, ඩිල්ශාන් ද සොයිසා 68, යෙනුල දෙව්තුස 31, නිම්සර අතරගල්ල 2/40, තිමිර ඉරුශික 2/23, සම්මු අශාන් 2/37, තනුක දාබරේ 3/43

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

Police SC සහ NCC අතර තරගය Police උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • NCC– සියලුම දෙනා දැවී 143 (37.2)සහන් ආරච්චිගේ 43, දිනෙත් ගුණවර්ධන 22, චාරුක ප්‍රමෝද් 2/11, නදීර බාලසූරිය 4/26, මනුජ චන්තුක 2/20
  • Police SC– කඩුලු 2ක් දැවී 144 (28.3)ධනුජ ඉඳුවර නොදැවී 61, චතුරංග ජයතිලක 38, විශාද් රන්දික නොදැවී 30,

Police SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Colts CC සහ CCC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – සියලුම දෙනා දැවී 103 (33.2)සංගීත් කුරේ 51, දුවිඳු රණතුංග 4/20, චතුරංග ද සිල්වා 2/22, නිශාන් පීරිස් 2/16
  • CCC– කඩුලු 3ක් දැවී 104 (15.1)දේවාන් විශ්වක 51, පවන් සංදේශ් නොදැවී 39

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Nugegoda S & WC සහ BRC අතර තරගය BRC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda S & WC – කඩුලු 9ක් දැවී 233 (50.0)ටී. එම්. සම්පත් 35, පැතුම් කුමාර 43, කෙවින් පෙරේරා 35, සඳුන් මෙන්ඩිස් 44, මොහොමඩ් ශිරාස් 3/45, මෝවින් සුබසිංහ 3/40, ශෂික දුල්ශාන් 2/39
  • BRC– සියලුම දෙනා දැවී 210 (45.0)කුසල් විජේතුංග 20, රිසිර වීරසූරිය 40, මෝවින් සුබසිංහ 59, චමීර දිසානායක 19, ටී. එම්. සම්පත් 2/37, කවික ඩිල්ශාන් 2/34, අබ්දුල් හකම් 2/34

Nugegoda S & WC කණ්ඩායමට ලකුණු 23ක ජයක්.

Moors SC සහ Bloomfield C & AC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.

  • Moors – කඩුලු 9ක් දැවී 251 (50.0)රවිශාන් ද සිල්වා 28, රමේෂ් මෙන්ඩිස් 49, ශෙහාන් ප්‍රනාන්දු 31, විශාර ප්‍රනාන්දු 24, මල්ෂ තරුපති 25, හිවින් කෙනුල නොදැවී 35, ශිරාන් ප්‍රනාන්දු 24, තරින්ද නිර්මාල් 3/44, ලහිරු මදුශංක 2/28, ආදිත්‍ය රණවීර 2/50
  • Bloomfield C & AC– සියලුම දෙනා දැවී 197 (49.2)තරිඳු හර්ෂන 24, මිනෙත් ප්‍රේමරත්න 32, නිපුන් කරුණානායක 84, හිවින් කෙනුල 2/23, මල්ෂ තරුපති 4/23

Moors SC කණ්ඩායමට ලකුණු 54ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<