ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු සතියේ තරග අද (8) අවසන් වූ අතර සෑම තරගයක් ම අවසන් වෙන්නේ විසඳුමකින් තොරවයි.
BRC කණ්ඩායමේ නායක හෂාන් දුමිඳු සහ Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත ශතක ලබා ගත්තා.
>>අශේන්, ජනිත් සහ යසිරු දක්ෂතා දැක් වූවා
Police SC සහ BRC අතර තරගය කොළඹ CCC පිටියේ දී.
කාසියේ වාසිය – Police SC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් ප්‍රතිවාදී Police ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 412ක් ලබා ගන්නවා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 232ක් පිටුපස සිටිමින් පිටියට පිවිසි BRC ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවි ලකුණු 384ක් ලබා සිටියා.
BRC කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් නායක හෂාන් දුමිඳු පන්දු 269කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 152ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයයි.
ඔහු තරගය අවසන් වෙද්දී සමින්ද ප්‍රනාන්දු හා එක් ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක සබඳතාවක් ද සහ ප්‍රමෝද් මදුවන්ත හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී සමින්ද ප්‍රනාන්දු පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණ 83ක් ද සහ ප්‍රමෝද් මදුවන්ත පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 142කට කඩුලු 4ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (53.0)හෂාන් දුමිඳු 24, මොවින් සුබසිංහ 65, යසිරු රොද්‍රිගෝ 24, නලින් ප්‍රියදර්ශන 3/16, දිලුම් සුදීර 5/85
- Police SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 412 (106.4)ධනුජ ඉඳුවර 76, රශ්මික හිරුශාන් 22, අශේන් බණ්ඩාර 158, විශාද් රන්දික 48, සුපුන් මදුශංක 48, සිතුක ගුණවර්ධන 2/151, යසිරු රොද්‍රිගෝ 5/74
- BRC– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 384 (16.0)සමින්ද ප්‍රනාන්දු 83, හෂාන් දුමිඳු නොදැවී 152, ප්‍රමෝද් මදුවන්ත 50, රමින්ද විජේසූරිය 36, මොවින් සුබසිංහ 34, දිලුම් සුදීර 4/142
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Police කණ්ඩායමට)
CCC සහ NCC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
කාසියේ වාසිය – NCC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් CCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 262ක් ලබා ගන්නවා.
පළමු ඉනිමේ ලත් ලකුණු 12ක වාසියත් සමඟින් 2 වැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ එම ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 350ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
එම ඉනිමේ දී කමිල් මිෂාර පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත් අතර ඊට අමතර ව අහන් වික්‍රමසිංහ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමගින් ලකුණු 48ක් සහ නායක සහන් ආරච්චිගේ පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 100කට කඩුලු 3ක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CCC ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ශක්ති උදාර ලකුණු 46කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (70.5)නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, චාමික ගුණසේකර 26, දුවිඳු රණතුංග 3/44, නිශාන් පීරිස් 2/64, සොනාල් දිනූෂ 2/49
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 262 (62.4)ලසිත් කෲස්පුල්ලේ 28, ධනංජය ද සිල්වා 36, පවන් රත්නායක 24, සොනාල් දිනූෂ 86, දුවිඳු රණතුංග 29, ශක්ති උදාර 2/66, චාමික ගුණසේකර 2/46, සහන් ආරච්චිගේ 2/07
- NCC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 350 (72.0)නිරෝෂන් දික්වැල්ල 54, ලහිරු උදාර 45, කමිල් මිෂාර 90, අහන් වික්‍රමසිංහ 48, සහන් ආරච්චිගේ 38, කවින් බණ්ඩාර 26, චාමික කරුණාරත්න නොදැවී 20
- CCC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 124 (20.0)ලසිත් කෲස්පුල්ලේ 27, කමිඳු මෙන්ඩිස් 62, ශක්ති උදාර 2/46
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය NCC කණ්ඩායමට.)
- Major Club සුපිරි 8 වටයේ තරග අද සිට
- දමේස් මොරටු කඩුලු 9ක් බිඳ දමයි
- ශතක 3ක් සමඟින් සුලෝහිත සංග්‍රාමය විසඳුමකින් තොරව අවසන් වේ
- අශේන්, ජනිත් සහ යසිරු දක්ෂතා දැක් වූවා
- Colts CCසහ Moors SCඅතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Moors SC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 288ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Moors කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 173ක් පමණයි.
ඒ අනුව ලකුණු 115ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි Colts කණ්ඩායම එවර කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 287ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් රවිඳු රසාන්ත පන්දු 239කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකයයි.
ඔහුට අමතර ව දිනේෂ් චන්දිමාල් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ද සහ සංගීත් කුරේ පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ද ලබා ගන්නවා.
ලකුණු 402ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි Moors ක්‍රීඩකයෝ තරගය අවසන් වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත් අතර දිනය අවසන් වෙමින් තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (63.3)දිනේෂ් චන්දිමාල් 20, දනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26, මිලාන් රත්නායක 3/63, ශිරාන් ප්‍රනාන්දු 5/46
- Moors SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (.0)පළමු ඉනිම සියලුම දෙනා දැවී 173 (54.3) ජනිශ්ක පෙරේරා 44, පසිඳු සූරියබණ්ඩාර 71, කවිශ්ක අංජුල 47/2, ධනංජය ලක්ෂාන් 2/23, අකිල දනංජය 2/31, උදිත් මධුශාන් 4/34
- Colts CC – දෙවැනි ඉනිම කඩුලු 4ක්දැවී 287(74.4) රවිඳු රසාන්ත 111, සංගීත් කුරේ 54, දිනේෂ් චන්දිමාල් 75, ධනංජය ලක්ෂාන් නොදැවී 20, ප්‍රවීන් ජයවික්‍රම 3/79
- Moors SC– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 162 (51.0)ශෙහාන් ප්‍රනාන්දු 57, සදීර සමරවික්‍රම 20, පසිඳු සූරියබණ්ඩාර 24, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Colts කණ්ඩායමට.)
Bloomfield C & AC සහ Ace Capital CC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Ace Capital CC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 436ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Bloomfield ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 357ක් ලබා ගන්නවා.
එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී ජනිත් ලියනගේ ශතකයක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව අද දවසේ දී තරිඳු හර්ෂන පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණ 89ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර ලකුණු 96කට කඩුලු 4ක් ද, වනුජ සහන් ලකුණු 58කට කඩුලු 3ක් ද සහ රොෂාන් ජයතිස්ස ලකුණු 58කට කඩුලු 2ක් ද දවා ගන්නවා.
ලකුණු 79ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තරගය විසඳුමකින් තොරව අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පවන්ත වීරසිංහ. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා. ඊට අමතර ව තරගය නතර කරන විට කවිඳු කුලසේකර පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 72කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Ace Capital CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 436 (122.3)පවන්ත වීරසිංහ 74, නිමේෂ ගුණසිංහ 161, තීරක රණතුංග 36, කවිඳු කුලසේකර 54, රවීන් ද සිල්වා නොදැවී 38, රොෂාන් ජයතිස්ස 24, රවිඳු ප්‍රනාන්දු 2/82, ජෙෆ්රි වැන්ඩර්සේ 4/116, දුවිඳු තිලකරත්න 2/68
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 357 (84.5)කසුන් අබේරත්න 39, රොන් චන්ද්‍රගුප්ත 27, ජනිත් ලියනගේ 136, තරිඳු හර්ෂණ 89, රවිඳු ප්‍රනාන්දු 21, ඉසිත විජේසුන්දර 4/96, වනුජ සහන් 3/124, රොෂාන් ජයතිස්ස 2/58
- Ace Capital CC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 203 (51.0)පවන්ත වීරසිංහ 58, රනේෂ් සිල්වා 34, කවිඳු කුලසේකර නොදැවී 42, ඉසිත විජේසුන්දර 20, රවිඳු ප්‍රනාන්දු 2/75, ජෙෆ්රි වැන්ඩර්සේ 4/72
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Ace Capital CC)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















